2010ට ආසිරි! Get link Facebook X Pinterest Email Other Apps December 31, 2009 වසරක් ගෙවී එළඹෙන නව අවුරුද්ද නිකම් ම ගෙවී යාවිද නැතිව ම සද්ද සාමය ගෙනෙන්නට නවතා සැම යුද්ද දැනුවත් දනන් වෙමු කරගෙන ඔලු සුද්ද ! ! ! ! ! සුබ නව වසරකට ආසිරි! Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousOctober 12, 2013 at 1:48 PM සමන්ReplyDeleteRepliesReplyAnonymousOctober 12, 2013 at 1:51 PM විමල්ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.
දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද? February 24, 2014 ඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි. මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය. දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී... Read more
මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල June 19, 2014 ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු! කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com Read more
එළියකන්දේ වැසිකිලි සැප March 11, 2015 කතාවක් කියන්නයි යන්නෙ. ඔන්න අසූනමයෙ මාව කුදලන් ගියා එළියකන්දට. ප්‍රේමදාස බලයට අාපු ගමන් හදිසි නීතිය ඉවත් කළානෙ. ඒ කාලෙ තමයි මං එළියකන්දට අරන් ගියේ. මාත් එක්ක කුදලන් ආපු රුහුණු කැම්පස් සහෝදරයෙකුව නිදහස් කරගන්න ලොකු උද්ඝෝෂණයක් ගියා. ඒ නිසා මාව නිදහස් නො වුණත්, මට දීර්ඝ කාලීන රැඳවුම් නියෝගයක් ලැබුණා. අපරාදෙ කියන්න බැහැ ඒ කාලෙ කැප්ටන් කෙනෙක් වුණ රත්නායක ලොක්කා මගේ පණ මුල් වටයෙදි බේරුවා. ඊට පස්සේ මං උපායෙන් අපායේ නො වැටී හිටියා. බිල්ලටත් නො ගිහින් හොඳේ. එලියකන්ද වධක බෝඩිමේ මං අවුරුද්දයි, මාසයයි, දවසක් ම හිටියා. සැප කණේ. මේවා ලියලා තියන්න ඕනැ අනාගත පරපුරට දැන ගන්න. දැනට කක්කා සැප ගැන විතරක් කෙටියෙන් ලියන්නම්. එතන ඉන්න පිරිස ටික, ටික මාංචු ගලවලා, ඇස් ලිහලා ගන්නවා එළියට. සොල්දාදු උන්නැහේ කෙනෙකුට උදේම අත පය හිරි ඇර ගන්න හිතුනොත් ඒකත් ඒ අතරෙම කර ගන්නවා. ඉන් පස්සෙ එක වතුර බාල්දියෙන් පස්දෙනෙක් මුහුණ සේදීම හෙවත් හැමෝගෙම කුණු දියකරගෙන මුහුණෙ ගා ගැනීම. ඊළඟට වැසිකිළි පෝලිම. කට්ටියට සරං දාන්න පුවක් ගහක් බැඳලා තිබුණා ගස් දෙකක. ඒකෙ සරම දාලා බිම ඇණ ගහගෙන තමයි පල්ල... Read more
සමන්
ReplyDeleteවිමල්
ReplyDelete