මේගොල්ලෝ මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් උල්ලංඝනය කරනවා; මීඩියා වොච් නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරයි

(2009 දෙසැම්බර් 21 - W3Lanka) දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන මැතිවරණ කොමසාරිස් තුමා මුණගැසී රජයට අයත් මාධ්‍ය මෙන් ම පුද්ගලික මාධ්‍යය වෙනුවෙන් ද නිසි බලධරයෙකු පත් කිරීම හා රාජ්‍ය දේපළ අපහරණය ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කරන ලද අතර ඊට ප‍්‍රතිචාර වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සියළුම ජනමාධ්‍ය වෙත උපදෙස් මාලාවක් නිකුත් කොට ඇත. අපක්ෂපාතී වාර්තා කරණය, දේශපාලන පක්ෂවල නිල‍තල දරමින්ම මාධ්‍ය සේවයේ යෙදීම, එක් පාර්ශවයක ප‍්‍රවෘත්තියක් පල කරයි නම්, අනෙක් පාර්ශවයට අගතියක් නොවන සේ පළ කිරීම ඉන් කිහිපයකි. 

මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් උල්ලංඝනය කරමින් සාධාරණ හා නිදහස් මැතිවරණයකට බාධාකාරී අන්දමින් කටයුතු කරන පුද්ගලයන් කීප දෙනෙකු වෙත අවධානය යොමු කරන මීඩියා වොච් සංවිධානය එම පුද්ගලයන් සම්බන්ධයෙන් නීති ප්‍රකාරව කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි. 


මීඩියා වොච් සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද නාම ලේඛනය මෙසේ ය.

(1) මහාචාර්ය ආරියරත්න ඇතුගල.
කැළණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය වරයෙකි. ඒ අතරම ජාතික රූපවාහිනියේ සභාපති හා අධ්‍යක්ෂජනරාල් වරයාය.

(2) හඞ්සන් සමරසිංහ.
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් වරයාය. ඒ අතරම ශ‍්‍රී.ල.නි.ප. කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක ධුරය ද දරයි.


(3) අනුර සොලමන්ස්.
යුධ ගැටුම් නිරාකරණය පිළිබඳ ජනාධිපති උපදේශක වරයා ය, ඒ අතරම දිවයින පුවත්පතේ නියෝජ්‍ය කතුවරයෙකි.

(4) සුදර්මන් රදලියගොඩ.
ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයාය. ඒ අතරම කුරුණෑගල ශ‍්‍රී.ල.නි.ප. දිස්ත‍්‍රික් සංවිධායක වරයෙකි.

(5) ඒ.බී.ලලිත් ද සිල්වා ස්වාධීන රූපවාහිනී සේවයේ පුවත් විවරණ වැඩසටහන මෙහෙයවන්නා ය. ඒ අතරම ශ‍්‍රී.ල.නි.ප. කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක වරයෙකි.

(6) කරුණාරත්න පරණවිතාන.
ජාතික රූපවාහිනී සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ය. ඒ අතරම රත්නපුරයේ ශ‍්‍රී.ල.නි.ප. දිස්ත‍්‍රික් සංවිධායක වරයෙකි.

(7) මහින්ද අබේසුන්දර.
දිනමිණ පුවත්පතේ කතුවරයාය. ස්වාධීන රූපවාහිනී සේවයේ ‘පසු විපරම’ නම් පක්ෂපාතී වැඩසටහනෙහි සම්පාදක වරයා ය.
(8) ආරියනන්ද දොඹගහවත්ත.
ඉරිදා ලංකාදීප කතුවරයා ය. ඒ අතරම පුවත්පත් මණ්ඩලය සඳහා ජනාධිපති විසින් නම් කළ නියෝජිතයා ය.

(9) ධර්ම ශ‍්‍රී තිලකවර්ධන.
ලක්බිම පුවත්පතේ නියෝජ්‍ය කතුවරයෙකි. ඒ අතරම ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක වරයෙකි.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා