ගමේ ජනමතය වෙනස් කරන්න ජවිපෙන් රැස්වීම් 2000ක්


(2009 දෙසැම්බර් 14 - W3Lanka) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා වෙනුවෙන්ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබෙන ලොකු කුඩා රැස්වීම් 2000 ඉදිරියට යන විට ග්‍රාමීය ජනතාව අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබෙන පදනම දුර්වල වීමට ඉඩ ඇති බව රජයේ අවධානයට ලක් වී තිබේ. 

මේ හේතුවෙන් ඡන්ද ව්‍යාපාරය ආරම්භයේ සිට ම ජවිපෙට දැඩි මර්දනයකට මුහුණ දීමට සිදු වන ලකුණු පහළ වී තිබේ. එහෙත්, සාමාන්‍යයෙන් නම් මෙවැනි අවස්ථාවලදී මර්දනය විසින් ලබා දෙනු ඇත්තේ මර්දකයා බලාපොරොත්තු වන ප්‍රතිඵලයට වෙනස් තත්වයකි.



විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා දැනටමත් නාගරික ජනයා අතර ශක්තිමත් පදනමක් දමාගෙන තිබේ. එහෙත්, අපගේ නිරීක්ෂණය අනුව ග්‍රාමීයව තවමත් වැඩි වාසි තිබෙන්නේ මහින්ද රාජපක්ෂටයි.


එහෙත් ග්‍රාමීය ජන මනස ආමන්ත්‍රණය කිරීමේ හොඳ ම හැකියාව තිබෙන පක්ෂය වන ජවිපෙ ගම්වල සැරිසරන විට තත්වය වෙනස් වීමට ඉඩ ඇති බව පෙනේ.


සරත් ෆොන්සේකා ප්‍රධාන රැළි 60කට සහභාගි වීමට නියමිත අතර ඉන් 30ක් ම සංවිධානය කරන්නේ ජවිපෙයි. ෆොන්සේකා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන රැළිය 18දා නුවරදී ද, දෙවැන්න 19දා අම්බලන්ගොඩදී ද, 21දා අනුරාධපුරයේදී ද පැවැත්වීමට නියමිත ය.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා