රටේ ප්‍රධාන ම බදු ගෙවන්නන් පිරිසක් වන බේබද්දන්ට එරෙහි සෞඛ්‍ය ඇමතිගේ කුණු කතා හෙළා දකිමු!

සුනිල් අයියේ,
කතා කරපංකො මඩං
(2010 ජුනි 21, W3Lankaබේබදුකම නිසා රෝගාතුරව රෝහල්ගත වන පුද්ගලයන්ගෙන් ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීමේ ක්‍රමයක් සැකසීමට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන සැලසුම් කරගෙන යන බව අද දිනමිණ පුවත්පත පවසයි.


මේ සිරිසේන නියෝජනය කරන දිස්ත්‍රික්කය පොළොන්නරුවයි. පාසල් පන්ති කාමරයේදී මත්කුඩු හා මත්පැන් පානය කළ බව කියන පොළොන්නරුව තෝපාවැව මහ විදුහලේ උසස් පෙළ සිසුන් 11 දෙනකුගේ පන්ති තහනම් කොට ඇති බව වාර්තා කරන්නේ ආණ්ඩුවේ ම දිනමිණයි.


අයියෝ මේ සිරිසේන නම් මාර ම නිර්මානාත්මක පොරකි. ඔහු කියන්නේ මේකලා බීලා ලෙඩ හදාගෙන ආවා ම උන්ට ප්‍රතිකාර කරන්නට වියදම් වන්නේ මහජන මුදල් ය කියා ය.


මේ නීතිය ගෙන ආ පසු බේබද්දන්ට සිදු වන්නේ බීලා ම මැරෙන්නයි. මන්ද, ලෙඩේට මුල බේබදුකම යයි දොස්තර තීරණය කළොත් ප්‍රතිකාර සඳහා මුදල් ගෙවන්නට සිදු වන බැවිනි. 


සෞඛ්‍ය ඇමතිවරයා නො දන්නා සිම්පල් කාරණය වන්නේ බේබද්දන් යනු මේ රටේ ප්‍රධාන ම බදු ගෙවන්නන් පිරිසක් බවයි.


ජනතාවගේ මතට තිත තබන්නට යන මේ සත් ගුණවත් ආණ්ඩුවට කළ හැකි හොඳ ම ක්‍රියාවක් වන්නේ මත්පැනින් බදු මුදල් ඉපයීමෙන් හා අරක්කු වෙළඳාමෙන් ඈත් වීමයි. 


වැරදි ලෙස පෞද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආපසු රජයට පවරා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමග රක්ෂණ සංස්ථාවට හිමි වී තිබුණු ඩිස්ටිලරීස් සමාගමේ කොටස්වලින් 
3.89%ක්ද රජයට හිමි වී තිබේ. ඩිස්ටිලරීස් ලංකාවේ ප්‍රධානම මත්පැන් සමාගමයි.

රජය මත්පැනින් අය කරන බදු ඉවත් කළොත් මිනිස්සු කසිප්පු වෙනුවට ලොකු ලොක්කන් බොන විස්කි, බ්‍රැන්ඩි බොනු ඇත. එවිට ඔවුන් පහසුවෙන් ලෙඩ වන්නේ නැත. 




මතට තිත තැබූ දා සිට ආණ්ඩුව අලුතෙන් බාර් බලපත් 200ක් පමණ නිකුත් කර තිබේ. 2008දී පමණක් අලුතෙන් බාර් බලපත් 36ක් නිකුත් කර ඇති බව 2009දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සුරාබදු කොමසාරිස්ගේ 2008 පරිපාලන වාර්තාව පවසයි. 


මිළ වැඩිකම නිසා හෝ මතට තිත නිසා හෝ සැර මත්පැන් බීම 2008දී සියයට දෙකකින් අඩු වී තිබෙනමුත් බීර බීම සියයට 15කින් වැඩි වී තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස මත්පැන් බීම වැඩි වී තිබේ. රටට හිතැති මත්පැන් ලෝලීහු 2008 අවුරුද්දේ සැර මත්පැන් ලීටර් කෝටි හතරහමාරකට වඩා හා බීර ලීටර් පන්කෝටි හැත්තෑ ලක්ෂයකට වඩා පානය කළහ. හොර මත්පැන් කෙතරම් බීවාදැයි සුරාබදු කොමසාරිස් නො දන්නා මුත් දඩ හා බලපත් ගාස්තු වශයෙන් පමණක් රු. හැට දෙකෝටි තිස් ලක්ෂයකට වඩා දෙපාර්තමේන්තුව උපයා තිබේ. 2008 වසරේ සුරාබදු ආදායම රු. කෝටි 2744ක් පමණ වේ. මෙය 2007 වසරට වඩා රු. කෝටි 300ක ඉහළ යාමකි. සමස්ත කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියම සඳහා ඒ කාලයේ ගිය වියදම රු. කෝටි 845කි.


සුරාබදු දෙපාර්තමේන්තුවට අනුව 2006.12.09 දින සිට බලපැවැත්වෙන සුරාබදු අනුපාතයන් මෙසේයි:




මත්පැන්
රු.
සීනි, තල්, පොල් අරක්කු බෝතලයකට

421.00

විදේශීය මත්පැන් බෝතලයකට
550.00

5%ට අඩු මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති බීර ලීටරයට
37.50

5%ට වැඩි මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති බීර ලීටරයට

53.50

වයින් ලීටරයට

275.00

දුම්කොළ කිලෝවකට සුරාබදු

10.00


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. ලංකාවේ ප්‍රකට බියර් නිෂ්පාදකයකු කළ ඇස්තමේන්තුවකට අනුව නීත්‍යානුකූල නොවන මත්පැන් පරිභෝජනය මුළු මත්පැන් පරිභෝජනයෙන් 60% කි. (ප්‍රමාණය අනුව, වටිනාකම අනුව නොවේ.)

    වෛද්‍යවරයකු වන මගේ මිතුරකු ඔහුගේ දීර්ඝකාලීන අත්දැකීම් මත ප්‍රකාශ කළේ රෝහලක හදිසි අනතුරු වාට්ටුවට ගෙන එනු ලබන රෝගීන්ගෙන් 90%ක් අනතුරට ලක්ව ඇත්තේ මත්පැන් සම්බන්ධ කාරණාවක් නිසා බවය. (බීමත්ව රිය පැදවීම, ගැටුම්)

    මේ නිසා බේබද්දන්ගෙන් කෙසේ වෙතත් බීමත්ව ගැටුම් ඇති කර ගන්නා පුද්ගලයින්ගෙන් ඔවුන් සමාජයට හා සෞඛ්‍ය සේවාවට කරන හානිය වෙනුවෙන් දඩයක් අය කර ගැන්ම සාධාරණය.

    ReplyDelete
  2. මෙහි ඇති විදේශීය මත්පැන් බෝතලයකට බද්ද රු.550 යන්න විශ්වාස කල නොහැක, මන්ද, එය මත්පැන් වර්ගය මත වෙනස් වන බැවිනි. උදාහරනයක් ලෙස, ඔබට මත්පැන් සඳහා නිදහස් බලපත්‍රයක් ඇත්නම්, "orient lanka" වෙතින් 750ml johnny walker red label විස්කි බෝතලයක් රු.850/- වැනි මිලකට ගත හැකි අතර එය විවෘත වෙළඳපොලේ රු.3700 පමණ වෙයි.

    ReplyDelete
  3. දී කිරට බළල්ලුත් සාක්කි කියුවලු!

    මාධ්‍යවේදීන් යනු බොන්න දී ඕනෑම ජරාවක් ලියවාගැනීමට හැකි, ජනතාවගේ දුක විකුණාගෙන කන, ඒ ජරා ජීවකාව ලස්සන වචන වලින් සාධාරණීකරණය කරමින් ආත්මය රවටා ගන්නා කාලකන්නි හැත්තකි.

    කොටි සංවිධානය මරා දමන සිවිල් වැසියන්ට වඩා, තමන්ට ලියන්නට මාතෘකා සපයන පාතාලේ ටෝජීගේ මරණය ගැනත්, ඒ ලියවිල්ලට "ගැම්ම" ලැබෙන බේබදුකම ගැනත් වැඩිපුර කැක්කුම දැනෙන්නෙ ඒ නිසානෙ.

    මේව කියවන්ට වෙලාව නාස්ති කරන, ඊටත් වඩා මෝඩ ඒවට කමෙන්ටු දාන අපි ටික දෙනෙකුත් හැරුණු කොට, මේ ගොං කතා වලින් රටේ මිලියන ගනනක් ජනතාවට වටිනාකමක් නැ.

    ReplyDelete
  4. @Sahan

    Machan Kohomada me "Nidahas Balapathraya" ganna puluwan.....

    ReplyDelete
  5. ඕක නම් මහ බූරු අදහසක්
    ඩොක්ටර් කෙනෙක්ට ලෙඩෙක් මම බොනවා කියලා කිවාම ඒක පුවත ඒ රොගියාගේ ප්‍රතිකාර කටයුතු වල්ට ඇර වෙන දේවල් වල්ට පාවිච්චි කරන්න බෑ -
    එහෙම කිරීම රෝගියා සහ වෛද්‍යවරයා අතර තියන බැඳීමට බාදාවක්
    වෛද්‍යවරු තමන්ගේ වුර්තීය සදාචාරෙට පිටින් ගිහින් ඒ පුවත් වෙන වැඩ වල්ට පාවිච්චි (සලි අය කරන්න ) කරොත් ඊට පස්සෙ එක්කො ලෙඩා ඩොකාට පිහියෙන් අනිවි (එතකොට ඇමතිතුමා කියාවි ඩොකාල කට පරිස්සන් කර ගන්නේ නැතුව හිටියම ඔහොම වෙනවා කියලා ) එහෙම නැත්තම අම්මා මුත්තා කිව්වත් තමන් බොන බව නොකියා හිටිවී - ඒක රෝගියාට හරි විදියට ප්‍රතිකාර කරන්න බාදාවක්
    අන්තිමට බොන රෝගින් ගැන වෛද්‍යවරු නොකියා හිටියාම (එහෙම කියන්න වෛද්‍යවරුනට බෑ ) අන්තිමට මේ රැල කියවි ලන්කාවේ මිනිස්සු බොන්නේ නෑ මතට තිත සාර්තකයි කියලා - කොහොමද ගොන් රජාගේ බූරු ඇමතිලාගේ ටිකිරි මොල

    මම අරක්කු කටේ තියන්නෙත් නැත කිසිම කෙනෙකුට අරක්කු අරන් දේන්නෙත් නැත
    එමෙන්ම ඉඳලා හිටලා බීමවත් වෛද්‍යවිද්යාත්මකව අනුමත කරන්නේද නැත
    නමුත් මෙවැනි බූරු තීරන ක්‍රියාත්මක කිරීමට වෛද්‍ය්වරියක් ලෙස විරුද්ද වෙමි - ඒ වෛද්‍ය්වරයෙක් හා රෝගියෙකු අතර ඇති බැඳීමට මේ බූරු අදහස බාදවක් වන බැවිනි - මේ බූරු ඇමතිලාට අවශ්‍යනම් රෝහල අසල බල්ලකු හෝ පොලිසි නිලදාරියෙකු තබා බොන මිනිස්සු ඇල්ලිය හැක

    ReplyDelete
  6. පොලොන්නරුවේ බාර් ලයිසන් වැඩි ප්‍රමාණයක් අයිති මෛත්‍රිපාල සිරිසේනටයි එයාගේ මල්ලි ඩඩ්ලිටයි. උන් සිරෝසියා ලෙඩ්ඩුන්ගෙන් සල්ලි
    අයකරන්න යනවානම් නඩු දාන්න පුලුවන්. මොකද කිසිම බෝතලයක ගහලා නැහැ ඒවා ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා