හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා


(2009 දෙසැම්බර් 05 - W3Lankaතමන්බලයට පත් වුවහොත් බටහිර රටවල් සමග සාකච්ඡා කර සැකයන් දුරලා සබඳතා යථාවත් කර ගනිමින් නො බැඳි පිළිවෙත ඉදිරියට ගෙන යන බව විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ඉන්දියාවේ අවුට්ලුක් වෙබ් අඩවියෙහි සතරූපා බට්ටාචාර්ය සමග සම්මුඛ සාකච්ඡාවකදී පවසයි. 


කලාපයේදී අප ඉන්දියාවේ ආරක්ෂක හැඟීම් අවතක්සේරුවට ලක් නො කළ යුතු බව ද අප ඉන්දියාවේ මිතුරකු විය යුතු බව ද ඔහු පවසයි. ශ්‍රී ලංකාව කිසි විටක ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නො වන බව අවබෝධ කළ යුතු බව ද ඔහු පවසයි.


චීනය සමග ලංකාව පවත්වා ඇති දීර්ඝ කාලීන සම්බන්ධය මූලෝපායික නො වන සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ එකක් බව ඔ ඔහු පවසයි. 


ඔක්තෝබර් 15දා සිදු විය හැකි හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳව ඉන්දියාවට දැන්වීම පිළිබඳව විමසූ විට ෆොන්සේකා පවසන්නේ එය බීමතින් කළ දෙයකැයි තමන්ට සිතෙන බවයි. රජයට තම හමුදාව පිළිබඳ විශ්වාසය තැබිය නො හැකි නම් එයට තම කාර්යය කළ නො හැකි බව ද ඔහු පවසයි. 


බලය බෙදීම පිළිබඳ කාරණයේදී තමන් 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට වැඩි දෙයක් වෙනුවෙන් පෙනී සිටින බව කියන ෆොන්සේකා මේ පිළිබඳව විපක්ෂ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන බව ද, කාටත් පිළි ගත හැකි විසඳුම හොඳ ම එක බව ද පවසයි.


සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව කියවන්න




Comments

  1. කව්රැත් බලය ගන්න කොට මරේ මරැ. ඒත් බලය අරගෙන ඇහැරෙනකොට අපිට කෙළවෙලා. ඒකයි අපිට බය සරත් මහත්තයෝ.

    ReplyDelete
  2. what a loser !

    he is still whining about things that apparently did not happen . even indians basically said he was a liar, when he said india placed its military on alert due to coup rumors here .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්