ලංවිම වර්ජනය සාර්ථකයි - වෘත්තීය සමිති

(2009 අගෝස්තු 28 - W3Lanka)කොම්පඤ්ඤවීදියේ පිහිටි විදුලි බල මණ්ඩල මුලස්ථානයේ සේවකයින් 1800 ක් පමණ සේවය කරන අතර මේ වන විට එහි සේවයට වර්තා කර ඇති මුලූ සේවක ප්‍රමාණය 300 ක් පමණක් බව ජවිපෙ වෘත්තීය සමිති අංශයට සම්බන්ධ යුනියන්ස් ලංකා වෙබ් අඩවිය පවසයි. එම වෙබ් අඩවියේ සඳහන් වන පරිදි නිලධාරීන් කොන්ත්‍රාත් සේවකයින් හා ආරක‍ෂක අංශ සේවකයින් එම සේවකයින් 300 දෙනාට අයත් බව විදුලි බල මණ්ඩල මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව විදුලි මූලස්ථානයේ වැඩ වර්ජනයට සහභාගී වූ මුළු සේවක ප්‍රමාණය 85 % ක් පමණ වන බව වාර්තා වේ.

එම පුවතේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ. උතුරු මැද පළාත තුල සියළුම කාර්යාල හා විදුලි ඩිපෝ තුල දෛනික කටයුතු සියල්ල ඇනහිට ඇති අතර නැගෙනහිර පළාත, මඩකළපුව, මොණරාගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල ද මේ වන විට විදුලිය විසන්දීීවී තිෙබි. ඌව පළාත පුරාම වැඩබිම්වලින් සේවකයින් ඉවත්වීමත් සමග අධිසැර විදුලි බිඳවැටීමක් සමග මුළු පළාත පුරාම විදුලිය විසන්ධි වී තිබේ. මධ්‍යම, බස්නාහිර හා දකුණු පළාත්වල වැඩ වර්ජනයේ තත්වයද මෙම මට්ටමින් ක්‍රියාත්මක වනබව වාර්තා වේ. එම පළාත්වල ඇතැම් දිස්ත්‍රික්කවල තැනින් තැන විදුලිය විසන්ධිවෙමින් පවතින අතර එය යථා තත්වයට පත් කළ නොහැකිව බලධාරීන් වර්ජනය හමුවේ අසරණභාවයට පත්ව ඇතැයි වැඩබිම්වලින් වාර්තා වේ.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා