අයිතිය තහවුරු කළ යුතුව තිබෙන්නේ කුමන අදහස් ප්‍රකාශනයේ හා තොරතුරු දැන ගැනීමෙහිද?
(2010 ජුනි 22, W3Lanka ) පීඩිත ජනයා ඒකරාශී කිරීම අරමුණු කර ගත් පොදු ප‍්‍රතිපත්ති මාලාවක් සැකසීමේදී ජනමාධ්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ අදහසක් දක්වන ලෙස පසුගිය දිනෙක අපට ආරාධනාවක් ලැබිණි. සාමාන්‍යයෙන් ගත් කල සමාජයේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඇති ප්‍රගතිශීලී සටන් පාඨය ලෙස සැලකෙන්නේ 'තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස' තහවුරු කිරීමයි. වාමාංශික ස්වරූපයකින් පෙනී සිටින මාධ්‍යකරුවන් විසින් අටවා ගන්නා ලද මුදල් සොරකම් කිරීම හා මාධ්‍යකරුවන්ගේ මුවාවෙන් යුරෝපා රටවල සැප පහසු ජීවිත අපේක්ෂා කරන නිකමුන්ට දේශපාලන රැකවරණ සොයා දීමේ තැරැව්කාර නියෝජිතායතනයක් ලෙස කටයුතු කිරීම පිණිස කටයුතු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි රාජ්‍ය නොවන සංවිධාන හොර ජාවාරම් ද පෙනී සිටින්නේ 'තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස' වෙනුවෙන් 'සටන් කිරීම' සඳහා යයි කියනු ලැබේ. එහෙයින් ම මේ සටන් පාඨයේ කිසියම් අඩුපාඩුවක් ඇති බව අපට පෙනේ. පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියන සුළු ධනේශ්වර සොරුන්ට ද, ධනේශ්වර ලිබරල්වාදීන්ට හා පීඩිත පංති ව්‍ය...