අවතැන් වූ ජනයා වැස්සෙනුත් යළි අවතැන්


(අගෝස්තු 15, 2009 - W3Lanka) අධික වර්ෂාපතනය ‍හේතුවෙන් වවුනියාවේ ඇතැම් අවතැන් කඳවුරුවල වතුර එක් රැස් වීම හේතුවෙන් ජනතාව මහත් දුෂ්කරතාවට පත් වී සිටින බව වාර්තා වේ.

ඇතැම් තැන්වල අඩියක් පමණ වතුර පිරී ඇති බව ද, ඒ හේතුවෙන් ඇතැම් කඳවුරු වැසියන්ට කූඩාරම්වල රැඳී සිටීමට හා ආහාර උයා පිහා ගැනීමට නොහැකි වී තිබෙන බව ද වවුනියා දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සිවශක්ති ආනන්දන් බී.බී.සී සංදේශය වැඩසටහනට පැවසීය.

නැවත පදිංචි කිරීම් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් පවසන්නේ වැසි නිසා අවතැන් වූ අවතැන් වූවන් වෙනත් තැන්වලට යවා ඇති බව හා ආහාර උයා පිහා ගත නොහැකි වූවන්ට පාන් සපයා ඇති බවයි.



(ඡායාරූපය නියං සමයේ කඳවුරු ළිඳක් අසල දර්ශනයකි - Thanks to AP)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා