සිඟන මරුවෝ දැන් කළු ගල්වලින් ගසා හිස පොඩි කර ආබාධිතයිනුත් මැරීම අරඹලා

(2010 ජුනි 30, W3Lankaමෑතක සිට කළු ගල්වලින් පහර දී සිඟන්නන් මරා දැමීම කරගෙන යන, පොලිසියට අත්අඩංගුවට ගත නො හැකි නව ත්‍රස්තවාදයට ඉලක්කයක් වැරදී ගල්කිස්සේදී සිඟන්නකු වෙනුවට ආබාධීතයකු මරා දමා තිබේ.


රාත්‍රි ආහාර සඳහා කෑම පැකට්ටුවක් රැගෙන නිවසට යමින් සිටියදී හදිසියේ පතිත වූ වර්ෂාව නිසා අසල පිහිටි Trust in your tomorrow, today හෙවත් ඔබේ හෙට දවස ගැන අද විශ්වාස කරන්නැයි කියන යුනියන් ඉන්ෂුවරන්ස් ගොඩනැඟිල්ලේ ඉදිරිපිට වැස්ස අවසන් වනතුරු රැදී සිටියදී හිසට ගලකින් පත බා මරා දමන ලද මෙම පුද්ගලයා ලොතරැයි විකිණීම ජීවිකාව කර ගත් ශ්‍රී ජන මාවත, අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මහේෂ් පෙරේරා නැමැති 38 හැවිරිදි ආබාධිතයෙකි.


ලෝකයේ දියුණු රටවල් 'ආබාධිතයන්' හෙවත් disabled යන වදන පවා 'වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන්' හෙවත් differently abled ලෙස වෙනස් කරමින් ඔවුන්ගේ සමාජ තත්වය නැංවීමට කටයුතු කරද්දී ලංකාවේ සිදු වන්නේ ආබාධිතයන්ගේ ද හිස කළු ගල්වලින් තලා පොඩිපට්ටම් කර මරා දැමීමයි.


මේ බෞද්ධ රටේ අන්තර්ජාලය පරිහරණය කරන ඇතැම් ටයි පැළඳි ම්ලේච්ඡයෝ පවා මෙම ඝාතනය කිරීම් මහ ඉහළින් වර්ණනා කරන ආකාරය දැක ගැනීම සඳහා පහත සඳහන් ලිපියේ ප්‍රතිචාර තීරය කියවන්න. 



මිනිස් කසල බැහැර කරන නවතම ක්‍රමය ගල්වලින් ඔලු තලා සිඟන්නන් මැරීම




කර්මය හා පුනර්භවය ඇත්තක් නම්, මෙවැනි ක්‍රියා කරවන, කරන, අනුමත කරන සියල්ලන් ලබන ආත්මයේදී හෝ මේ ආත්මයේදී ම ලංකාවේ ම දිළින්දන් හෝ ආබාධිතයන් වී ඉපදේවා යයි අපි ප්‍රාර්ථනා කරමු.


මේ වන විට සිඟන්නන් අතර පැතිර පවතින තදබල භීෂණය මෙම සිද්ධියෙන් පසු ආබාධිතයන් වෙත ද පැතිර යාමට ඉඩ තිබේ. හෙට අනිද්දා ම මානසික රෝගීන් ද මේ ත්‍රස්තවාදයේ ඉලක්කය වන්නට ඉඩ තිබේ. 


මේ අසරණයන් වෙනුවෙන් කතා කරන්නට ආගමයක් ධර්මයක් අදහන නායකයන් කිසිවෙක් මේ රටේ නැත. 


අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ. 
Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. Trust in your tomorrow, today.

    ReplyDelete
  2. W3: Do you have evidence that this act is a SL Police work?

    ReplyDelete
  3. overgeneraliation is a malady

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා