Posts

Showing posts with the label නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුදල් වංචාව; අප ඔවුන් ආරක්ෂා කළ යුතු ද?

Image
ලෝකයේ ඔබට වන්නට අවශ්‍ය වෙනස ඔබ ම විය යුතු බව මහත්මා ගාන්ධි පැවසී ය.  You must be the change you want to see in the world. - Mahatma Gandhi  මෙය සමාජ වෙනස්කම් වෙනුවෙන් සටන් කරන මිනිසුන්ගේ මූලික ම ප්‍රතිපත්තියක් විය යුතු ය.  මේ දිනවල නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කුප්‍රකට අරමුදල් වංචාව යළි කරළියට පැමිණ තිබේ.  ලංකාවේ දූෂණයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා වෙනත් සාධනීය සමාජ පරමාර්ථ වෙනුවෙන් සටන් කරන බව කියන රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන කණ්ඩායම්වල (මේවා ද අඩු වැඩි වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන ය) මූලික ම ලක්ෂණයක් වන්නේ තමන් පෙනී සිටින බව කියන පරමාදර්ශ කිසි සේත් ම තම සංවිධාන ක්‍රියාකාරිත්වය තුළ දක්නට නො ලැබීමයි.  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධානවල නායකයෝ දරුණු ඒකාධිපතියෝ ය. . ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සි‍ටින බව කියන සංවිධානවල නායකයෝ සිය බල අවකාශය තුළදී තමන් අකැමැති අදහස් දරුණු අන්දමින් වාරණය කරන්නෝ වූහ.  දූෂණයට එරෙහිව පෙනී සිටින බව කියන සංවිධානවල නායකයෝ මහජන අරමුදල් ගසා කන්නෝ ය.  ලංකාවේ සමාජ පඑිහාණියේ ප්‍රධාන වගඋත...

එහෙත් හරි වැස්ස - මෙහෙත් හරි වැස්ස; යාපනයේ මාධ්‍ය උද්ඝෝෂණය

Image
උතුරේ මාධ්‍යකරුවන්ට සහයෝගය පළ කරන්නට ගිය දකුණේ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ට පොලිසිය බාධා කළ අයුරු. ප්‍රධාන වශයෙන් ම යාපනය උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට පසුගිය 29වදනදා එල්ලකළ ප්‍රහාරයට විරුද්ධව සංවිධානය කර තිබුණු, යාපනය බස්නැවතුම්පොල අසල පැවැත්වූ මෙම උද්ඝොෂණයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන්, එස් ශ්‍රීදරන් සහ ඊ සරවනභවන්, මෙන්ම හිටපු මන්ත්‍රීවරැන්වන එස් ගජේන්ද්‍රන් සහ එම්.කේ සිවාජිලිංගම් ද, උතුරේ මාධ්‍යකරුවෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ ද සහභාගි වූ හ. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

විකල්ප පුවත්පත්කලාව යනු මාධ්‍ය සංවිධානවලට හා දේශපාලන ව්‍යාපෘතිවලට කඩේ යාම නොවේ

Image
(2010 අගෝස්තු 01,  W3Lanka )   සියතට ද ගහන ලදී. එවිට ද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව කියන රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන පතාක යෝධයෝ දඩ බඩ ගා නිවේදන නිකුත් කරමින් එයට විරෝධය පළ කළහ.  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කට්ටිය රට ගිහින් නිසා පිකටිං පමණක් නොතිබිණි. සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි   යනුවෙන් අප ලියූ ලිපිය හේතුවෙන් ඇතැමෙකුට ඩෝං ගිහින් තිබේ. එහෙත් එහි තිබෙන කරුණු ගැන කවුරුවත් මොකවත් කියන්නේ නැත.  අප මෙම ප්‍රහාරය අනුමත කරනවාදැයි සමහරු අසති. නැත. අප කිසි සේත්ම මෙම ප්‍රහාරය අනුමත කරන්නේ නැත.  මෙම ප්‍රහාරය පාලකයන්ගේ පැත්තෙන් වූ දෙයක් මෙන් ම වෙනත් ආකාරයකට වූ දෙයක් ද වන්නට පුළුවන. මේ මාධ්‍ය ආයතනය වනාහි රජ පවුලට කඩේ යමින් ලාභ ගරා ගැනීමේ චේතනාවෙන් ආරම්භ කර ආණ්ඩුවේ අනුග්‍රහයෙන් දැන්වීම් හා වෙනත් ආකාරවලින් පොම්ප වූ සොරකම් කරන ලද මහජන මුදලින් ගොඩනැඟුණු ආයතනයකි.  ආණ්ඩුව මේ මාධ්‍ය ආයතනය වැට්ටවූ බව ඇතැමෙක් කියති. ජවිපෙ ආණ්ඩුවත් සමග දීග කන කාලයේ ලංකා පුවත්පතට ද ආණ්ඩුවේ දැන්වීම් ලැබිණි. දැන් ඒවා නැත. එමෙන් ම ලංකා පත්තරයට රාවයට මෙන් රාජ්‍...

සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි

Image
(2010 ජුලි 31,  W3Lanka )  සියත මාධ්‍ය ආයතනයට කවුරු හෝ එල්ල කළ ප්‍රහාරයෙන් එක හොඳක් සිදු වී තිබේ. එනම් කවුරුවත් නො බලන තත්වයක තිබුණු මෙම රූපවාහිනී සේවයට යළි විකාශනය ආරම්භ කළ හැකි නම්, අඩු තරමේ මේක මොකක්ද,  මේකට ගැහුවෙ ඇයිදැයි ආදිය දැන ගන්නට හෝ මිනිස්සු මෙම රූපවාහිනී නාලිකාව බලනු ඇත.  ඩයලොග් ටී.වී. හරහා කෙටි කලක් සියත විකාශනය වෙද්දී මෙම ලේඛකයා වරක් දෙවරක් සියත නරඹා ඇත. වර්තමානයේ පවතින තරගකරී මාධ්‍ය වෙළඳපොල තුළ ප්‍රේක්ෂක අවධානය රඳවා ගත හැකි කිසිදු නිර්මානශීලිත්වයක් එහි දක්නට නො ලැබිණි. අන්තිමේදී ඩයලොග් ආයතනයට ගෙවීමට ඇති මුදල් නො ගෙවීම නිසා සියත ඩයලොග් ටී.වී. වෙතින් ඉවත් කෙරිණි.  සියත ආයතනය විසින් ඉස්සර පුවත්පතක් ද පවත්වාගෙන යන ලදී. රාවයේ වැඩ කළ මංජුල වෙඩිවර්ධන අති විශාල වැටුපකට සියතට කර්තෘ ලෙස එක් වූ අතර එහි ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරූ අතුල විතානගේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිටි තදබල ක්‍රියාකාරිකයෙකි.  මේ ඩබල සහ වැඩි පඩියට සියතට එක් වූ සෙසු වාමාංශික පිරිස් රජ පවුලට කඩේ ගිය සියතේ උවමනාවට ගැලපෙන පරිදි පුවත්පතේ පිටු රජ මාළිගාවට ගෙන ගොස් අනුමත ක...

අයිතිය තහවුරු කළ යුතුව තිබෙන්නේ කුමන අදහස් ප්‍රකාශනයේ හා තොරතුරු දැන ගැනීමෙහිද?

Image
(2010 ජුනි 22,  W3Lanka )  පීඩිත ජනයා ඒකරාශී කිරීම අරමුණු කර ගත් පොදු ප‍්‍රතිපත්ති මාලාවක් සැකසීමේදී ජනමාධ්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ අදහසක් දක්වන ලෙස පසුගිය දිනෙක අපට ආරාධනාවක් ලැබිණි.  සාමාන්‍යයෙන් ගත් කල සමාජයේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඇති ප්‍රගතිශීලී සටන් පාඨය ලෙස සැලකෙන්නේ 'තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස' තහවුරු කිරීමයි.  වාමාංශික ස්වරූපයකින් පෙනී සිටින මාධ්‍යකරුවන් විසින් අටවා ගන්නා ලද මුදල් සොරකම් කිරීම හා මාධ්‍යකරුවන්ගේ මුවාවෙන් යුරෝපා රටවල සැප පහසු ජීවිත අපේක්ෂා කරන නිකමුන්ට දේශපාලන රැකවරණ සොයා දීමේ තැරැව්කාර නියෝජිතායතනයක් ලෙස කටයුතු කිරීම පිණිස කටයුතු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි රාජ්‍ය නොවන සංවිධාන හොර ජාවාරම් ද පෙනී සිටින්නේ 'තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස' වෙනුවෙන් 'සටන් කිරීම' සඳහා යයි  කියනු ලැබේ.  එහෙයින් ම මේ සටන් පාඨයේ කිසියම් අඩුපාඩුවක් ඇති බව අපට පෙනේ. පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියන සුළු ධනේශ්වර සොරුන්ට  ද, ධනේශ්වර ලිබරල්වාදීන්ට හා පීඩිත පංති ව්‍ය...

උවිඳු අඳුර: කුරුකුලසූරිය කේලාම් කිව්වා ද? රාජපක්ෂ බොරු කිව්වා ද?

Image
Labels: උවිඳු කුරුකුලසූරිය , නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (අගෝස්තු 18, 2009 - W3Lanka) 2009 ජුනි 07 දින 'ද නේෂන්' පුවත්පතේ පළ වූ ලිපියක් පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු වූ උවිඳු කුරුකුලසූරිය  විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීමක් අගෝස්තු 16 දින එම පුවත්පතේ පළ විය.  ජනාධිපතිවරයාත්, ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයනුත් අතර පැවති සාකච්ඡාවක් පිළිබඳ සඳහන් වී ඇති අදාළ ලිපියේ කියැවෙන පරිදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව උවිඳු ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිවරයා සාකච්ඡාවට සහභාගි වූ අයට කියා තිබේ. දැන් උවිඳු පවසන්නේ තමන් කිසිදු දිනෙක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව ජනාධිපතිවරයාට කරුණු කියා නැති බවයි. තමන් කී දෙය සත්‍ය බව පුවත්පත දැඩිව පවසයි. උවිඳු කුරුකුලසූරිය වනාහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අභ්‍යන්තර ශෝධනයක් පිළිබඳව දැඩි සටනක් කළ පුද්ගලයෙකි. එම සටනේ ප්‍රතිඵල ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වු අතර සංවිධානයේ ව්‍යූහයේ බරපතළ වෙනස්කම් ද සිදු විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බොහෝ පැරණි නායකයන් ජීවිත තර්ජන ඇතැයි කියා විදේ...