Posts

Showing posts with the label විදේශ ශ්‍රමිකයෝ

කොරියාවේ ගල් වන මල්ලිලා නංගිලා වෙනුවෙන්

Image
කොරියා සිහින විභාගය - Sunday Times photo ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුත් කොරියාවේ රැඳී සිටින 4000ක් ශ්‍රී ලාංකිකයන් නිසා මේ වන විට ගැටලුවක් ඇති වී තිබේ. ඔවුන්ගේ නීති විරෝධී රැඳී සිටීම නිසා අලුතින් එහි යන්නට සිටින පුද්ගලයන්ට අවස්ථාව නො ලැබෙන තත්වයක් මතු වී තිබේ. මේ අතර සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ඊශ්‍රායල් රජය ද ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත. එසේ රැඳී සිටීමෙන් ලාංකිකයන්ට ඊශ්‍රායල රැකියා වෙළඳපොළ ද අහිමි වෙතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය බිය පළ කර සිටී. ඊශ්‍රායලයේ නම් වැඩිපුර ලාංකිකයන් සිටින්නේ සත්කාරක සේවයේ ය. එහෙත්, දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් වැඩි දෙනෙක් යෙදී සිටින්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තවල ය.  ඔවුන් සිය සේවා ගිවිසුම අවසන් කර ලංකාවට එන්නේ කිසියම් නිෂ්පාදන ක්ෂේත්‍රයක විශේෂඥ පුහුණුවක් සහිත කම්කරුවන් ලෙසයි.  එහෙත්, ලංකාවට පැමිණි පසු මේ බොහෝ දෙනෙක් කරන්නේ කඩ දැමීම, කඩ කාමර කුලියට දීම, ත්‍රිරෝද රිය හෝ වෙනත් වාහන සේවා සැපයීම, පොළියට දීම, ජෝඩුවලට කාමර කුලියට සැපයීම වැනි නිෂ්පාදන ආර්ථිකයට...

දළු කඩන "තේමිස්ලා" හා ඵල නෙළන සර්ලා

Image
පසුගිය දිනෙක මගේ මිතුරන් පිරිසක් වි‍දේශ රැකියාවල යෙදෙන ගැහැනුන් ගැන කරමින් සිටි කතාබහකට සහභාගි වුණෙමි. ඔවුන් කතා කරමින් සිටියේ ලංකාවේ ගෘහ සේවිකා ගැහැනුන් මැද පෙරදිගදී හිංසනයට ලක් වන්නේ ඇයි ද යන්නයි. ඔවුන් එයට එක් හේතුවක් ලෙස දුටුවේ ගැහැනුන්ගේ වනච‍රකමයි. ගෘහ සේවිකාවන් ලෙස ලාංකීය ගැහැනුන් රට යැවීම තහනම් කළ යුතු බව එකෙක් කීවේ ය. එහෙම කළොත් රජයේ සේවකයන් වන ඔවුන්ට වැටුප් ගෙවීමට රජයට මුදල් නැති වන බව මම කීවෙමි. මේ වන විට රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන්නේ ලාංකීය ගැහැනුන් වහල් සේවය සඳහා රට පැටවීම බව මම‍ පෙන්වා දුන්නෙමි. එපමණක් නො ව, තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් කර්මාන්තයේ ද යෙදී සිටින බහුතරය කාන්තාවෝ ය. සම්ප්‍රදායිකව ම තේ, රබර් වැනි කර්මාන්තවල යෙදී සිටින්නන්ගෙන් බහුතරය ද කාන්තාවෝ ය. එහෙත්, ලංකාවේ මධ්‍යම පංතික‍යන් මෙවැනි වෘත්තීන් දෙස බලන්නේ මහත් පිළිකුළෙනි. අම්මලා මැද පෙරදිග රටවල රැකියාවල යෙදී සිටින දරුවෝත්, අම්මලා ඇඟලුම් කම්හල්වල රැකියාවල යෙදී සිටින දරුවෝත් ගුරුවරුන්ගේ අවඥාවට ලක් වන ආකාරය මම දැක ඇත්තෙමි.. එවැනි අවඥාවට ලක් කිරීම්වලට කාන්තාවෝ ද සහභාගි වෙති. අපේ පැත්...

රිසානාලා වෙනුවෙන් කතා කරන රන්ජන් රාමනායකට අපේ ප්‍රණාමය

Image
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක සිනමා තිරයේදී බොල් වීරයකු හා අදක්ෂ නළුවකු වන මුත්, දීර්ඝ කාලයක සි‍ට මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ හිමිකම් වෙනුවෙන් කරන පෙනී සිටීම නිසා ඔහු සිය දේශපාලන ජීවිත‍යට වටිනාකමක් එකතු කරගෙන තිබේ. දුප්පත්කම නිසා අඩු වයසින් මැදපෙරදිග ගොස් සිටියදී පැටලුණ මිනීමැරුම් චෝදනාවකින් වරදකරු වී එරට රජය විසින් හිස ගසා මරා දමන ලද රිසානා නෆීක්ගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු නොකිරීම ගැන විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති ඩිලාන් පෙරේරාට එරෙහිව ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පරාජය විය. එහෙත් මේ ඝාතනයට ලංකාවේ ආණ්ඩුව ඉතා පැහැදිලිවම වගකිව යුතුය. රිසානාගේ හිස ගසා දැමීමෙන් පසුව පවා සවුදි රජය ඇය එකී වරද කරන විට බාල වයස්කාරියක බව පිළි ගත්තේ නැත. රිසානා ඝාතනයෙන් පසුව නිකුත් කරන ලද නිවේදනයකින් පවා සවුදි රජය කීවේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ගමන් බලපත්‍රය අනුව ඇය බාල වයස්කාරියක නොවූ බවයි. ජනාධිපති දක්වාම මැදිහත් වී පවා මේ කරුණ ඔප්පු කිරීමට රජය අසමත් වීම මේ ඝාතනයට මුල් විය. රිසානාලා වැනි දුප්පත් ගැහැනුන් ර‍ට පටවා මෙරටට ගෙන්වා ගන්නා විදේශ විනිමයෙන් ජොලි කරන්නන් සිටින ...

අප පිටරටට විකුණන වහලුන්ට හිමි ගෞරවය / Disowned respect of the Sri Lankan expatriate slaves

Image
මේ වසරේ (2011) පළමු මාස හයේදී විදේශ සේවා නියුක්‌තිකයන් විසින් මෙරටට එවන ලද විදේශ මුදල් ප්‍රමාණය (විනිමය ප්‍රේෂණ) සියයට 26.4 කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව ගිය වසරේ (2010) පළමු මාස හයේදී විදේශ සේවා නියුක්‌තිකයන් මෙරටට එවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1983.12 ක විදේශ විනිමය ප්‍රමාණය, මේ වසරේ (2011) පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් මිලියන 2506.57 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි)  විදේශ සේවා නියුක්තිකයන් යයි හැඳින්වුණාට මේ පිරිසෙන් බහුතරය වනාහි නූතන වහල්ලු ය. හේතුව, ඔවුන් එකී රටවලදී කිසිදු ශ්‍රම හිමිකමක් භුක්ති නො විඳ වහල් සේවයේ යෙදෙන බැවිනි. ලංකාවේ අද වන විට ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය වන්නේ වහල් වෙළඳාමයි.  කලක් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ තේ අද වන විට අර්බුදයට ලක් වී තිබේ. නවතම තත්වය තුළ, වැවිලි ක්ෂේත්‍රයේ හාම්පුත්තු පසුගිය අප්‍රේල් මාසයේ සිට වතු සේවතයන්ට වැටුප් වැඩි කරමින් අත්සන් කරන ලද සාමූහික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කර සිටිති. හේතුව, ලිබියාවේ අර්බුදය නිසා තේ වෙළඳපොළ කඩා වැටීමයි.  ලංකාවේ පාලකයන් ජොලි කරන්නේ ද, රජයේ සේවකයන් වැ...

සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ඔන්න ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ට හා විදේශ ශ්‍රමිකයන්ට මැරෙනකල් විශ්‍රාම වැටුප් ගෙවන්න රු. 200ක් ම දෙනවලු

Image
(2011 අප්‍රේල් 28,   W3Lanka )   පෞද්ගලික අංශයේ සේවකයන්ට හා විදේශ සේවා නියුක්තිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නට ය කියා අරමුදල් පිහිටුවීම පිණිස රජය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සිටි පනත් දෙක සේවක විරෝධය නිසා ඉවත් කර ගැනිණි. මහජන මුදලින් ව්‍යාපාර කරන හා ඒවායේ ලාභ විවිධාකාරයෙන් ගරා ගන්නා, පාඩු මහජනතාව පිට ම පටවන ලංකාවේ පාලක පැළැන්තියට ඇත්තෙන් ම උවමනා වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයන් විසින් ඉතිරි කර ඇති විශ්‍රාම පාරිතෝෂික මුදල් හා මාසිකව තපා ගන්නා තවත් මුදල් යොදවා තමන්ට පාලනය කළ හැකි තවත් දැවැන්ත ප්‍රාග්ධන අරමුදල් දෙකක් ගොඩනඟා ගැනීමයි. පෞද්ගලික අංශයේ හා විදේශ ශ්‍රමික සේවකයන්ට ජීවත් වීමට සරිලන විශ්‍රාම වැටුපක් තහවුරු කර දීමේ හැකියාවක් මෙම විශ්‍රාම වැටුප් යෝජනාවල නැත. රජය ඔය කියන තරම් ම වැඩිහිටියන්ට ආදරය කරන්නේ නම් මුලින් ම කළ හැකි හොඳ ම දෙයක් වන්නේ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ යළි ඇගයීමක් කර ජීවත් වීමට නො සරිලන විශ්‍රාම වැටුප් ලබන වයස්ගත දිළින්දන් වෙනුවෙන් යමක් කිරීමයි. නිදසුනක් ලෙස, වයස 70 පසු කළ විශ්‍රාමිකයන්ට ඔවුන් විශ්‍රාම යන විට ලැබූ වැටුපෙන් 100%ක් ම වි...

ගැහැනුන් අරාබින්ට විකුණාගෙන කන ලංකාවේ සියලු පිරිමි මේ මියගිය දැරියගෙන් සමාව ගත යුතු ය

Image
( 2010 සැප්තැම්බර් 29,  W3Lanka )  ලංකාවේ ජාතික වීරයන් මොන ලොකු ටෝක් දැම්මත්, මුළු ලංකාව ම විලි ලැජ්ජා නැතිව ජීවත් වන්නේ මැද පෙරදිග තෙල් සල්ලිකාරයන්ගේ ගෙවල්වල පර වැඩ කිරීමට ‍මේ ලෝකෙන් ම උතුම් ය කියන රටේ ගැහැනුන් අපනයනය කිරීමෙනි. මේ නීච ක්‍රියාව කෙබඳු ද යත් අරාබිකාරයන් ශ්‍රී ලංකන් එකක් කියන්නේ වැඩකාර ගැහැනියකටයි.  මේ වන විට ලංකාවේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන මාර්ගය මැද පෙරදිගට ගැහැනුන් අපනයනය කිරීමයි. හත්මුතු පරම්පරා උගස් කර ණය ගෙන, අත දිග හැර වියදම් කරමින් කොමිස් ගහන ඩොලරුත්, අල්පෙනෙත්තේ සිට ගුවන් යානය දක්වා බඩු රටින් ගෙන්නීම සඳහා යන මුදලුත් ආවරණය කර ගන්නේ මේ දිළිඳු ගැහැනුන්ගේ රීරි මාංසයෙනි. පසළොස් පක්ෂයකට අධික වන ලංකාවේ විදේශ ශ්‍රම බලකායෙන් දස ලක්ෂයකටත් වඩා වන අති බහුතරය නුපුහුණු ගෘහ සේවිකාවෝ ය. පසුගිය කාලයේ ආණ්ඩුවේ ලොකු ලොක්කන් දැමූ එක් පොර ටෝකක් වන්නේ ලංකාව ගෘහ සේවිකාවන් වැනි නුපුහුණු ශ්‍රමිකයන් රට යැවීම නතර කරන බවයි. එහෙත්, ඇත්ත කාරණය වන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියාවලට යාම වැළැක්වීම සඳහා ගත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමේ හෝ ...

ආරියවතීලා ඇණ ගසන අරාබියේ වහල් සේවයට යැවීම වහා නවතනු! | Stop sending Sri Lankan women to housemaid slavery in middle east

Image
( 2010 සැප්තැම්බර් 07,  W3Lanka )  ලංකාවට විදේශ විනිමය ඉපැදවීම පිණිස සවුදි අරාබියේ වහල් සේවයේ යොදවා තිබෙන ලක්ෂ පහක් වන ලාංකික ගෘහ සේවිකාවන්ගේ සුබසාධනය පිණිස එරට ලංකා තානාපති කාර්යාලය විසින් සේවයේ යොදවා තිබෙන්නේ පිරිමි තිදෙනෙකු පමණක් බව දීර්ඝ කාලයක සිට මැද පෙරදිග ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් ව කටයුතු කරන රන්ජන් රාමනායක පවසයි. මේ තත්වය ගැන ලංකාව ජාතියක් ලෙස ලජ්ජා විය යුතු ය. ජාතියේ ආඩම්බර තාත්තා බඩ කපා ගත යුතු ය.  ජාතියක් ලෙස අප ජීවත් වන්නේ සවුදි පරපීඩා කාමුකයන්ට ඇණ ගැසීමට තිහගොඩ ආරියවතීලා විකිණීමේ පිම්පි ජාවාරමෙන් බව, විශේෂයෙන් ම, දේශප්‍රේමී, ජාති හිතෛශී පිරිමි උදේ සවස සිහිපත් කර ගත යුතු ය.   මැද පෙරදිග මෝඩ සල්ලිකාරයන්ට ශ්‍රී ලංකාව යනු වැඩකාර ගැහැනුන් බව ද, ශ්‍රී ලංකන් එකක් යනු වැඩකාර ගැහැනියක් බව ද දේශප්‍රේමීනි, තොපි දන්නෙහි ද? ලංකාවෙන් රට පටවා තිබෙන දහ අට ලක්ෂයක් වන විදේශ ශ්‍රමිකයන්ගෙන් අති බහුතරය ඉතා අඩු පඩියට වහල් සේවයේ යෙදී සිටින ගෘහ සේවිකාවෝ ය. සුළු ආදායමක් වෙනුවෙන් මෙම කාන්තාවන්ගේ පවුල්වල දරුවන්ට මව් සෙනෙහස අහිමි වී තිබේ. සමස්තයක් ලෙ...

විදේශ ශ්‍රමිකයිනි, ඔබේ වටිනා ඡන්දය මේ ආණ්ඩුවට දී ඔබ දුක සේ උපයා එවූ මුදලින් මේ දේශපාලන හා රජයේ සේවක පරපෝෂිතයන් නඩත්තු කරනවාද? | Expatriate workers, will you maintain these parasites further with your hard earned remittances?

Image
(2010 මාර්තු 24- W3Lanka )  විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් එස්.සිරිසේන පවසන පරිදි විදේශ රැකියාවල යෙදෙන ලාංකිකයන් ඇමරිකන් ඩොලර් බිලියන 3.3ක හෙවත් රුපියල් කෝටි 33000ක විදේශ විනිමය 2009දී ලංකාවට එවා තිබේ. ඒ අනුව, 2009දී ලංකාවේ ප්‍රධාන වදේශ විනිමය උත්පාදන මාර්ගය වී ඇත්තේ විදේශ රැකියායි. ආණ්ඩුවේ දේශපාලකයන් විදේශ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයන්ගෙන් ආරම්භයේදී ම සැලකිය යුතු මුදලක් ගසා කති. මෙම විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ආණ්ඩුව කරන එකම වැදගත් සේවය වන්නේ යම් පුද්ගලයකු එතෙරදී මිය ගියහොත් මාස ගණනක් පමා වී හෝ මිනිය මෙරටට ගෙන්වා දීමයි. ‍සේවයේ යෙදී සිටින හෝ ආපසු මෙරටට පැමිණි විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ආණ්ඩුව කිසිදු ඵලදායී සුබසාධන සේවයක් සපයන්නේ නැත. මේ මිනිසුන් එතෙරදී දහ දුක් විඳ උපයාගෙන එන මුදලින් ආණ්ඩුව කරන්නේ තමන් ඇතුළු පරපෝෂිතයන් රොත්තක් නඩත්තු කිරීමයි. දේශපාලකයන් සහ රජයේ සේවකයන් නම් වන මෙම පරපෝෂිතයන්ට නිකම් සිට වැටුප් ගැනීමට හා මැරෙන තෙක් විශ්‍රාම ලැබීමට ද පහසුකම් රජය විසින් සපයා තිබේ. රටට විදේශ විනිමය ගෙන එන විදේශගත ශ්‍රමිකයන්ට මේ කිසිවක් නැත....

රටට රු. කෝටි 35,000ක් ගෙන එන විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රජය කර ඇත්තේ කුමක්ද?

Image
(2010 ජනවාරි 16 -W3Lanka) මේ වසරේදී (2010) විදේශ සේවා නියුක්‌තිකයන්ගෙන් අප රටට ලැබෙන මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 හෙවත් රු. කෝටි 35,000 ඉක්මවා යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇස්‌තමේන්තු කර ඇත. 2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි.  2008දී 252,021ක් ලාංකිකයන් විදෙස් රැකියා සඳහා නික්ම ගොස් තිබෙන අතර, එයින් බහුතරය ගෘහ සේවිකා කාන්තාවෝ වෙති.  ලංකාවේ විදේශ ශ්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක් හෙවත් රු.14,000ක් පමණ වේ. මෙය දකුණු ආසියාතික රටවල සාමාන්‍ය අගය වූ ඩොලර් 33 මෙන් අටගුණයකි.   විදේශ රටවල රැකියා කරන ලාංකිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් පිරිනමන බවට පොරොන්දුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ එවැනි ශ්‍රමික පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී නිකුත් කරන ලදී.   විදේශ ශ්‍රමිකයෝ රටේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන...

විදේශ ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් දෙන බවට ජනාධිපති පොරොන්දුව ඡන්ද ගුංඩුවක් නොවේවා!

Image
(2010 ජනවාරි 06 -W3Lanka) විදේශ රටවල රැකියා කරන ලාංකිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් පිරිනමන බවට පොරොන්දුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ එවැනි ශ්‍රමික පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී නිකුත් කරන ලදී. මෙය මැතිවරණ සමයේදී කට කහනවට කියන කතාවක් හා හිස් ඡන්ද ගුංඩුවක් නො විය යුතු වැදගත් පොරොන්දුවකි. ජනාධිපතිවරයා ම කියන පරිදි සිය තරුණ විය රටට මුදල් ඉපැයීම සඳහා යොදවන මෙම පිරිස වියපත් වූ පසු ඔවුන් නො තකා හැරීම වැරදි ය.  2009 වසරේ ද විදේශ රැකියා ලංකාවේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන මාර්ගයක් විය. ලංකාවේ පාලකයන්, ඔවුන්ගේ පවුල් හා ඇම්බැට්ටයන් සැප ගන්නේ මේ පීඩිතයන් විදේශිකයන්ට කඹුරා උපයන තුට්ටු දෙකෙන් බැවින් ඔවුන් වෙනුවෙන් සුබසාධනය සැලසීම ආණ්ඩුවේ සදාචාරාත්මක වගකීමකි. ලංකාවේ විදේශ ශ්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක් හෙවත් රු.14,000ක් පමණ වේ. මෙය දකුණු ආසියාතික රටවල සාමාන්‍ය අගය වූ ඩොලර් 33 මෙන් අටගුණයකි. 2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලි...

ලාංකික 250ක් ජෙඩා පාලමක් යට දුක් විඳිති; ගෙන්වා ගන්න - රංජන් රාමනායක

Image
(2009 ඔස්තෝබර් 30 - W3Lanka ) සවුදි අරාබියේ ජෙඩා නගරයේ පාලමක්‌ යට යන එන මං නැතිව ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් 350 ක පමණ පිරිසක්‌ වහාම මෙරටට ගෙන්වා ගන්නා ලෙස සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂ නායක රන්ජන් රාමනායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ඊයේ ලිපියක් මගින් ඉල්ලා සිටියේය. විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න පිළිබඳ නිතර කතා කරන්නකු ලෙස ප්‍රකට රාමනායක පවසන්නේ සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ පිළිබඳ පැමිණිලි කර ඇතත් පළක්‌වී නැති බවයි.  විදේශ ශ්‍රමිකයන් විසින් රටට එවන විනිමය රටේ දෙවන ප‍්‍රධාන ම ආදායම් මාර්ගය වුව ද ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ප්‍රමාණවත් කාර්යයක් කරන්නේ නැත.. 2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි. ලංකාවේ විදේශ ශ‍්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ‍්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් ...

ලංකාවෙන් මිනිසුන් පළා යන්නේ ඇයි?

Image
(2009 ඔක්තෝබර්  20 - W3Lanka ) ඉන්දුනීසියා මුහුදේදී අනවසර සංක්‍රමණ හේතුවෙන් අත්අඩගුවට පත් වී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉන්දුනීසියානු හා ශ්‍රී ලාකික නීති යටතේ කටයුතු කරන බව විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පවසයි. අනවසර සංක්‍රමණිකයන් ලෙස විවිධ රටවලට ගොස් අත්අඩංගුවට පත්වීමෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානි සිදු කිරීමට ඉඩ දිය නොහැකි බව ඔහු සඳහන් කරයි. බහුතරයක් දෙමළ ජාතිකයන් යයි අනුමාන කෙරෙන මෙම සරණාගතයෝ තමන් ආපසු ලංකාවට නො එවන ලෙස හා ඕස්ට්‍රේලියාවට නොවේ නම් වෙන රටකට හෝ තමන් යවන ලෙස ඉල්ලා සිටිති.  මේ අතර තවත් 76ක ශ්‍රී ලාංකික යයි අනුමාන කෙරෙන පිරිසක් පසුගිය ඉරිදා කැනඩා මුහුදු සීමාවේදී එරට නාවික හමුදා අත්අඩංගුවට පත් වූහ.  මෙසේ පළා යන අය අතර දෙමළ ජනයා වැඩි වීමට හේතු වන්නේ ඔවුන් මේ රට තුළදී මුහුණ දෙන අනතුරුදායක තත්වය මෙන් ම විදේශවලට සංක්‍රමණය වීමේ වැඩි නැඹුරුවක් දෙමළ මධ්‍යම පංතික සමාජය තුළ පැවතීම නිසා ය. බොහෝ දෙමළ මධ්‍යම පංතිකයන්ගේ ඥාතීන් දියුණු රටවල පදිංචි වී සිටින අතර, ඔවුන් එසේ යන්නේ සරණාගතයන් ලෙසයි. විදේශයන්ට පළා යන දෙමළ ජාතිකයන් පමණක් නොව සිංහලයන් පවා කියන්නේ තමන්ට මේ රටේ ...

විදේශ ශ්‍රමිකයන් රටට සම්පතක්: රට යැවීමේදී අතරමැදි ගැරිලි නවතනු - එ.ජා. සංවර්ධන වැඩසටහන

Image
(2009 ඔක්තෝබර්  14 - W3Lanka ) ලංකාවේ විදේශ ශ්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක් හෙවත් රු.14,000ක් පමණ වේ. මෙය දකුණු ආසියාතික රටවල සාමාන්‍ය අගය වූ ඩොලර් 33 මෙන් අටගුණයකි. 2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි. මෙය රටේ ප්‍රධාන ම ආදායම් මාර්ගයකි. මෙම කරුණු හෙළිදරව් කරනු ලැබුවේ එක්සත් ජනපද සංවර්ධන වැඩසටහනේ දේශීය නියෝජිත නීල් බූන් විසින් පෙරේදා 2009 මානව සංවර්ධන වාර්තාව ඉදිරිපත් කරමින් කොළඹ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී ය. 2008දී 252,021ක් ලාංකිකයන් විදෙස් රැකියා සඳහා නික්ම ගොස් තිබෙන අතර, එයින් බහුතරය ගෘහ සේවිකා කාන්තාවෝ වෙති.  ශ්‍රමිකයන් පිටරට යැවීම මේ වන විට විශාල ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. ඇතැම් ඇමතිවරු පවා ශ්‍රමිකයන් පිටරට යැවීමේ ජාවාරම් පවත්වාගෙන යති. 2009 මානව සංවර්ධන වාර්තාව ශ්‍රමිකයන් පිටරට යැවීමේදී අතරමැදියන...