හොඳ බ්ලොග් සටහන් සමගෘහිත කරන අලුත් සින්ඩිකේටරයක් - සක්‍රිය

(2009 දෙසැම්බර් 14 - W3Lanka) ලංකාවට සම්බන්ධ බ්ලොග් සටහන් සමගෘහිත කරන්න අලුත් සින්ඩිකේටරයක් හඳුන්වා දී ඇත. එහි නම සක්‍රිය. www.sakriya.net ඔස්සේ එයට පිවිසෙන්න.

ඕනැ කෙහෙල්මලක් සින්ඩිකේට් කිරීම හා තමන්ගේ යාළුවන්ගේ බ්ලොග් පමණක් සින්ඩිකේට් කිරීමේ ප්‍රතිපත්ති වෙනුවට ලංකාවට සම්බන්ධ අන්තර්ගතයන් සහිත සිංහල, දෙමළ, ඉංග්‍රීසි බ්ලොග් ‍සටහන් වෙන වෙන ම කියවා අන්තර්ගතයේ ගුණාත්මකභාවය හා පොදුභාවය අනුව සමගෘහිත කිරීමයි මෙම සින්ඩිකේටරයේ වෙනස. (දැනට දෙමළ අංශය ක්‍රියාත්මක වන්නේ නැහැ.)
‍මෙම සින්ඩිකේටරය හරහා ඔබ්ගේ බ්ලොග් අඩවිවලට ප්‍රචාරය ලබා ගැනීමට එහි සාමාජිකත්වය ලබා ගැනීම පවා අවශ්‍ය නැහැ. ඔබගේ බ්ලොග් සටහන් එහි ඇතුළත් වී තිබේදැයි බලන්න. නැතිනම් අපට දන්වන්න.
ඔබගේ බ්ලොග් සටහනේ ගුණාත්මකභාවය පිළිබඳ වටනාකමක් මෙම බ්ලොග් සින්ඩිකේටරය හරහා ලබා දීමත්, ප්‍රකාශනයේ නිදහස දිරි ගැන්වීමත් තමයි අපේ අරමුණු වන්නේ.



Comments

  1. ඉස්සෙල්ලම කියනවද ඕකේ නීති රීති
    මගේ මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි ගැනත් තියෙන බ්ලොග් එක දාන්න පුළුවන්ද?

    ReplyDelete
  2. මත්පැන් දුම්වැටි ප්‍රවර්ධනය කළ යුතු නැත. එහෙත් බොන එකාට අනෙක් අයට කරදරයක් නො වන පරිදි එය කිරීමට ඇති අයිතිය අපි පිළි ගනිමු. ‍ඉහත කී කාරණයේදී ද එය අදාළ වේ.

    ReplyDelete
  3. මම දැන් දෙපාරක් SBU සාමාජිකත්වය ඉල්ලුවා තාම කිසි ප‍්රතිචාරයක් නෑ. දැන් මාසෙකට වැඩියි. පුලුවන්නම් මගේ බ්ලොග් එකත් සින්ඩිකේට‍්රයට ඇතුලත් ක‍්රන්න.

    ReplyDelete
  4. මගේ සයිට් එකත් සින්හල රීඩරේ නෑ. ඔයාලගේ සින්ඩියේ නීති වලට එකගද කියලා බලලා තීරණය කරන්න.

    http://not-straight.blogspot.com

    ReplyDelete
  5. i have a hope in freedom of writing now

    ReplyDelete
  6. අපිටත් ඉඩක් කිෙෙයි වාෙේ

    ReplyDelete
  7. මගේ බ්ලොග් එකත් ඇතුලත් කර ගන්න http://samakayawate.blogspot.com/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා