ආණ්ඩුව ධනේශ්වර ලිබරල්වාදීන්ට ගෙදර යන්න දොර පෙන්නයි

(අගෝස්තු 03, 2009 - W3Lanka) කොටි සංවිධානයට එරෙහි යුද්ධය දිනීමට රජයට උදව් කළ වැදගත් තනතුරු හෙබවූ ලිබරල් බුද්ධිමතුන් එකිනෙකා කපා දමා දේශපාලන හෙංචයියන් එම තනතුරුවලට පත් කිරීම තවදුරටත් ඉදිරියට යමින් තිබෙන බව ද, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක අගෝස්තු 20 සිට ගෙදර යැවීමෙන් පසු මීළඟ අවස්ථාව විදේශ ලේකම් පාලිත කොහොනට හිමි වීමට නියමිත බව ද වාර්තා වේ.


කොහොන විදේශ අමාතයංශයේ ලේකම් ධුරයෙන් පහත දමා තානාපති සේවයට යැවීමට නියමිත බවද, තවත් ලිබරල් මහාචාර්යවරයකුට ද  අමාත්‍යංශ ලේකම් තනතුරක් ළඟදීම අහිමි විය හැකි බව ද ආන්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.


මෙම පුද්ගලයන් කොටින්ට එරෙහි සටනට රජයට උදව් කළමුත් ඔවුන් බටහිරට, ධනේශ්වර ලිබරල් අදහස්වලට හා විශේෂයෙන් ම බලය බෙදීමට පක්ෂ පුද්ගලයන් වීම මෙසේ ඔවුන්ට ගෙදර යාමට දොර විවර වීමට හේතුව බව දැනගන්නට තිබේ.

Comments

  1. හේතුවයි ප්‍රශ්නෙයි දෙකම ආන්ඩුව ඇතුලේ...ආණ්ඩුව ඇතුලෙ තව ආණ්ඩුවක්.. ඒක ඇතුලෙ පවුලක්.. හරියට ලබ්බෙ තොවිලෙ වගේ..

    ReplyDelete
  2. අපි නොදන්න දයාන් ජයතිලක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා