Posts

Showing posts with the label සිඟමන

සිඟන මරුවෝ දැන් කළු ගල්වලින් ගසා හිස පොඩි කර ආබාධිතයිනුත් මැරීම අරඹලා

Image
(2010 ජුනි 30,  W3Lanka )  මෑතක සිට කළු ගල්වලින් පහර දී සිඟන්නන් මරා දැමීම කරගෙන යන, පොලිසියට අත්අඩංගුවට ගත නො හැකි නව ත්‍රස්තවාදයට ඉලක්කයක් වැරදී ගල්කිස්සේදී සිඟන්නකු වෙනුවට ආබාධීතයකු මරා දමා තිබේ. රාත්‍රි ආහාර සඳහා කෑම පැකට්ටුවක් රැගෙන නිවසට යමින් සිටියදී හදිසියේ පතිත වූ වර්ෂාව නිසා අසල පිහිටි Trust in your tomorrow, today හෙවත් ඔබේ හෙට දවස ගැන අද විශ්වාස කරන්නැයි කියන යුනියන් ඉන්ෂුවරන්ස් ගොඩනැඟිල්ලේ ඉදිරිපිට වැස්ස අවසන් වනතුරු රැදී සිටියදී හිසට ගලකින් පත බා මරා දමන ලද මෙම පුද්ගලයා ලොතරැයි විකිණීම ජීවිකාව කර ගත් ශ්‍රී ජන මාවත, අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මහේෂ් පෙරේරා නැමැති 38 හැවිරිදි ආබාධිතයෙකි. ලෝකයේ දියුණු රටවල් 'ආබාධිතයන්' හෙවත් disabled යන වදන පවා 'වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන්' හෙවත් differently abled ලෙස වෙනස් කරමින් ඔවුන්ගේ සමාජ තත්වය නැංවීමට කටයුතු කරද්දී ලංකාවේ සිදු වන්නේ ආබාධිතයන්ගේ ද හිස කළු ගල්වලින් තලා පොඩිපට්ටම් කර මරා දැමීමයි. මේ බෞද්ධ රටේ අන්තර්ජාලය පරිහරණය කරන ඇතැම් ටයි පැළඳි ම්ලේච්ඡයෝ පවා මෙම ඝාතනය කිරීම් මහ ඉහළින් වර්ණනා කරන ආකාරය...

සිඟාකෑම, ගසාකෑම, අනාගෙන කෑම සහ බස් ධාවනය

Image
(2010 අප්‍රේල් 27 -  W3Lanka  )  පෞද්ගලික බස් රථවලට ගොඩවී සිඟාකෑම හා වෙළඳාම් කිරීම මැයි 1 දා සිට තහනම් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න තීරණය කර ඇති බව අද පුවත්පත් වාර්තා කරයි. තහනම් නියෝග නිකුත් කරන ගැමුණු විජේරත්න යනු බස් හිමියන්ගේ සංගමයක සභාපතිවරයකු මිස රාජ්‍ය නිලධාරියකු නොවේ. එහෙත් ඔහුට නීතිමය පදනමක් තිබේ. ජාතික ගමනාගමන කොමිසන් සභාව මඟින් දුරගමන් බස්රථ සඳහා නිකුත් කරන මාර්ග බලපත්‍රවල සිඟාකෑම හා වෙළඳාම තහනම් බවට සඳහන් කර ඇති බවද ඒ මහතා කියයි. සිඟාකෑම සහ වෙළෙඳාම් නතර කිරීමට පොලිසියේ සහායද අවශ්‍ය බව විජේරත්න මහතා කියයි. අප සිතන පරිදි නම් පළමුව අවශ්‍ය වන්නේ බස් සේවකයන්ගේ සහායයි. අනෙක් පැත්තෙන් මාර්ග බලපත්‍රවල තිබෙන අනෙකුත් කොන්දේසි ගැන ගැමුණු විජේරත්නට කියන්නට තිබෙන්නේ කුමක්ද? පෞද්ගලික බස් සේවයෙහි තිබෙන ප්‍රධාන ගැටලුව සිඟමන් යැදීම හා වෙළඳාම නොවේ. බස් සේවකයන්ට විනයක් නැතිකම, අධික ලෙස සෙනග පැටවීම, අධි වේගයෙන් හෝ අධික සෙමින් ධාවනය, සුඛෝපභෝගී යයි කියා වැඩිපුර මුදල් අය කරන බස්වල කිසි ම සුඛයක් නැති වීම වැනි තමන්ට ඍජුව ම අදාළ ප්‍රශ්න ගැන...