Posts

Showing posts with the label යුද්ධය

ආරක්ෂාවට මෙතරම් වියදමක් කාගේ අනාරක්ෂාව නිසා ද?

Image
( 2010 ඔක්තෝබර් 21,  W3Lanka ) ලංකාව 2011 වසරේ රාජ්‍ය ආරක්ෂාව සඳහා වැය කරන්නට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 21,521කි. එනම්, රු. 215,210,000,000 කි. ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව, රටේ ලොකු කුඩා සෑම පුද්ගලයකු ම සිය ආරක්ෂාව වෙනුවෙන් වසරකට රු. 10,760ක් වැය කරයි. පස්දෙනෙකුගෙන් යුත් පවුලක් නම් රු. 53,802ක් හෙවත් මසකට රු. 3165ක් වැය කරයි. මේ වනාහි රටේ සාමාන්‍ය පවුලක සාමාන්‍ය මාසික විදුලි බිල මෙන් දෙගුණයකටත් වැඩි මුදලකි. ලංකාවේ රජය ලබන අවුරුද්දේ රු. ලක්ෂ කෝටියක් ණය ගන්නට බලාපොරොත්තු වේ. මේවාට පොලිය ද එකතු වන බැවින් මේ වසරේ ආරක්ෂක පිරිවැයට අමතරව පොලියක් ද අනාගතයේ මේ රටේ ජනතාව ගෙවිය යුතු ය.  යුද්ධයක් නො තිබුණ මුත් ලංකාව මේ වසරේ ද ආරක්ෂාව වෙනුවෙන් රු. කෝටි 20,000කට වඩා වැය කළේ ය. ලංකාව ආක්‍රමණ තර්ජනයකට මුහුණ දී නැත. එසේ ම රාජ්‍යයට තර්ජනයක් වූ කොටි සංවිධානය ද මුළුමනින් ම පාහේ මර්දනය කර ඇත. කොටින් යළි ගරිල්ලා සංවිධානයක් ලෙස ප්‍රතිසංවිධානය වෙමින් ඇති බවට ද සාක්ෂි නැත. එසේ නම් ආරක්ෂාව වෙනුවෙන් කරන වියදමින්රටේ ජනතාව ආරක්ෂිතව ජීවත් විය යුතු ය. ඔබේ දරුවා පාසලට යැවූ විට කණ පල...

රණවිරුවන් දඩස් ගා කරෙන් බිමට

Image
(2010 පෙබරවාරි 03- W3Lanka )   වන්නියේ මහ සටන්වලින් බුරුතු පිටින් කොටි සටන්කරුවන් මියගිය බිම්වල දැන් රැකවලෙහි යෙදී සිටින සොල්දාදුවන්ට (ඉස්සර රණවිරුවන්ට) පොළව යටින් කෝචොක් හිනාවල් ඇසෙන බවට කතාවක් ඇත. දිවයිනේ පළ වූ පහත ප්‍රවෘත්තිය කියවන්න. මෙහෙයුම් ක්‍රියාදාමයෙන් ඉහළ යුද හමුදා නිලධාරීන් 52ක්‌ ඉවතට කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයුම් ක්‍රියාදාමයට අයත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 52 ක්‌ ඔවුන් දැරූ ප්‍රධානතම ධුරවලින් ඉවත් කර වෙනත් ධුරවලට පත්කර ඇත. මින් 23 ක්‌ මේජර් ජනරාල්වරුය. 27 ක්‌ බ්‍රිගේඩියර්වරුන්ය. දෙදෙනෙක්‌ කර්නල්වරු වෙති. මෙම නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් රජයේ ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන්ට වාර්තා කර ඇත. ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන් දැනටමත් තොරතුරු රැසක්‌ ලැබී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

ෆොන්සේකාට එරෙහි මාධ්‍ය මෙහෙයුම දෙමළ මාධ්‍යවේදීන් හරහා ඇරඹේ

Image
(2009 නොවැම්බර් 23 - W3Lanka ) ජනාධිපති මහින්ද රාජපක්ෂට තියුණු අභියෝගයක් වී තිබෙන සරත් ෆොන්සේකාට එරෙහි මාධ්‍ය ප්‍රහාරය ඉතා සියුම් ලෙස සැලසුම් කෙරෙමින් ඇති අතර එහි පළමු අදියර ලෙස මේ වන විට ඉංග්‍රීසි භාෂාවෙන් ලියන හා වෙබ් අඩවි පවත්වාගෙන යන මාධ්‍යවේදීන් දෙදෙනෙකු සරත් ෆොන්සේකා දැඩිව විවේචනය කරන ලිපි පළ කරමින් සිටිති.  ඩී.බී.එස්. ජෙයරාජ් විසින් සරත් ෆොන්සේකාට පළමු ප්‍රහාරය එල්ල කරන ලද අතර, දෙවන ප්‍රහාරය ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ කර්තෘ කේ.ටී.රාජසිංහම් විසින් දියත් කර තිබේ.  ලංකාවේ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු හතළිස් වසරක දූෂණයෙන් තොර හමුදා මෙහෙයකින් පසු ඉන්නට හිටින්නට ගෙයක් නොමැතිව විශ්‍රාම යන අයකු ලෙස විශේෂයෙන් ම ජවිපෙට සම්බන්ධ ජනමාධ්‍ය විසින් හුවා දක්වමින් තිබියදී ඉහත සඳහන් ලේඛකයන් දෙදෙනා ම එකී කරුණ අභියෝගයට ලක් වන කරුණු ඉදිරිපත් කර ඇත.  මෙහිදී විශේෂයෙන් ම සරත් ෆොන්සේකාගේ වැඩිමහල් දියණියගේ ස්වාමි පුරුෂයා හා හිටපු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුතු වන දනුන තිලකරත්න ලංකාවේ හමුදාව සමග කරන අවි ගනුදෙනුවල අතරමැදියකු ලෙස කටයුතු කරමින් දැවැන්ත කොමිස් ලබා ගන්නා...

උන්ගේ යුද්ධයට කරන වියදම උන්ගේ සාමයට කරන වියදමින් අංශුවයි

Image
මහජන නිදහසට ඇති සියලූ සතුරන් අතරින් ඇතැම් විට වඩාත් ම බියකරු එක විය හැක්කේ යුද්ධයයි. මක් නිසාද යත් එය සෑම ආකාරයක ම විෂබීජ අඩංගු කර ගනිමින් පතුරුවා හරියි. යුද්ධය හමුදාවන්ගේ මව්පියෝ වෙති. එමගින් බදු හා ණය ඇති වේ. එය විසින් බොහෝ දෙනෙකු කීප දෙනෙකුගේ යටතට ගනු ලැබේ. දිගට ඇදෙන යුද්ධයක් මැද කිසිදු ජාතියකට එහි නිදහස තහවුරු කර ගත නොහැකිය. -එක්සත් ජනපදයේ සිව්වන ජනාධිපති ව සිටි දේශපාලන දාර්ශනිකයකු වූ ජේම්ස් මැඩිසන්, දේශපාලන නිරීක්ෂණ, 1705   2008 වසරේ ලෝක යුද වියදම ඩොලර් ට්‍රිලියන 1.46කි. එනම් රු. කෝටි 1,70,06,000කි. එනම් රු. කෝටිවලින් එක්කෝටි හැත්තෑ ලක්ෂ හයදහසකි. (මූලාශ්‍රය: ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ 2009 වාර්ෂික පුස්තකය) මෙය 2007 වසරේ සිට සැලකූ විට සියයට හතරක වැඩි වීමක් වන අතර, 1999 සිට දස වසර තුළ සියයට 45ක වැඩි වීමකි. ලෝක යුද වියදම ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2.4ක් වන අතර ලෝකයේ සෑම පුද්ගලයෙක් ම යුද්ධය වෙනුවෙන් වසරකට ඩොලර් 217ක් හෙවත් රු. 25,000කට වැඩි මුදලක් වැය කරති. ලෝකයේ යුද වියදම්වලින් 41.5%ක්ම කරන්නේ එක්සත් ජනපදයයි. ලෝක යුද වියදමින් 81%ක් ම කරන්නේ රටවල් 1...

දුප්පත් තරුණයන්ගේ යුද්ධය

Image
(2009 ඔක්තෝබර්  09 - W3Lanka ) යුද්ධයේදී සියයට අසූ හතරයි දශම හතක් (84.7% ) ඉදිරියෙන් සිටියේ සාමාන්‍ය සෙබළාගේ සිට කෝප්‍රල් දක්වා අය බව ද මේ යුද ජයග්‍රහණය සඳහා ඔවුන් කැප වූයේ වරප්‍රසාද ලබා ගන්නට නොවන බවද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (7) රාත්‍රී ජාතික රූපවාහිනිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී  පැවැසීය. යුද්ධයේදී මිය ගිය හා බරපතල තුවාල ලැබුවන්ගෙන් 90%ක් පමණ සාමාන්‍ය සෙබළාගේ සිට කෝප්‍රල් දක්වා තනතුරු දැරූ අය බව හමුදා ආරංචි මාර්ග පවසයි.  මෙම තනතුරු දරන අයගෙන් 90%ක් පමණ ළාබාල තරුණයෝ වෙති. ඔවුන්ගෙන් 95%කටත් වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් බව ද හමුදා ආරංචි මාර්ග පවසයි.  ''ජනාධිපතිතුමා නිතරම කියු දේ තමයි ආයුධ පිටුපස සිටින පුද්ගලයන් හෙවත් රණවිරුවන් වෙනුවෙන් සුබ සාධන වැඩ පිළිවෙළවල් කළ යුතු බව. ඉපලෝගම රණවිරු ගම්මානයේ නිවාස 1500 ක් ඔවුන් වෙනුවෙන් ඉදිකළේ භාණ්ඩාගාර මුදල්වලින්. සෑම රණවිරුවකු වෙනුවෙන්ම නිවසක් තනා දීම අපේ අරමුණයි,'' යනුවෙන් ද ආරක්ෂක ලේකම්වරයා එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.