මෛත්‍රී පාලනයෙන් නිර්වානය අපේක්ෂා කළ හැකි ද?
මෛත්‍රී පාලනය තුළ සතියක් ගෙවී ගියේ ය. සතියක් යනු එතරම් දිගු කාලයක් නො වේ. එහෙත්, මේ සතිය තුළ අනාගතය ගැන වැදගත් සංඥා කීපයක් ම දකින්නට ලැබිණි. එම සංඥා මෙසේයි: මෙය විප්ලවයක් නොව බල සීරුමාරුවකි සිදු වී තිබෙන්නේ ධනවාදයේ අර්බුදය පුපුරා ගොස් එහි ස්වරූපයේ වෙනසක් සිදු වීම මිස සමාජවාදී විප්ලවයක් නොවන බව මතක තබාගෙන කටයුතු කළ යුතු ය. එහෙයින් ඇතැමුන් අපේක්ෂා කරන ආකාරයේ දැවැන්ත සමාජ විපර්යාසයක් සිදු වන්නේ නැති බව කණගාටුවෙන් වුවත් කිව යුතු ය. එවැනි බලාපොරොත්තු තබාගෙන සිටි අයට අලුත් කලකිරීම් ඇති කර ගැනීමට සිදු වනු ඇත. එහෙත් සුබවාදී නොවී සිටිය යුතු බවක් එයින් අදහස් වන්නේ නැත. වඩා වැදගත් වන්නේ සුබවාදී වෙමින්, අධෛර්ය නො වෙමින් අරගලය පවත්වාගෙන යාමයි. මෛත්‍රීපාල සිරිසේන යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි සාමාන්‍ය ඇමතිවරයකු මිස සුවිශේෂ අරගලකරුවකු නො වේ. ඔහු වනාහි දහඅටවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කිරීම වැනි අධම ක්‍රියාවලට අත එසවූ අයෙකි. ඔහු තුළ යම් සරළකමක් දක්නට ලැබිණි. මහින්ද රාජපක්ෂගේ මජර ක්‍රමය වෙනස් කිරීමේ අරගලයට නායකත්වය දීමේ අභියෝගාත්මක, එඩිතර තීරණයකට ...