සිංහල ඊ-අන්තර්ගතයන් නිර්මානය කිරීමේ දේශපාලනය
අජිත් පැරකුම් ජයසිංහ -
ලේඛකයා ඇතුළු කුඩා කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන www.w3lanka.com වෙබ් අඩවිය හා අනුබද්ධ w3lanka.blogspot.com බ්ලොග් අඩවියට 2009 තොරතුරු තාක්ෂණ වසර වෙනුවෙන් පවත්වන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ හොඳම කාලීන හා සමාජීය බ්ලොග් අඩවිය සඳහා වන සම්මානය හිමි විය.
අප මෙම තරගාවලියට ඇතුල් වුණේ එම තරගාවලියට සම්බන්ධ බ්ලොග් සින්ඩිකේටරය ඔස්සේ අපට අලුත් ග්‍රාහක පිරිසක් වෙත ප්‍රවේශ වීමට තිබුණු අවස්ථාව පාවිච්චි කිරීමටයි. ඇත්තම කියන්නේ නම් ඒ වන විට අප වම ඉලක්ක කරමින් වෙබ් අඩවි පවත්වාගෙන යාමෙන් හෙම්බත් වී සිටියෙමු. පරිගණකයක්, අන්තර්ජාල සබඳතාවක් පවා නොමැතිව, තාක්ෂණය අඳුරේ අතපත ගාමින් 2005දී අප අන්තර්ජාලයට පිවිසුණේ එහි ඇති අනාගත දේශපාලනික විභවයන් පිළිබඳ ඉවකිනි. කම්කරුවන් අන්තර්ජාලය පරිහරණය කරන දවසක් ගැන අප කතා කරන විට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පිටුපස සිට වාමාංශික සහෝදරවරු අපට සිනාසුණහ. වසර පහක් ගෙවෙන විට කෘෂි රසායන සමාගම් ගොවීන් වෙනුවෙන් සිංහලෙන් වෙබ් අඩවි විවෘත කරමින් සිටිති. අපට සිනා වූ බොහෝ දෙනෙක් දැන් අපේ ෆේස් බුක් යාලුවෝ ය. මොඩ් වීම ගැන කතා කරමින් වමට හිනා වූ, සුවඳ විලවුන් ගැන පවා කතා කළ ඇතැම් දාර්ශනිකයන් දැන් අපට චෝදනා කරන්නේ අප අන්තර් පුද්ගල සබඳතා ගැන නො සලකා සයිබර් අවකාශයේ සැරිසරමින් සිටින බව කියමිනි.
දේශපාලනයේදී අන්තර් පුද්ගල සබඳතා හා සංවිධානවල ඇති ජීවයෙන් අංශු මාත්‍රයක් හෝ ෆේස්බුක් හෝ වෙනත් අන්තර්ජාල සමාජ ජාල යාලුකම්වල නැති බව අපි එකහෙළා ම පිළිගනිමු. එහෙත්, මේ මොහොතේ අන්තර්ජාලයේ සිංහල ඊ-අන්තර්ගතයන් නිර්මානය කිරීම අතිශය දේශපාලනික කාර්යයක් බව අපි විශ්වාස කරමු. කොළඹ හතේ සිට දඹාන දක්වා අතින් අතට ජංගම දුරකථන බෙදූ සමාගම් දැන් වෙළඳපොළ තවත් පුළුල් කර ගැනීම පිණිස අන්තර්ජාල සම්බන්ධතා බෙදමින් සිටිති. මේ ලේඛකයා ජංගම දුරකථන ගැන දන්නා ප්‍රමාණයට වඩා බොහෝ දේ ප්‍රාථමික පන්තිවල ළමෝ දනිති. ලේඛකයා දැනට අන්තර්ජාලයෙන් වැඩ දමමින් සිටියත් නොබෝ දිනකින් ඔහුට එහිදී ද අත් වන්නේ ඒ ඉරණම ම විය හැකි ය. අන්තර්ජාලය මිට වඩා ජනතාවට සමීප වන දිනයක මේ ප්‍රයිමරි පොඩිත්තෝ ද බ්ලොග් පවත්වාගෙන යනු ඇත.
වෙබ් අඩවි නිර්මානය හා පවත්වාගෙන යාම සුවිසල් තාක්ෂණික දැනුමක් හා මුදල් අවැසි ප්‍රභූ වැඩකි. ඒ දැනුම සාමාන්‍ය ජනයාගෙන් ඈත් කර තබා ගැනීමට තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ කැමැත්තක් දක්වති. ඔවුන්ට විශේෂඥයන් විය හැක්කේ ඒවා පොදු ජනයා නො දන්නා තරමට ය. බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම අන්තර්ජාලය ගැන සුළු දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට පුළුවන. ගූගල්, යාහු වැනි සමාගම්වල ප්‍රාග්ධනය හා දැන්වීම් ප්‍රචාරණය මෙහි ඇතත්, එය රූපවාහිනියේ ප්‍රවෘත්ති අතර විකාශය වන දැන්වීම් වැනි වාතයක් වී නැත.
අන්තර්ජාලයේ සිංහල භාවිතය පිළිබඳ නො දැන සිටි අපට ඒ පිළිබඳව මුලින් ම කියා දුන්නේ දෙමළ සහෝදරයෙකි. සිංහල ජාතියේ මුර දේවතාවුන් බොහෝ දෙනෙකු අන්තර්ජාලයේ සිංහල භාවිතය ගැන අන්දෝ සංසාරයක් නො දනිති. හොඳ ම උදාහරණය හෙළ උරුමයේ සිංහල නෙට් වෙබ් අඩවියයි. එහි ඇත්තේ 'පර සුද්දාගේ තුප්පහි ඉංගිරිසිය' පමණි. එහෙත්, දිවයින ඇතුළු උපාලි සමාගමේ පුවත්පත් නම් මෑතකදී සිංහල යුනිකෝඩ් භාවිතයට හැරිණු බව කියන්නේ ඒ සඳහා වූ ගෞරවය ඔවුනට හිමි විය යුතු බැවිනි.
අන්තර්ජාලයේ සිංහල භාෂාව ප්‍රවර්ධනය කරන්නත්, සිංහල ඊ-අන්තර්ගතයන් නිර්මානය කරන්නත්, ඒ වෙනුවෙන් මහජන මුදලින් නඩත්තු වන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය හා එහි නියෝජිතායතන ඇතුළු රජයේ ආයතන ඉතා සුළු වැඩ කොටසකුත්, ස්වේච්ඡාවෙන් වැඩ කළ සැබෑ නවීන භාෂා ප්‍රේමීන් සුවිසල් වැඩ කොටසකුත් කළහ. නිදසුනක් ලෙස සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙහෙයවූයේ රාජකීය විද්‍යාලයේ සුපුන් සුදාරක වැනි උසස් පෙළ සිසුන් පිරිසකි. රජයේ තොරතුරු තාක්ෂණ කෙරුවාවේ නිරුවත මේ දරුවන් විසින් පවත්වාගෙන යන www.sahithya.lk වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරන්නේ මෙසේ ය. "පාසල් අංශය නියෝජනය කරමින් බ්ලොග්කරණ තරගාවලිය සඳහා තරගවැදි පාසල් අතර හොඳම පාසලට හිමි සම්මානය හිමි වූයේ නැත. එමෙන්ම නැණසළ අංශය වෙත හිමි සම්මානයද ප්‍රදානය කරන ලද්දේ නැත. බලාපොරොත්තු වූ ශක්‍යතා මට්ටම වෙත සපැමිණීමට නොහැකි වීම එයට හේතුවයි."
මයික්‍රොසොෆ්ට් කොම්පැනියෙන් ලැබෙන වරදාන වෙනුවෙන් ඈත ගම් නියම් ගම්වල පවා පරිගණක එකලස් කරන්නන් හා අලුත්වැඩියා කරන්නන් වෙත පොලිසිය එවා හොර වින්ඩෝස් කොපි අල්ලන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය එකක් දැන ගත යුතු ය. එනම් හොර කොපි නැත්නම් ලංකාවේ තොරතුරු තාක්ෂණයක් නැති බව ය. මයික්‍රොසොෆ්ට් ආධිපත්‍යයට විසඳුම වන විවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතය ප්‍රචලිත කිරීම වෙනුවෙන් රජයේ ආයතන කර ඇත්තේ කුමක් ද? කොම්පියුටර් කඩයක් ගානේ පොලිසිය එවන රජයට අවශ්‍යතාවක් ඇත්නම් පරිගණක එකලස් කරන්නන්ට හා අලුත්වැඩියා කරන්නන්ට සිංහල අකුරු ස්ථාපනය කරන හැටි කියා දෙන්නට තිබිණි. ඔවුන් අඩු තරමේ එයවත් කළේ නැත. කොළඹ පැවැත්වෙන මහ ලොකු ඊ-ඒෂියාවලින් තොරතුරු තාක්ෂණය පොදු ජනයා වෙත ගෙන යාමට වන මෙහෙය අල්ප ය. දැන් ගූගල්, යාහු වැනි ඕනෑම සෙවුම් යන්ත්‍රයක් හරහා සිංහලෙන් දත්ත පරිශීලනය කළ හැකිය. සුව්සල් කරුණු සම්භාරයක් දැන් සිංහල ඊ-අන්තර්ගත කෝෂයේ ඇත. මෙය තව තවත් පුළුල් කළ යුතු ය. අප කියන්නේ මෙය දේශපාලනික කාර්යයක් බවයි. අන්තර්ජාලය පොදු ජනයා අතරට ගෙන යාම සඳහා මෙය අත්‍යවශ්‍ය ය. රජය මෙය නො කරන්නේ පීඩිතයන් තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වීම ඔවුන් බියෙන් සළිත කරන්නක් නිසා ය.
අන්තර්ජාලය පොදු ජනයා අතරට ගෙන යාමෙන් කළ හැකි තවත් අතිශය ප්‍රගතිශීලී කාර්යයක් වන්නේ ජනමාධ්‍යවේදියා යන අං තට්ටුව පැළඳගෙන සමාජයේ සැරිසරන උඩඟු ජනමත නිර්මානකරුවාගේ ආධිපත්‍යය බිඳ දැමීමට හැකි වීමයි. සිංහල ලියන්නට කියවන්නට හැකි ඕනෑම කෙනෙකුගේ ප්‍රකාශනයේ නිදහස සඳහා අන්තර්ජාලයේ වැඩි ඉඩක් ඇත. අදහසක් පළ කර ගන්න පත්තරවල විද්‍යුත් මාධ්‍යවල කට්ටිය පසුපස ගිය යුගය අවසන් කළ යුතු ය. සෑම පුරවැසියකු ම මාධ්‍යකරුවකු වූ විට ප්‍රකාශනයේ නිදහස සැබැවින් ම පොදු අයිතියක් බවට පත් වේ.

මං ඔබේ අදහස් වලට එකඟයි. දුර පලාත් වල සිසුන් ට පරිඝනක උගන්වන් විශ්ව නමැති වැඩපිළිවෙලක් ගැන මං ළඟදී දුටුවා. ඒ ප්‍රචාරක පටයේ කතා කළ සිසුන් ගේ උදයෝගය අසා මට කඳුළු පවා ආවා.
ReplyDeleteරසික
ප/ලිඃ ඔබ මේ අඩවිය මගින් සපයන සේවාව මා ඉතා අගය කොට සලකනවා. සම්මානය ගැන මගේ සුභපැතුම්!
"මයික්‍රොසොෆ්ට් කොම්පැනියෙන් ලැබෙන වරදාන වෙනුවෙන් ඈත ගම් නියම් ගම්වල පවා පරිගණක එකලස් කරන්නන් හා අලුත්වැඩියා කරන්නන් වෙත පොලිසිය එවා හොර වින්ඩෝස් කොපි අල්ලන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය එකක් දැන ගත යුතු ය. එනම් හොර කොපි නැත්නම් ලංකාවේ තොරතුරු තාක්ෂණයක් නැති බව ය."
ReplyDeleteමේක සම්පූර්ණ ඇත්ත.අපේ ආන්ඩු ඔහේ කිසිම තේරුමක් නැතිව ගිවිසුම් වලට එලඹෙනව.මෙ විදිහට ගියොත් සාමාන්ය Microsoft Softwares භාවිතා වෙන පාඨමාලවක් හදාරන්නත් සෑහෙන්න මුදලක් වැය කරන්න වේවී.
ලංකාව ඇමරිකාව වන්නට පෙර ඇමරිකාවේ සියළුම නීති මෙහි ගෙනත් පැළ කරන ලංකාවේ දේශපාලන බුද්ධිමත=න් යයි කියාගන්නා පිරිස් කළ හානිය සුළු පටු නැත. මට හමුවූ විදේශිකයෙක= පැවසුවේ මෙතරම් මෘදුකාංග ප%මාණයක් පරිශීලනය කරන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක් බවයි. හේත=ව බුද්ධිමය දේපළ පනත එරට ඉතා තදින් කි%යාත්මක බැවිනි. නමුත් ඔවුන්ට මෘදුකාංග අධික මිලක් වුවත් මිළදී ගැනීම කළ හැකිය. එදිනෙදා වියදම වුවද අමාරැවෙන් පියවා ගන්නා ශී% ලාංකිකයන්ට මෘදුකාංග සදහා අධික මිළක් ගෙවීමට නොහැකි බව ඕනෑම අවයකට තේරැම් ගත හැකිය.
ReplyDeleteඇත්තෙන්ම සිංහල ඊ-අන්තර්ගතය දේශපාලන කාර්යයකි. ඔබට බොහෝමත්ම පින්....
ජයසිංහ නංගී.....
ReplyDeleteඔබ අපවෙත හැරවූ කැඩපත නැවත ඔබ වෙතටම හරවා ඔබගේ මුහුන බලන්න.
පහත පලවන්නේ ඔබගේම වචනයි. ඒවා නැවත කියවන්න. ඒ වචන වලට අපට ඇත්තේ වෙනත් තේරුමකි... ඔබ නිකන් පොර ටෝක් දෙන්න කලින් ඔබගේ දත් මැද ඇත්දැයි බලන්න...මමත් දත් මැද නැත.
අලුත් ග්‍රාහක පිරිසක් වෙත ප්‍රවේශ වීමට
වම ඉලක්ක කරමින් වෙබ් අඩවි පවත්වාගෙන යාමෙන්
දේශපාලනික විභවයන් පිළිබඳ ඉවකිනි
වාමාංශික සහෝදරවරු අපට සිනාසුණහ
මොඩ් වීම ගැන කතා කරමින් වමට හිනා වූ,
සමාජ ජාල යාලුකම්වල නැති බව අපි එකහෙළා ම පිළිගනිමු
කොළඹ හතේ සිට දඹාන දක්වා
අන්තර්ජාලය මිට වඩා ජනතාවට සමීප වන දිනයක
මුදල් අවැසි ප්‍රභූ වැඩකි
ගූගල්, යාහු වැනි සමාගම්වල ප්‍රාග්ධනය හා දැන්වීම් ප්‍රචාරණය
දෙමළ සහෝදරයෙකි.
අතිශය දේශපාලනික කාර්යයක් බව අපි විශ්වාස කරමු.
මහජන මුදලින් නඩත්තු වන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය හා එහි නියෝජිතායතන
ලොකු ඊ-ඒෂියාවලින් තොරතුරු තාක්ෂණය පොදු ජනයා වෙත
අන්තර්ජාලය පොදු ජනයා අතරට ගෙන යාම
සිංහල ලියන්නට කියවන්නට හැකි ඕනෑම කෙනෙකුගේ ප්‍රකාශනයේ නිදහස සඳහා අන්තර්ජාලයේ වැඩි ඉඩක් ඇත.
සෑම පුරවැසියකු ම මාධ්‍යකරුවකු වූ විට ප්‍රකාශනයේ නිදහස සැබැවින් ම පොදු අයිතියක් බවට පත් වේ.
කියක් හරි මට දෙන්න....යන හඩ ඔබගේ හඩයි