මෛත්‍රීපාල සිරිසේන, සිරිපාල ගම්ලත් එජාපෙට යටින් වැඩ


(2009 දෙසැම්බර් 23 - W3Lanka) දැනට රටේ පවතින සහල් මිළ ඉහළ යාමේ තත්වයත් සමග කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා සංවරධන ඇමති මෛත්‍රීපාල සිරිසේන හා ගොවිජන සේවා ඇමති සිරිපාල ගම්ලත් හොර රහසේ එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන්නේ ද යන සැකයක් මතු වී තිබේ.


එ.ජා.ප.යට සම්බන්ධ ඇතැම් ව්‍යාපාරිකයන් සහල් සඟවා තබාගෙන සහල් හිඟයක් රට තුළ පවතින්නේ යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මේ දිනවල උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ජනතාවට අවශ්‍ය සහල් පිටරටින් ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව මහනුවර ජනාධිපති මන්දිරයේ ඊයේ පැවැති රැස්වීමකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය. ඒ අනුව පකිස්ථානය, වියට්නාමය හා පිලිපීනය යන රටවල් සමඟ දැනටමත් මේ පිළිබඳව සාකච්ඡා කැර ඇතැයිද ඔහු පවසයි.


ඉහත නම් සඳහන් කරන ලද පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරුන් දෙදෙනා සහල් තොග සැපයුම් සිදු කරන රටේ ප්‍රධානත ම සමාගම් හිමිකාරිත්වය සමග ඍජුව ම සම්බන්ධ ය.


1977 දීත් මේ ආකාරයටම අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගනිමින් දේශපාලන අරමුණ වෙනුවෙන් ඇතැම් ව්‍යාපාරික පිරිස් ක්‍රියා කළ බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය.








Comments

  1. ඇයි දැන් මහින්දට ඌගේ ලේකම්වත් ෂුවර් නැද්ද බොලං

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා