දෙපැත්ත මඩ නා ගැනීම අරඹති; ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ හා ස්ත්‍රී දූෂණ ගැන කතා


(2009 දෙසැම්බර් 12 - W3Lanka) එල්.ටී.ටී.ඊ. යේ පළමු වැනි ඊළාම් යුද්ධය මැද දී හමුදාවත්, යුද්ධයත්, රටත් තුනම සතුරාට පවරා ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ ඉල්ලා ගත් ආරක්‍ෂක ලේකම් කර්නල් (විශ‍්‍රාමික) ගෝඨාභය
රාජපක්‍ෂට හතළිස් අවුරුද්දක් හමුදා සේවයේ යෙදුනු තමාට යුද්ධ කරන හැටි හෝ දේශපේ‍්‍රමය
ඉගැන්විය නොහැකි බව ජනරාල් සරත් ෆොන්සේකා පසුගියදා ජනමාධ්‍ය අමතමින් ප‍්‍රකාශ
කළේය.

ස්වකීය සේවා කාලයෙන් අවුරුදු 30 ක් ම බෙදුම්වාදී කොටි සංවිධානය විනාශ කිරීමට කැප කළ බවත්, කිසිම දිනක මව්බිම තබා උපන් ගමවත් හැර දමා නොගිය බවත් ජනරාල් ෆොන්සේකා මෙහි දී වැඩි දුරටත් කියා සිටියේ ය.

සරත් ෆොන්සේකා හමුදාපති පදවියට පත් කළේ තමන්ගේ උවමනාව මත බව පසුගිය සමයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ ය. 

මේ අතර, රජය‍ට පක්ෂපාතී වෙබ් අඩවියක් ඊයේ පැවසුවේ සරත් ‍ෆොන්සේකා හමුදාපති සමයේ ඔහුට එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවක් පිළිබඳ විස්තර තමන් සතුව ඇති බව හා ඒවා නුදුරු අනාගතයේදී හෙළිදරව් කරන බවයි.



Comments

  1. ස්ත්‍රි දුෂණ කලා කියලාද ,ස්ත්‍රි දුෂණයට යොදා ගන්නා උපකරණ ලඟ තබා ගැනිම ගැනද රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.එම මාධ්‍ය තවදුරටත් පවසන්නේ රනිල්ට ඒ වගේ උපකරණ නැති බවත් මහින්දගේ උපකරණ ඔහුගේ නළලේ ඇති බවත් ඒ බව දකුණු පලාත් ඡන්දට අනර්කලිව දැමිමේන් පෙනි යන බවය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා