ලාංකික දේශපාලනයේ බලවේග පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය. එහිදී 2015 ජනවාරි 8 දින දක්නට ලැබුණු බෙදුම් කඩනය ඒ අන්දමින් ම තවමත් ක්‍රියාත්මක වන ආකාරය හා එය වඩා ශක්තිමත් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දැකිය හැකි ය. රාජපක්ෂ බලවේගයත්, එහි නූල් සූත්තරවලින් නැටවෙන සෙසු අන්තවාදීනුත් රඟන්නේ එ් දවස්වල රැඟූ ඓතිහාසික භූමිකාවන් ම වීම සුවිශේෂ ය. එසේම, සිංහල හා දෙමළ ජාතිවාදීන් අතර ඇති වී තිබෙන්නේ අපූරු සන්ධානයකි. වාසුදේව - විග්නේශ්වරන් දෙහූරන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිර්මානය කරන නාටකීය ගැටුම මෙසේ ය: විග්නේශ්වරන් කල්ලිය උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනු, ජනතාවගේ ඉඩම් ආපසු දෙනු යයි කියන විට වාසුදේව කල්ලිය ඔන්න හමුදා කඳවුරු ඉවත් කරනවෝ, ත්‍රස්තවාදය නැගිටිනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යයි කියන විට, වාසුදේව කල්ලිය ඔන්න කොටින්ට නිදහස දෙනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින විට, වාසුදේව කල්ලිය රට බෙදනවෝ යි කෑ ගසති. විග්නේශ්වරන් කල්ලිය උතුරේ බලෙන් බෞද්ධ සංකේත පිහිටුවීම නවත්වන්නැ...
අපොයි බාහු... ඔබතුමා කරන්න හදන්නේ LTTE කොන්ත්‍රාත් එකක් නේද? මේ හරහා බටහිරට අවශ්‍ය යුධ අපරාධ චෝදනා ඔප්පු කරන්න සාක්ෂි එකතු කරගන්න පුළුවන්. ඔබතුමගේ අරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමද නැතිනම් රටේ යුධ නායකයො අන්තර්ජාතික යුධ අධිකරණයට ගෙනියන්න එයාලට අවශ්‍ය සාක්ෂි එකතු කරල දෙන එකද? කොහොම වුණත් බාහු සහෝදරයා වැඩේ අන්තිම කැතයි. කරන්න වැඩක් නැත්නම් රට පාවා දෙන්නෙ නැතිව ගෙදරට වෙලා ඉන්න.
ReplyDeleteබාහුට ජය වේවා!
ReplyDeleteProbably the only honest politician in Sri Lanka.
That's why he can never win. All the others twist their words and policies for money and fame. But not this man. What ever happens, he does not change his policies.
යුධ අපරාධ කෙසේ වෙතත් දෙන්නම අපරාධකාරයො වෙන්න පුඵවන් තමයි. එසේම සියඵම ද්‍රවිඩ ජාතිකයන් LTTE ලෙස අර්ථකතනය කිරීම අන්තවාදී ජාතිවාදයයි. යුද්ධයේදී සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව මර්ධනය කෙරුනේද යන්න සොයා බැලීම LTTE යට සහය දැක්වීමක් නොවේ. එය මනුෂ්‍යත්වයේ වගකීමයි. අද දකුණේ සිදුවන මර්ධනයන් ඝාතනයන් අසත්‍ය ඒත්තු ගැන්වීම් නොදුටුවා සේ සිටින අපේක්ෂයන්ගේ පාක්ෂිකයන් එතරම් දුර දැකිය හැකි මනුෂ්‍යත්වයකින් යුක්ත වීමට කොහෙත්ම ඉඩක් නැත.
ReplyDelete