රු. කෝටි 3250ක පීතෘ සත්කාරයක් නාමල් පුතාගෙන් ජනාධිපති තාත්තාට

(2009 දෙසැම්බර් 29 -W3Lanka) මෑත ඉතිහාසයේදී පුතකු පියා වෙනුවෙන් කරන ලද මිළ අධික ම කෘත ගුණ සැලකීම ලෙස දැකිය හැක්කේ නාමල් පුතා ජනාධිපති මහින්ද රාජපක්ෂ තාත්තාට ඡන්දය දෙන්නැයි ජනප්‍රිය පුද්ගලයන්ගේ කටවලින් කියවා ගන්නා දැන්වීම් පෙළයි.



රස්සාවක් නො කළ ද නාමල් පුතා සිය තාරුණ්‍යයට හෙටක් නම් සංවිධානය හරහා මේ වෙනුවෙන් කර තිබෙන වියදම අතිශය සංවේදී ය. 

මෙම ජනප්‍රිය පුද්ගලයෝ මේ දැන්වීම් සඳහා කිසිදු මුදලක් අය නො කළ බව පවසති. සාමාන්‍යයෙන් මුදලට අතිශය සංවේදී වන මෙම පුද්ගලයෝ සංවේදී නායකයාගේ සංවේදීභාවය හමුවේ සිය සාමාන්‍ය සංවේදිත්වය වන මුදලට පවා අසංවේදී වීමට තරම් සංවේදී වී තිබේ.



තාරුණ්‍යයට හෙටක් රූපවාහිනී දැන්වීම් ව්‍යාපෘතිය යටතේ දැන්වීමක් එක් වරක් පළකිරීම සඳහා වියදම (අවම වශයෙන්) රු 140,000/-ක් නම්, දිනකට එක් නාලිකාවක් සදහා දැන්වීම් වාර (අවම වශයෙන්) වාර 72ක් විකාශය කිරීම සඳහා එක් නාලිකාවක් සඳහා දිනකට වියදම (අවම වශයෙන්) රු. මිලියන 10.1ක් වේ. 

මෙම දැන්වීම් සිරස, එම්ටීවී, ටීඑන්එල්, ස්ර්ණවාහිනී, දෙරණ, අයි ටී එන්, රූපවාහිනී යන නාලිකා 7හි ම පළ කරනු ලැබේ.

මෙම නාලිකා 7හි පළකිරීමට දිනකට වැයවන මුදල රුපියල් මිලියන 70.7 කි.


නාමයෝජනා භාරදුන් දිනයේ සිට ජනාධිපතිවරණ දිනය දක්වා දින 46ක් ඇති අතර එම කාලසීමාව සදහා තාරුණ්‍යයට හෙටක් දැන්වීම් සදහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 32,500 කී. (බිලියන 3.25කි.) තේරෙන භාෂාවෙන් කීවොත් රු. කෝටි 3250කි. (මේ වනාහි රේඩියෝ, පෝස්ටර් හා කටවුට් හා අන්තර්ජාල දැන්වීම් වලට දරන ලද වියදමට අමතරව ය.)


පිය සෙනෙහසක් ගැන නො දන්නා විපක්ෂ නරුමයෝ "මේ මුදල් ලැබුණේ කොහෙන්ද, වියදම් කරන්නේ තරුණයන්ට හෙටක් සඳහා ද නැතිනම් කාගේ හෙටක් සදහා ද?" වැනි ප්‍රශ්න අසති.

Comments

  1. තාත්තට මම හරිම ආදරෙයි

    ReplyDelete
  2. ටී එම් ට කියන්න ඕනේ පිය සෙනෙහසට නෙමෙයි "පුතු සෙනෙහසට කවි ගී ලිය උනා මදී" කියලා සිංදුවක් කියන්න කියලා

    ReplyDelete
  3. පොඩ්ඩක් ඉවසලා ඉන්න.තාත්තට හෙටක් තිබුණොත් තමයි,නාමල්ට හෙටක් තියෙන්නේ.නාමල්ටත් හෙටක් හැදුනට පස්සෙ ඉතිං හෙමිට බැරියැ තරුණයෝ ගැනත් හිතන්න.

    ReplyDelete
  4. සංවේදී පුතෙක්

    ReplyDelete
  5. නාමල් කල දෙ නිවැරදිය. මම නම් මුකුත් කියන්නෙ නැත.

    ReplyDelete
  6. කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිණි සේ,

    ReplyDelete
  7. And do we as a nation realize that the total health budget of SriLanka is around 5.5 billion rupees?

    ReplyDelete
  8. ලංකාවේ මීලග ජනාධිපතිවරයා කවුද?
    පහත වෙබ් අඩවියට පිවිස ඔබේ මතය දක්වන්න.

    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා