Posts

Showing posts with the label ඊ-අන්තර්ගතයන්

සිංහල ඊ-අන්තර්ගතයන් නිර්මානය කිරීමේ දේශපාලනය

Image
අජිත් පැරකුම් ජයසිංහ - ලේඛකයා ඇතුළු කුඩා කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන www.w3lanka.com වෙබ් අඩවිය හා අනුබද්ධ w3lanka.blogspot.com බ්ලොග් අඩවියට 2009 තොරතුරු තාක්ෂණ වසර වෙනුවෙන් පවත්වන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ හොඳම කාලීන හා සමාජීය බ්ලොග් අඩවිය සඳහා වන සම්මානය හිමි විය. අප මෙම තරගාවලියට ඇතුල් වුණේ එම තරගාවලියට සම්බන්ධ බ්ලොග් සින්ඩිකේටරය ඔස්සේ අපට අලුත් ග්‍රාහක පිරිසක් වෙත ප්‍රවේශ වීමට තිබුණු අවස්ථාව පාවිච්චි කිරීමටයි. ඇත්තම කියන්නේ නම් ඒ වන විට අප වම ඉලක්ක කරමින් වෙබ් අඩවි පවත්වාගෙන යාමෙන් හෙම්බත් වී සිටියෙමු. පරිගණකයක්, අන්තර්ජාල සබඳතාවක් පවා නොමැතිව, තාක්ෂණය අඳුරේ අතපත ගාමින් 2005දී අප අන්තර්ජාලයට පිවිසුණේ එහි ඇති ‍අනාගත දේශපාලනික විභවයන් පිළිබඳ ඉවකිනි. කම්කරුවන් අන්තර්ජාලය පරිහරණය කරන දවසක් ගැන අප කතා කරන විට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පිටුපස සිට වාමාංශික සහෝදරවරු අපට සිනාසුණහ. වසර පහක් ගෙවෙන විට කෘෂි රසායන සමාගම් ගොවීන් වෙනුවෙන් සිංහලෙන් වෙබ් අඩවි විවෘත කරමින් සිටිති. අපට සිනා වූ බොහෝ දෙනෙක් දැන් අපේ ෆේස් බුක් යාලුවෝ ය. මොඩ් වීම ගැන කතා කරමින් වමට හිනා වූ, සුවඳ විලවුන...