ග්‍රාමසේවක හමු වන්න ගෙවල් ගානේ බඩ ගෑ කාලය ඉවරයි; ඔන්න දැන් එයා කන්තෝරුවේ

(අගෝස්තු 13, 2009 - W3Lanka) ඔබේ ගමේ ග්‍රාමසේවා නිලධාරිවරයා හමු වීම ඔබට බොහෝ විට දුෂ්කර කාර්යයක් වන්නට පුළුවන්. කාර්යාලයක් තිබුණත් ග්‍රාමසේවා නිලධාරිවරයා එහිදී දකින්නට ලැබෙන්නේ හාවා හඳ දකින්නා සේ ය. හදිසියකට ඔහු හමු වීමට ඇතැම් විට ගෙවල් ගානේ පමණක් නොව හොර පොට් ගානේත් යන්නට වන බව බොරුවක් නොවේ.

මේ ගැන ලැබුණු මහජන පැමිණිලි නිසා රජය දැන් ග්‍රාමසේවා නිලධාරිවරයා අනිවාර්යයෙන් ම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දිනවල පෙ.ව. 8.30 සිට 11.00 දක්වාත්, සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වාත් සිය කාර්යාලයේ රැඳී සිටිය යුතු බවට නීතියක් පණවා තිබේ. මෙම වේලාවලට ග්‍රාමසේවා නිලධාරීන් කාර්යාලයට නොකැඳවන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ද උපදෙස් දී තිබේ. 



එසේම, කාර්යාලයේ රැඳී නොසිටින්නේ නම් ඒ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී සේවාදායකයන්ගේ දැනගැනීම පිණිස කාර්යාලයේ දැන්වීමක් ද තැබිය යුතු බවට උපදෙස් දී තිබේ.




මෙම නීති ද අනෙක් නීති මෙන් ම ක්‍රියාත්මක නොවී අක්‍රිය වීමට ඕනෑතරම් ඉඩ තිබේ. ක්‍රියාත්මක කරවා ගැනීමේ වගකීමක් මහජනතාවට ද තිබේ.

Comments

  1. හොඳ තීරණයක් ! (ග්‍රාම නිලධාරී ලෙස වෙනස් විය යුතුයි නේද.)
    තව තනතුරක් හදන්න යනවලු ‘ග්‍රාම ලේකම්‘ කියල. ග්‍රාම නිලධාරිට ඉහලින්. උපාධිධාරී නිලධාරියෙක් ලෙස. එයාට පරගණකයක් දෙනවා දත්ත පදනමක් සමග. ගමේ තියෙන කොස් පැලේ පටන් සියලුම දේ පිළිබඳ තොරතුරු ඇතුලත් GIS දත්ත පදනමක්.

    ReplyDelete
  2. ඒක නම් හොද වැඩක්... නමුත් ලංකාවේ රාජ්‍ය සේවාව තුල තරම් නීති නැතිව ඇති වෙන කොහෙවත්.... ක්‍රියාත්මක කරවීම සාර්ථක වෙන්න නම් මිනිසු ්වෙනස් විය යුතුයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා