Posts

Showing posts with the label සිංහල භාෂාව

සිංහල ඊ-අන්තර්ගතයන් නිර්මානය කිරීමේ දේශපාලනය

Image
අජිත් පැරකුම් ජයසිංහ - ලේඛකයා ඇතුළු කුඩා කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන www.w3lanka.com වෙබ් අඩවිය හා අනුබද්ධ w3lanka.blogspot.com බ්ලොග් අඩවියට 2009 තොරතුරු තාක්ෂණ වසර වෙනුවෙන් පවත්වන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ හොඳම කාලීන හා සමාජීය බ්ලොග් අඩවිය සඳහා වන සම්මානය හිමි විය. අප මෙම තරගාවලියට ඇතුල් වුණේ එම තරගාවලියට සම්බන්ධ බ්ලොග් සින්ඩිකේටරය ඔස්සේ අපට අලුත් ග්‍රාහක පිරිසක් වෙත ප්‍රවේශ වීමට තිබුණු අවස්ථාව පාවිච්චි කිරීමටයි. ඇත්තම කියන්නේ නම් ඒ වන විට අප වම ඉලක්ක කරමින් වෙබ් අඩවි පවත්වාගෙන යාමෙන් හෙම්බත් වී සිටියෙමු. පරිගණකයක්, අන්තර්ජාල සබඳතාවක් පවා නොමැතිව, තාක්ෂණය අඳුරේ අතපත ගාමින් 2005දී අප අන්තර්ජාලයට පිවිසුණේ එහි ඇති ‍අනාගත දේශපාලනික විභවයන් පිළිබඳ ඉවකිනි. කම්කරුවන් අන්තර්ජාලය පරිහරණය කරන දවසක් ගැන අප කතා කරන විට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පිටුපස සිට වාමාංශික සහෝදරවරු අපට සිනාසුණහ. වසර පහක් ගෙවෙන විට කෘෂි රසායන සමාගම් ගොවීන් වෙනුවෙන් සිංහලෙන් වෙබ් අඩවි විවෘත කරමින් සිටිති. අපට සිනා වූ බොහෝ දෙනෙක් දැන් අපේ ෆේස් බුක් යාලුවෝ ය. මොඩ් වීම ගැන කතා කරමින් වමට හිනා වූ, සුවඳ විලවුන...

ලාංකිකයන්ට රුසියානු ගැහැනියකගෙන් පාඩමක්

Image
(2009 නොවැම්බර් 29 - W3Lanka ) මා පෙනී සිටින්නේ ජාතික සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ මතවාද වෙනුවෙනුයි. සෑම ජාතියක් ම තමන්ට ආවේණික වූ මතවාද රැකගත යුතුයි. නමුත් ගෝලීයකරණය පිටුදැකිය යුතු කරුණක් නොවෙයි. වර්තමානයේ මුළු මානව සංහතිය ම එක තැනක් කරා යන බවක් පෙනෙනවා. එහෙත්, මුළු ලෝකයේ ම සිටින ජන කොට්ඨාශ එක ම විදිහට කන්න අඳින්න සිතන්න පතන්න අඳින්න පළඳින්න ගත්තොත් ලෝකයේ ජීවත්වීම ඒකාකාරී වෙනවා. නීරස වෙනවා. සියල්ල රැකෙන්නේ ජාතීන් සිය අනන්‍යතාව රැකගැනීම මතයි. මම රුසියානු ජාතිකයෙක්. අපේ රට වෙනස්. අපේ කතා බහ වෙනස්. ඇයි අපට මේ රටට එන්න හිතෙන්නේ. මේ වෙනස දකින්නයි. වෙනස අත්දකින්නයි. අපි මේ රටට එන්නේ ලෝකයේ වෙනස් වූ සුන්දරත්වය හා විචිත්‍රත්වය දකින්නයි. ඒ විචිත්‍රත්වය රැකගත යුතුයි. අප සංචාරයට පෙලැඹෙන්නේ ඒවා දකින්න අවශ්‍ය නිසයි. ඒ ඒ සංස්කෘතීන් සහ අනන්‍යතා තවමත් රැකී තියෙන නිසා ඒවා අත්විඳීමට අප එනවා. එනිසා ඒවා රැකගත යුතුයි. මෙහිදී මට තවත් යමක් කීමට තියෙනවා. මගේ අදහසේ හැටියට මෙරට වැසියන් හා රුසියානු ජනතාව අතර පොදු වූ බොහෝ දේ තිබෙනවා. එනිසා අපේ ජාතීන් අතර කිට්ටු සම්බන්ධතාවක් සහ සංස්කෘතික හර කෙරෙහි සැලකිලිමත...

බස බේරා ගැනීම ගැන සාකච්ඡාව පිළිබඳ 'දිවයින' වාර්තාවේත් බස් දොස්

Image
(2009 ජුලි 13) ඉතා භයානක ලෙස සිංහල භාෂාව විනාශ වී ගෙන යන අන්දම දැක කම්පනයට පත් බව කියන භාෂා ප්‍රේමී විද්වත් කීපදෙනෙක්‌ බස බේරා ගැනීමට ඉදිරිපත් වන ලෙස අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීම පිණිස මූලික සාකච්ඡාවක්‌ හෙට පෙරවරුවේ කොළඹ කොල්ලුපිටියේ රන්මුතු හෝටලයෙහි පැවැත්වෙනු ඇත. පණ්‌ඩිත සිරි තිලකසිරි හා ඩී. එෆ්. කාරියකරවන විසින් කැඳවා තිබෙන මෙම සාකච්ඡාවට මහාචාර්ය විමල් බලගල්ල, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන, ග්‍රන්ථ කර්තෘ හරිශ්චන්ද්‍ර විඡේතුංග, ප්‍රවීණ ලේඛක කරු අමරසිංහ ප්‍රමුඛ කීපදෙනෙක්‌ම සාකච්ඡාවට සහභාගි වෙති. සිරි රණසිංහ, මහින්ද අබේසුන්දර, කරුණාදාස සූරියආරච්චි, සුන්දර නිහතමානි ද මැල්, ජටිල වැල්ලබඩ හා තිලකරත්න කුරුවිට බණ්‌ඩාර යන සිංහල පුවත්පත් කතුවරුන්ට ද මෙම සාකච්ඡාවට ආරාධනා කර ඇත.  එය ඉතා හොඳ පියවරකි. මන්ද වැඩිපුරම බව කන්නේ මොවුහුය. නිදසුනක් ලෙස මෙම සාකච්ඡාව පිළිබඳ 'දිවයින' පුවත්පතේ පළ වූ වාර්තාවේ පවා භාෂා දෝෂ ඇත. එහි සාකච්ඡාව පැවැත්වෙන දින...