මදුරු දඟරවලින් පෙණහළු පිළිකා

(අගෝස්තු 01, 2009 - W3Lanka) මදුරු උවදුරෙන් අධික ලෙස බැට කන ජනයා විශාල වශයෙන් මදුරු දඟර හා වෙනත් මදුරුවන් පළවා හැරීමේ රසායනික අඩංගු ද්‍රව්‍ය භාවිතා කරන ලංකාවේ කිසිදු විද්‍යඥයෙකු හෝ සෞඛ්‍ය බලධාරියෙක් එහි ඇති අහිතකර ප්‍රතිඵල පිළිබඳ පර්යේෂණයක යෙදී නොමැති බව වාර්තා වෙයි. 


අපට දැනගන්නට ලැබී ඇති අන්දමට මදුරු දඟර අලෙවි කරන සමාගම් එවැනි පර්යේෂණ වැළැක්වීම සඳහා ඇති තරම් මුදල් විසි කරයි. එබැවින් එවැනි පර්යේෂණයක් සඳහා යමකු ඉදිරිපත් වනවාත් සමගම මුදල් වියදම් කර එය වළක්වන අතර, මදුරු දඟර දැන්වීම් මත යැපෙන ජනමාධ්‍ය ද ඒවායේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ පළ කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරති. 


Environmental Health Perspectives විද්‍යා සගරාවේ මීට වසර ගණනාවකට ඉහත 2003දී පළ කරන ලද අධයයන වාර්තාවක සඳහන් පරිදි ආසියානු වෙළඳපළවලින් මිළ දී ගන්නා ලද මදුරු දඟරවල "S-2" හෙවත් octachlorodipropyl ether නම් එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද රසායනික අඩංගු වී තිබේ. මේවා විසින් bischloromethyl ether හෙවත් BCME නම් පෙණහළු පිළිකාකාරකය නිකුත් කරන බවද, රැය පුරා මදුරු දඟර දල්වා නිදන්නන් වැඩිපුර මෙම පිළිකාකාරකවලට නිරාවරණය වන බව ද එම වාර්තාව පවසයි. 

වෛද්‍යවරු මදුරුවන් පළවා හැරීම සඳහා මදුරු දඟර නිර්දේශ නොකරන අතර නිර්දේශ කරන්නේ මදුරු දැලයි. එහෙත් මදුරු දැල් තබා නිදා ගැනීමට යහනක්වත් නැති අඩු වියදම් නිවාස, අවතැන් කඳවුරු ආදියෙහි මදුරුවන් පළවා හැරීමට ඇති එකම මාධ්‍යය මදුරු දඟරයයි. 



මිහිතලය උණුසුම් වීමත් සමග මදුරු උවදුරු වැඩි වීම ලංකාව විසින් දැනටමත් අත්දකින අතර මෑත වසරවලදී මදුරු දඟර අලෙවිය ඉතා වේගයෙන් ඉහළ යමින් තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා