ලාංකික 250ක් ජෙඩා පාලමක් යට දුක් විඳිති; ගෙන්වා ගන්න - රංජන් රාමනායක


(2009 ඔස්තෝබර් 30 - W3Lanka) සවුදි අරාබියේ ජෙඩා නගරයේ පාලමක්‌ යට යන එන මං නැතිව ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් 350 ක පමණ පිරිසක්‌ වහාම මෙරටට ගෙන්වා ගන්නා ලෙස සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂ නායක රන්ජන් රාමනායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ඊයේ ලිපියක් මගින් ඉල්ලා සිටියේය.

විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න පිළිබඳ නිතර කතා කරන්නකු ලෙස ප්‍රකට රාමනායක පවසන්නේ සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ පිළිබඳ පැමිණිලි කර ඇතත් පළක්‌වී නැති බවයි. 



විදේශ ශ්‍රමිකයන් විසින් රටට එවන විනිමය රටේ දෙවන ප‍්‍රධාන ම ආදායම් මාර්ගය වුව ද ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ප්‍රමාණවත් කාර්යයක් කරන්නේ නැත.. 2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි.

ලංකාවේ විදේශ ශ‍්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ‍්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක් හෙවත් රු.14,000ක් පමණ වේ. මෙය දකුණු ආසියාතික රටවල සාමාන්‍ය අගය වූ ඩොලර් 33 මෙන් අටගුණයකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා