Posts

Showing posts with the label මඩ ගැසීම්

දෙපැත්ත මඩ නා ගැනීම අරඹති; ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ හා ස්ත්‍රී දූෂණ ගැන කතා

Image
(2009 දෙසැම්බර් 12 - W3Lanka ) එල්.ටී.ටී.ඊ. යේ පළමු වැනි ඊළාම් යුද්ධය මැද දී හමුදාවත්, යුද්ධයත්, රටත් තුනම සතුරාට පවරා ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ ඉල්ලා ගත් ආරක්‍ෂක ලේකම් කර්නල් (විශ‍්‍රාමික) ගෝඨාභය රාජපක්‍ෂට හතළිස් අවුරුද්දක් හමුදා සේවයේ යෙදුනු තමාට යුද්ධ කරන හැටි හෝ දේශපේ‍්‍රමය ඉගැන්විය නොහැකි බව ජනරාල් සරත් ෆොන්සේකා පසුගියදා ජනමාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කළේය. ස්වකීය සේවා කාලයෙන් අවුරුදු 30 ක් ම බෙදුම්වාදී කොටි සංවිධානය විනාශ කිරීමට කැප කළ බවත්, කිසිම දිනක මව්බිම තබා උපන් ගමවත් හැර දමා නොගිය බවත් ජනරාල් ෆොන්සේකා මෙහි දී වැඩි දුරටත් කියා සිටියේ ය. සරත් ෆොන්සේකා හමුදාපති පදවියට පත් කළේ තමන්ගේ උවමනාව මත බව පසුගිය සමයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ ය.  මේ අතර, රජය‍ට පක්ෂපාතී වෙබ් අඩවියක් ඊයේ පැවසුවේ සරත් ‍ෆොන්සේකා හමුදාපති සමයේ ඔහුට එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවක් පිළිබඳ විස්තර තමන් සතුව ඇති බව හා ඒවා නුදුරු අනාගතයේදී හෙළිදරව් කරන බවයි.