අයිතිය තහවුරු කළ යුතුව තිබෙන්නේ කුමන අදහස් ප්රකාශනයේ හා තොරතුරු දැන ගැනීමෙහිද?
(2010 ජුනි 22, W3Lanka) පීඩිත ජනයා ඒකරාශී කිරීම අරමුණු කර ගත් පොදු ප‍්‍රතිපත්ති මාලාවක් සැකසීමේදී ජනමාධ්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ අදහසක් දක්වන ලෙස පසුගිය දිනෙක අපට ආරාධනාවක් ලැබිණි.
සාමාන්‍යයෙන් ගත් කල සමාජයේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඇති ප්‍රගතිශීලී සටන් පාඨය ලෙස සැලකෙන්නේ 'තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස' තහවුරු කිරීමයි.
වාමාංශික ස්වරූපයකින් පෙනී සිටින මාධ්‍යකරුවන් විසින් අටවා ගන්නා ලද මුදල් සොරකම් කිරීම හා මාධ්‍යකරුවන්ගේ මුවාවෙන් යුරෝපා රටවල සැප පහසු ජීවිත අපේක්ෂා කරන නිකමුන්ට දේශපාලන රැකවරණ සොයා දීමේ තැරැව්කාර නියෝජිතායතනයක් ලෙස කටයුතු කිරීම පිණිස කටයුතු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි රාජ්‍ය නොවන සංවිධාන හොර ජාවාරම් ද පෙනී සිටින්නේ 'තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස' වෙනුවෙන් 'සටන් කිරීම' සඳහා යයි කියනු ලැබේ.
එහෙයින් ම මේ සටන් පාඨයේ කිසියම් අඩුපාඩුවක් ඇති බව අපට පෙනේ. පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියන සුළු ධනේශ්වර සොරුන්ට ද, ධනේශ්වර ලිබරල්වාදීන්ට හා පීඩිත පංති ව්‍යාපාරවලට ද මුළුමනින් ම සමාන එක ම සටන් පාඨයක් තිබිය නො හැකි ය.
මෙහිදී, මූලිකව මතු වන ප‍්‍රශ්නයක් වන්නේ පීඩිත ජනයා යන පිරිස අප අර්ථකථනය කර ගන්නේ කෙසේද යන්නයි.
මූලික වශයෙන් ම ලිංගිකත්ව පදනමින්, ජාතික හා වාර්ගික වැනි අනන්‍යතා පදනම්වලින් සහ ආර්ථීක පදනමින් පීඩිතභාවයට පත් වූවන් සමාජයේදී අපට හමු වන අතර පීඩිතයා යනු කවරෙක්ද යන්න අර්ථකථනය කර ගැනීම ම ගැඹුරු සංවාදයක් ඉල්ලා සිටියි.
පීඩිත ජනයා ඒකරාශි කිරීම පිණිස පොදු ප‍්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කිරීමේදී සංවාදය කෙතරම් වැදගත් වේ ද යන්න ඉහත නිදසුනෙන් ම පැහැදිලි වේ.
එබැවින් අන් සියලූ ම කාර්යයන් හා සමගාමීව අදහස් ප‍්‍රචාරණ අගතීන්ගෙන් හා ආන්තික බහිෂ්කරණයන්ගෙන් තොර විවෘත සමාජ සංවාදයක් පවත්වාගෙන යාම සඳහා අවකාශය විවෘත කර දෙන මාධ්‍ය සංස්කෘතියක් ගොඩනඟා ගැනීම අතිශය ප‍්‍රගතිශීලී කාර්යයක් හා මග හැර යා නො හැකි අවශ්‍යතාවක් බවට පත් වේ.
අදහස් ප්රකාශනයේ හා තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම වැනි ජනප‍්‍රිය ලිබරල් අදහස් මෙම සංදර්භය තුළ නිවැරදි ලෙස ස්ථානගත කළ යුතු ය.
මූලිකව මතු වන ප‍්‍රශ්න වන්නේ අයිතිය තහවුරු කළ යුතුව තිබෙන්නේ කුමන අදහස් හා තොරතුරු දැන ගැනීමෙහි ද යන්නයි. අදහස් යනු තව දුරටත් නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක නිර්මානය වන ඒවා නොවේ. අදහස් යනු බලවත් පංතීන් හා සමාජ බලවේග විසින් ඉතා සියුම් හා වෘත්තිකභාවයෙන් යුතුව ගොඩනඟා අධ්‍යාපනය, ජන සන්නිවේදනය හා වෙළඳපොල භාවිතා කරමින් අලෙවි කරනු ලබන ජාතියකි. අදහස් ප්රකාශනයේ හා තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කළ පමණින් සමාජයට සෙතක් නො වන්නේ එබැවිනි.
අවශ්‍ය වන්නේ විකල්ප අදහස් හා තොරතුරු සන්නිවේදනයට ද සම අවස්ථා ලබා ගැනීමට සටන් කිරීමයි. මෙහිදී සටන් කිරීමට සිදු වන්නේ බලවත් සමාජ කණ්ඩායම්වල ප‍්‍රාග්ධනය සමගයි. මේ වනාහි සමාජ වෙනසක් සඳහා කරන අරගලයේ ම කොටසක් මිස එයින් වෙන් කර ‘අදහස් ප්රකාශනයේ හා තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම‘ වැනි ලිබරල් සටන් පාඨයකට කොටු කළ හැක්කක් නොවේ.
You may also like to read our English blog Lanka Polity

When people talk about ‘transparency’ they talk about the ‘transparency’ of others, not their own.
ReplyDeleteFor example, take Milinda Moragoda. During the election days he behaved as a champion of right to information. But when I asked (in twitter) for a copy of his asset declaration, he responded he would provide it “after being elected, as the act specifies”. Then I asked for asset declarations he did in 2001 and 2004, ‘after being elected as an MP’ but he didn’t even respond.
Why not Milinda Moragoda who wants transparency from others, does not apply the same theory to himself?
The answer is clear, like any other South Asian politician he just cannot afford to be transparent. :-)
Oya kiyana tharam European ratawal sepa pahasu netha.
ReplyDeleteThis is correct. To do this people need a progressive modern social movement. This is the only thing we don't have in Sri Lanka?
ReplyDeleteYes, which information by whom for what?