වික්‍රමබාහුගේ පක්ෂයේ ගම්පහ නාම යෝජනාව සහ කවුද මගේ අමුඩේ රුන්නේ කතාව
වාමාංශික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත පිළිබඳ ගැටලුවක් ඇති වී තිබේ. රජයේ මාධ්‍ය විසින් මතු කර තිබෙන කාරණය වන්නේ නාම යෝජනා පත්‍රයේ ව්‍යාජ තොරතුරු ඇති බවයි. කියන අන්දමින් නම්, ඇතැම් අපේක්ෂකයෝ සම්පූර්ණයෙන් ම ව්‍යාජ ය. මේ පිළිබඳ කරුණු දැක්වීම සඳහා වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා 15දා ගම්පහ පොලිසියේ පෙනී සිටින්නට නියමිත ය. නෙත් එෆ්. එම්. රේඩියෝවට ඔහු පළ කළ අදහස අනුව එම නාම යෝජනාවට ව්‍යාජ නම් ඇතුළත් කර ඔවුන් අපහසුවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබී ඇත. එක්තරා ගමරාළ කෙනෙකු තමන්ගේ අමුඩේ මළ පහ කළේ කවුදැයි ඇසූ බවක් ජන වහරේ තිබේ. කුමන්ත්‍රණ න්‍යායයන් සම්බන්ධයෙන් වාමාංශිකයෝ කොහොමත් ඔස්තාද්ලා ය. වාමාංශික පෙරමුණ වැනි පක්ෂවලට දිස්ත්‍රික්කයක නාම යෝජනා සැකසීම සඳහා අපේක්ෂකයන් හතළිහකට වඩා සොයා ගැනීම දුෂ්කර බව ඇත්තකි. එහෙම වී තිබෙන්නේ තම තමන්ගේ ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵල නිසා බව ඔවුන් කවදාවත් තේරුම් ගන්නවාද යන්න නම් ප්‍රශ්නයකි. වාමාංශික පෙරමුණේ ක්‍රියාධරයකු හා බීබීසී ජනමාධ්‍යකරුවකු වන චන්දන කීර්ති බංඩාර පසුගියදා ආණ්ඩුවෙන් පොළී රහිත වාහන ණයක් ඉල්ලා සිටියේ ය. ආණ්...