Posts

Showing posts with the label ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

වික්‍රමබාහුගේ පක්ෂයේ ගම්පහ නාම යෝජනාව සහ කවුද මගේ අමුඩේ රුන්නේ කතාව

Image
වාමාංශික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත පිළිබඳ ගැටලුවක් ඇති වී තිබේ.  රජයේ මාධ්‍ය විසින් මතු කර තිබෙන කාරණය වන්නේ නාම යෝජනා පත්‍රයේ ව්‍යාජ තොරතුරු ඇති බවයි. කියන අන්දමින් නම්, ඇතැම් අපේක්ෂකයෝ සම්පූර්ණයෙන් ම ව්‍යාජ ය.  මේ පිළිබඳ කරුණු දැක්වීම සඳහා වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා 15දා ගම්පහ පොලිසියේ පෙනී සිටින්නට නියමිත ය.  නෙත් එෆ්. එම්. රේඩියෝවට ඔහු පළ කළ අදහස අනුව එම නාම යෝජනාවට ව්‍යාජ නම් ඇතුළත් කර ඔවුන් අපහසුවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබී ඇත.  එක්තරා ගමරාළ කෙනෙකු තමන්ගේ අමුඩේ මළ පහ කළේ කවුදැයි ඇසූ බවක් ජන වහරේ තිබේ. කුමන්ත්‍රණ න්‍යායයන් සම්බන්ධයෙන් වාමාංශිකයෝ කොහොමත් ඔස්තාද්ලා ය.  වාමාංශික පෙරමුණ වැනි පක්ෂවලට දිස්ත්‍රික්කයක නාම යෝජනා සැකසීම සඳහා අපේක්ෂකයන් හතළිහකට වඩා සොයා ගැනීම දුෂ්කර බව ඇත්තකි. එහෙම වී තිබෙන්නේ තම තමන්ගේ ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵල නිසා බව ඔවුන් කවදාවත් තේරුම් ගන්නවාද යන්න නම් ප්‍රශ්නයකි. වාමාංශික පෙරමුණේ ක්‍රියාධරයකු හා බීබීසී ජනමාධ්‍යකරුවකු වන චන්දන කීර්ති බංඩාර පසුගියදා ආණ්ඩුවෙන් පොළී රහිත වාහන ණයක් ඉල්ලා සිටියේ ය. ආණ්...

බාහුට පහර දීම හා මතයක් දැරීමේ අයිතිය

Image
( 2010 දෙසැම්බර් 08,  W3Lanka )  කටුනායක ගුවන් තොටුපලෙන් ලංකාවට පැමිණි වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා සමග පැමිණි පිරිසකට හා ලංකා ඊ නිව්ස් හා සිරස මාධ්‍යකරුවන් දෙදෙනෙකුට මැරවර පිරිසක් පහර දී ඔවුන් ගමන් ගත් වාහනයට ද අලාභ හානි කර ඇති බව වාර්තා වේ.  වික්‍රමබාහු සහෝදරයා හා වාමාංශික පෙරමුණ වනාහි දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම පිළි ගන්නා ට්‍රොට්ස්කිවාදී වාමාංශිකයන් බව ප්‍රසිද්ධ කරුණකි. එම මතය දරන්නට හා ඒ අනුව දේශපාලනය කරන්නට ඔවුන්ට අයිතියක් ඇත. රටේ අධිපති මතවාද කොයි අන්දමින් වෙනස් වුණත් ඔවුහු කිසි දිනෙක සිය මතය වෙනස් කළේ නැත. එසේ ම එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ද නැත.  වික්‍රමබාහු සහෝදරයා ලන්ඩනයේදී කළ කතා ආදිය ලංකාවේ ප්‍රසිද්ධ වී තිබුණු අතර ඔහු පිළිබඳ පරීක්ෂණයක් කරන්නට අවශ්‍යව තිබිණි නම් කළ යුතුව තිබුණේ ඔහු අත්අඩංගුවට ගැනීමයි. එහෙත් එසේ කරන්නට කොන්දක් නො තිබුණු අය කර ඇත්තේ ගුවන් තොටුපල ආශ්‍රිත ජාවාරම්කාර මැරවරයන් පිරිසක් ලවා ඔහු සමග පැමිණි පිරිසකට හා මාධ්‍යවේදීන්ට පහර දීමයි.  වික්‍රමබාහු සහෝදරයා කොටියෙක් හෝ දෙමළ ජාති...

හැදුනුම්පතක් නැති වික්‍රමබාහු

Image
(2010 ජනවාරි 26 -W3Lanka) වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ ජාතික හැඳුනුම්පත පරණ ය. අපැහැදිලි ය. ඔහු කොම්පඤ්ඤවීදියේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කරන්න ගියේ කලකට ඉහත බස්නාහිර පළාත් සභාවෙන් ඔහු පළාත් සභා මන්ත්‍රි කාලයේ නිකුත් කරන ලද පරණ හැඳුනුම්පතක් රැගෙන ය. පවතින නීති අනුව ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට නො හැකි විය. පසුව බාහු ඡන්දය ප්‍රකාශ කළේ මැතිවරණ කොමසාරිස් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිට දුරකථනයෙන් කතා කර අවසර ලබා දීමෙන් පසු ය. මේ සිද්ධිය ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද?

දෙමළ ජාතික සන්ධානයේ සිවාජි සහ ශ්‍රීකාන්ත බාහුට සහාය පළ කරති

Image
(2010 ජනවාරි 01 -W3Lanka)   ජනාධිපතිවරණය පිළිබඳව තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානය තවමත් අසමත් වී තිබෙන අතරතුර එම සන්ධානයේ තවත් අපේක්ෂකයෙක් පසුගියදා වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට සහාය පළ කළේය. එම මන්ත්‍රීවරයා එන්. ශ්‍රීකාන්තයි. නව සමසමාජ පක්ෂයේ 32වන සංවත්සර රැස්වීමට සහභාගි වෙමින් ඔහු මේ බව නිවේදනය කළේය. ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන එම්. කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ද වික්‍රමබාහුට සහාය පළ කර තිබෙන අතර මේ දෙදෙනා එක් වේදිකාවක සිට දෙසැම්බර් 30දා කොළඹ නව නගර ශාලාවේ පැවති රැස්වීමක් ඇමතූහ.   නව වසරේ මේ වන විට මේ දෙපළ යාපනයේ එකට ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් සිටිති. දෙමළ ජාතික සන්ධානයේ තවත් මන්ත්‍රීන් ගණනාවකගේ සහයෝගය ඉදිරි කාලයේදී තමන්ට ලබෙනු ඇති බවට වික්‍රමබාහු බලාපොරොත්තු පළ කළේය.

සිරිතුංග ජයසූරිය අන්තර්ජාලයේ

Image
(2009 දෙසැම්බර් 23 - W3Lanka ) එක්සත් සමාජවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සිරිතුංග ජයසූරියගේ මැතිවරණ ප්‍රකාශය එළි දැක්වීමේ හා එම පක්ෂයේ වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයක් අද (බදාදා) පෙ.ව. 10.30ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එක්සත් සමාජවාදී පක්ෂයේ නිල වෙබ් අඩවිය වෙත www.lankasocialist.com ඔස්සේ පිවිසිය හැකි ය. තවත් සමාජවාදී අපේක්ෂකයෝ දෙදෙනෙක් මෙවර ජනාධිපතිවරණයට තරග කරති. එනම්, වාමාංශික පෙරමුණේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ සමාජවාදී සමානතා පක්ෂයේ විජේ ඩයස් ය.

දෙදෙනා ම යුද අපරාධකරුවෝ - වික්‍රමබාහු

Image
(2009 දෙසැම්බර් 16 - W3Lanka )   2010 ජනාධිපතිවරණයට තරග කරන වාමාංශික පෙරමුණේ අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය මැතිවරණ ව්‍යාපාරයේ තේමාව බවට පත් කරගෙන ඇත්තේ යුද අපරාධකරුවන් එපා යන්නයි. මෙකී තේමාවෙන් වික්‍රමබාහු කරුණාරත්නට සහාය පළ කරන පළමු රැළිය දෙසැ. 17 සවස 3.00 ට ආමර් වීදියේ බ‍්‍රයිට්න් හෝටලයේදී පැවැත්වේ. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ම යුද අපරාධකරුවන් බව වාමාංශික පෙරමුණ පෙන්වා දෙයි.