Posts

Showing posts with the label සමගෘහිතකරණය

හොඳ බ්ලොග් සටහන් සමගෘහිත කරන අලුත් සින්ඩිකේටරයක් - සක්‍රිය

Image
(2009 දෙසැම්බර් 14 - W3Lanka ) ලංකාවට සම්බන්ධ බ්ලොග් සටහන් සමගෘහිත කරන්න අලුත් සින්ඩිකේටරයක් හඳුන්වා දී ඇත. එහි නම සක්‍රිය . www.sakriya.net ඔස්සේ එයට පිවිසෙන්න. ඕනැ කෙහෙල්මලක් සින්ඩිකේට් කිරීම හා තමන්ගේ යාළුවන්ගේ බ්ලොග් පමණක් සින්ඩිකේට් කිරීමේ ප්‍රතිපත්ති වෙනුවට ලංකාවට සම්බන්ධ අන්තර්ගතයන් සහිත සිංහල, දෙමළ, ඉංග්‍රීසි බ්ලොග් ‍සටහන් වෙන වෙන ම කියවා අන්තර්ගතයේ ගුණාත්මකභාවය හා පොදුභාවය අනුව සමගෘහිත කිරීමයි මෙම සින්ඩිකේටරයේ වෙනස. (දැනට දෙමළ අංශය ක්‍රියාත්මක වන්නේ නැහැ.) ‍මෙම සින්ඩිකේටරය හරහා ඔබ්ගේ බ්ලොග් අඩවිවලට ප්‍රචාරය ලබා ගැනීමට එහි සාමාජිකත්වය ලබා ගැනීම පවා අවශ්‍ය නැහැ. ඔබගේ බ්ලොග් සටහන් එහි ඇතුළත් වී තිබේදැයි බලන්න. නැතිනම් අපට දන්වන්න. ඔබගේ බ්ලොග් සටහනේ ගුණාත්මකභාවය පිළිබඳ වටනාකමක් මෙම බ්ලොග් සින්ඩිකේටරය හරහා ලබා දීමත්, ප්‍රකාශනයේ නිදහස දිරි ගැන්වීමත් තමයි අපේ අරමුණු වන්නේ.