Posts

Showing posts with the label 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව

ජාතිවාදීනට ආණ්ඩුවෙන් සමු ගන්න කල එළඹෙමින් තිබේ

Image
(2011 මැයි 08,   W3Lanka )  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් හෙළා දැකීමේ පඹයන් පිළිස්සීම්, මාරාන්තික උපවාස ආදී මළ විකාරවලට ඉඩ නො දී එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට උපරිම ආරක්ෂාව සලසන ලෙස චීනය හා රුසියාව ලංකාවේ ආණ්ඩුවට උපදෙස් දී ඇති බව අද ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරයි. ඉල්ලීම නො තකා එවැනි ක්‍රියා කරන්නට ගියහොත් ලංකාවට දෙන සහයෝගය ඉවත් කර ගන්නා බව ද එම දෙරට විසින් දැනුම් දී තිබේ. ඒ අනුව, ආණ්ඩුව සිය උද්ඝෝෂක හා උපවාසකාර වඳුරන් කූඩු කර ඇති අතර, ජනතාව කුපිත කිරීම විදේශිකයන්ට නො තේරෙන සිංහල දිනමිණ හා දිවයින පත්තර දෙකට භාර දී ඇත. සිම්පල් වැඩක් ලෙස සිතා විකල්ප එක්සත් ජාතීන්ගේ සංවිධානයක් හදන්නැයි විමල් වීරවංශ කළ යෝජනාවට කුමක් වේදැයි අපි නො දන්නෙමු.  මේ වනාහි ලංකාවේ ආණ්ඩුවට එරෙහිව තිබෙනවා ය කියන 'කුමන්ත්‍රණයේ' ම කොටසකි. චීනය හා රුසියාව ලවා ම ලංකාව ආපසු ගෝලීය ධනවාදයේ ට්‍රැක් එකට හෙවත් මාර්ගයට දමා ගැනීමට බටහිර අකැමැති නො වනු ඇත. ලංකාවේ පාලකයන්ගේ බටහිර විරෝධය යනු ගෝලීය ධනවාදයට එරෙහි එකක් නො ව, ‍පසුගාමී පවුල්වාදී, ජාතිවාදී හා ආගම්වාදී බලපෑම් නිසා සිදු ...

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා

Image
(2009 දෙසැම්බර් 05 - W3Lanka )  තමන්බලයට පත් වුවහොත් බටහිර රටවල් සමග සාකච්ඡා කර සැකයන් දුරලා සබඳතා යථාවත් කර ගනිමින් නො බැඳි පිළිවෙත ඉදිරියට ගෙන යන බව විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ඉන්දියාවේ අවුට්ලුක් වෙබ් අඩවියෙහි සතරූපා බට්ටාචාර්ය සමග සම්මුඛ සාකච්ඡාවකදී පවසයි.  කලාපයේදී අප ඉන්දියාවේ ආරක්ෂක හැඟීම් අවතක්සේරුවට ලක් නො කළ යුතු බව ද අප ඉන්දියාවේ මිතුරකු විය යුතු බව ද ඔහු පවසයි. ශ්‍රී ලංකාව කිසි විටක ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නො වන බව අවබෝධ කළ යුතු බව ද ඔහු පවසයි. චීනය සමග ලංකාව පවත්වා ඇති දීර්ඝ කාලීන සම්බන්ධය මූලෝපායික නො වන සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ එකක් බව ඔ ඔහු පවසයි.  ඔක්තෝබර් 15දා සිදු විය හැකි හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳව ඉන්දියාවට දැන්වීම පිළිබඳව විමසූ විට ෆොන්සේකා පවසන්නේ එය බීමතින් කළ දෙයකැයි තමන්ට සිතෙන බවයි. රජයට තම හමුදාව පිළිබඳ විශ්වාසය තැබිය නො හැකි නම් එයට තම කාර්යය කළ නො හැකි බව ද ඔහු පවසයි.  බලය බෙදීම පිළිබඳ කාරණයේදී තමන් 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට වැඩි දෙයක් වෙනුවෙන් පෙනී සිටින බව කියන ෆොන්සේකා මේ පිළිබඳව විපක...