Posts

Showing posts with the label පාලිත කොහොන

කොහොනට හොඳ නම් අනෙක් අයට නරකද?

Image
(2009 නොවැම්බර් 12 - W3Lanka )  ඕස්ට්‍රේලියා ගුවන් විදුලියේ වැඩසටහනකට සහභාගි වෙමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසන්නේ ඕස්ට්‍රේලියාවට පළා යන ලාංකිකයන් මෙරටින් තල්ලු කරන සාධකවලට වඩා ඇත්තේ ඕස්ට්‍රේලියාවට ඔව්නු ඇදී යන සාධක බවයි.  "ඔවුන් ඇත්තෙන් ම ලංකාවෙන් පළා යන්නේ නම් යමකු ඇසිය යුත්තේ ඔව්න් සැතපුම් 22ක් ඈතින් ඇති ඉන්දියාවට පළා නො යන්නේ මන්ද යන්නයි" යි පවසන කොහොන කියන්නේ මේ මිනිසුන් ඕස්ට්‍රේලියාවට පළා යන්නේ එරට වඩා යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් බවයි. පාලිත කොහොන යනු මීට කලකට පෙර එසේ ඕස්ට්‍රේලියාවට ලංකාවෙන් ඇදී ගිය එරට පුරවැසියෙකි. කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතවත්කම නිසා ලංකාවේ විදේශ අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් වී දේශප්‍රේමියකු බවට පත් විය. ඉන්දුනීසියානු මුහුදු සීමාවේදී ඕස්ට්‍රේලියාව විසින් අත්අඩංගුවට ගෙන රැකවරණ ඉල්ලීම් සලකා බැලීම සඳහා ඉන්දුනීසියාවේ රැඳවීම පිණිස යවා තිබෙන, දැනට මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානු රේගු නෞකාවෙන් බැසීම ප්‍රතික්ෂේප කරමින් සිටින ලාංකිකයන් 78දෙනා පිළිබඳව කොහොන පවසන්නේ එසේ...

ආණ්ඩුව ධනේශ්වර ලිබරල්වාදීන්ට ගෙදර යන්න දොර පෙන්නයි

Image
(අගෝස්තු 03, 2009 - W3Lanka) කොටි සංවිධානයට එරෙහි යුද්ධය දිනීමට රජයට උදව් කළ වැදගත් තනතුරු හෙබවූ ලිබරල් බුද්ධිමතුන් එකිනෙකා කපා දමා දේශපාලන හෙංචයියන් එම තනතුරුවලට පත් කිරීම තවදුරටත් ඉදිරියට යමින් තිබෙන බව ද, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක අගෝස්තු 20 සිට ගෙදර යැවීමෙන් පසු මීළඟ අවස්ථාව විදේශ ලේකම් පාලිත කොහොනට හිමි වීමට නියමිත බව ද වාර්තා වේ. කොහොන විදේශ අමාතයංශයේ ලේකම් ධුරයෙන් පහත දමා තානාපති සේවයට යැවීමට නියමිත බවද, තවත් ලිබරල් මහාචාර්යවරයකුට ද  අමාත්‍යංශ ලේකම් තනතුරක් ළඟදීම අහිමි විය හැකි බව ද ආන්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙම පුද්ගලයන් කොටින්ට එරෙහි සටනට රජයට උදව් කළමුත් ඔවුන් බටහිරට, ධනේශ්වර ලිබරල් අදහස්වලට හා විශේෂයෙන් ම බලය බෙදීමට පක්ෂ පුද්ගලයන් වීම මෙසේ ඔවුන්ට ගෙදර යාමට දොර විවර වීමට හේතුව බව දැනගන්නට තිබේ.