දුප්පත් තරුණයන්ගේ යුද්ධය
(2009 ඔක්තෝබර් 09 - W3Lanka) යුද්ධයේදී සියයට අසූ හතරයි දශම හතක් (84.7% ) ඉදිරියෙන් සිටියේ සාමාන්‍ය සෙබළාගේ සිට කෝප්‍රල් දක්වා අය බව ද මේ යුද ජයග්‍රහණය සඳහා ඔවුන් කැප වූයේ වරප්‍රසාද ලබා ගන්නට නොවන බවද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (7) රාත්‍රී ජාතික රූපවාහිනිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවැසීය.
යුද්ධයේදී මිය ගිය හා බරපතල තුවාල ලැබුවන්ගෙන් 90%ක් පමණ සාමාන්‍ය සෙබළාගේ සිට කෝප්‍රල් දක්වා තනතුරු දැරූ අය බව හමුදා ආරංචි මාර්ග පවසයි.
මෙම තනතුරු දරන අයගෙන් 90%ක් පමණ ළාබාල තරුණයෝ වෙති. ඔවුන්ගෙන් 95%කටත් වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් බව ද හමුදා ආරංචි මාර්ග පවසයි.
''ජනාධිපතිතුමා නිතරම කියු දේ තමයි ආයුධ පිටුපස සිටින පුද්ගලයන් හෙවත් රණවිරුවන් වෙනුවෙන් සුබ සාධන වැඩ පිළිවෙළවල් කළ යුතු බව. ඉපලෝගම රණවිරු ගම්මානයේ නිවාස 1500 ක් ඔවුන් වෙනුවෙන් ඉදිකළේ භාණ්ඩාගාර මුදල්වලින්. සෑම රණවිරුවකු වෙනුවෙන්ම නිවසක් තනා දීම අපේ අරමුණයි,'' යනුවෙන් ද ආරක්ෂක ලේකම්වරයා එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.