පාතාල මර්දන මෙහෙයුම් නවත්වන්නැයි රජයට බලපෑම්

(2009 අගෝස්තු 05 - W3Lanka) කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසු පාතාලය මර්දනය කිරීම සඳහා දියත් කර තිබෙන රජයේ මෙහෙයුම නවත්වන්නැයි අදාළ බලධාරීන්ට දැඩි බලපෑම් සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ. 


රජයේ පාතාල මෙහෙයුම් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ පාතාල ගෝලබාලයන්ට ද තර්ජනයක් වීමත් සමග, ඉදිරි මැතිවරණ සඳහා මෙම මැරවරයන්ගේ සේවය අවශ්‍ය නිසා ඔවුන් මර්දනය නොකරන ලෙස ඉහළ බලධාරීන්ට බලපෑම් කෙරෙමින් තිබෙන බව දැනගන්නට තිබේ. 


එහෙත් පාතාල මර්දනය මෙහෙයවන පුද්ගලයන් අවනත කර ගැනීම දේශපාලනඥයන්ට ද දුෂ්කර වී තිබෙන බව තතු දත් ආරංචි මාර්ග පවසයි. 


මැරවරකම් පිළිබඳ සුප්‍රකට එක් ඇමතිවරයකුට සිය ප්‍රධන පෙළේ කුඩු ජාවාරම්කාර මැරවරයකුගේ දිවි බේරාගැනීම කෙතරම් දුෂ්කර වී ද යත්, ඔහු එංගලන්තයට යැවීම පිණිස ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පිටවීම හරහා ගෙන ගොස්, ගුවන් යානය පිටත් වීමට ආසන්න වන තෙක් එහි රැඳී සිටීමට පවා සිදු විය. 


අනාගතයේ විදේශ ඇමතිකමට ද ඇස ගසාගෙන සිටින තවත් ඇමතිවරයකු ළඟ සේවය කළ පාතාල මැරවරයකු පොලිසිය විසින් අවි ආයුධ ද සමග අත්අඩංගුවට ගැනීමත් සමග අදාළ ඇමතිවරයාට මානව හිමිකම් පිළිබඳ කතා කිරීමට පවා සිදු වී තිබේ.


ඇතැම් පාතාල මැරවරයන් අවි ආයුධ තිබෙන තැන් පෙන්වීම සඳහා රාත්‍රී කාලයේදී පොලීසිය කැඳවාගෙන ගොස් පළා යාමට උත්සාහ කරන බව ද, එහි ප්‍රතිඵලයක් ලෙස පාතාල මැරවරයන් ගණනාවක් පොලිස් වෙඩි පහරට ගොදුරුව මිය ගිය බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි. 

 මේ අතර නාඳුනන පිරිස් විසින් ද පාතාල මැරවරයන් මහ මග මරා දමමින් තිබේ.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා