Posts

Showing posts with the label ආචාර්ය දයාන් ජයතිලක

ආණ්ඩුව ධනේශ්වර ලිබරල්වාදීන්ට ගෙදර යන්න දොර පෙන්නයි

Image
(අගෝස්තු 03, 2009 - W3Lanka) කොටි සංවිධානයට එරෙහි යුද්ධය දිනීමට රජයට උදව් කළ වැදගත් තනතුරු හෙබවූ ලිබරල් බුද්ධිමතුන් එකිනෙකා කපා දමා දේශපාලන හෙංචයියන් එම තනතුරුවලට පත් කිරීම තවදුරටත් ඉදිරියට යමින් තිබෙන බව ද, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක අගෝස්තු 20 සිට ගෙදර යැවීමෙන් පසු මීළඟ අවස්ථාව විදේශ ලේකම් පාලිත කොහොනට හිමි වීමට නියමිත බව ද වාර්තා වේ. කොහොන විදේශ අමාතයංශයේ ලේකම් ධුරයෙන් පහත දමා තානාපති සේවයට යැවීමට නියමිත බවද, තවත් ලිබරල් මහාචාර්යවරයකුට ද  අමාත්‍යංශ ලේකම් තනතුරක් ළඟදීම අහිමි විය හැකි බව ද ආන්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙම පුද්ගලයන් කොටින්ට එරෙහි සටනට රජයට උදව් කළමුත් ඔවුන් බටහිරට, ධනේශ්වර ලිබරල් අදහස්වලට හා විශේෂයෙන් ම බලය බෙදීමට පක්ෂ පුද්ගලයන් වීම මෙසේ ඔවුන්ට ගෙදර යාමට දොර විවර වීමට හේතුව බව දැනගන්නට තිබේ.

අපට කියාදෙන්න දයාන් .... ඉතින් කතාකරන්න

Image
(2009 ජුලි 22 - W3Lanka) ඔහු දක්ෂ විද්‍යාර්ථියෙකි. මාක්ස්වාදී පසුබිමක් සහිත දේශපාලන ක්‍රියාධරයෙකි. විකල්ප කණ්ඩායම නම් රැඩිකල් වාම සංවිධානයක සාමාජික‍යකු ලෙස තරුණ වියේදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවකට ද ලක් වූ හේ පසුව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ වර්ධරාජා පෙරුමාල්ගේ ප්‍රධාන අමාත්‍ය ධුරය යටතේ 1988දී පිහිටුවනු ලැබූ උතුරු-නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය පදවියක් ද හෙබවීය. මෙම පළාත් සභාව විසින් 1990දී ලංකාවේ උතුරු-නැ‍ඟෙනහිර ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලදී. පසුකලෙක ඔහු තම දේශපාලන භූමිකාව තෝරා ගත්තේ රාජ්‍ය නායකයන්ට උපදෙස් දීම ආශ්‍රිතව ය. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ ඔහුගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ජනරාල් කොබ්බෑකඩුවගේ අවමංගල්‍යය දිනයේ ගුටි කෑමට ද ඔහුට සිදු විය. උග්‍ර කොටි විරෝධියෙකු වූ දයාන් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැති භංග කිරීම සඳහා උපාය මාර්ග සැලසුම් කිරීමේදී සිංහල ජාතිකවාදීන්ට ඉතා වටිනා උපකරණයක් විය. පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ ඉන්දියාව සමග ලංකාවේ සම්බන්ධයේදී 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් සාධකයක් වන්නේ ය යන ස්ථාවරයේ හිඳිමින...

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලකගේ සේවය ජුලි 20දා සිට අවසන්

Image
(2009 ජුලි 18) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සටන ජයගැනීම සඳහා සුවච, කීකරු රාජපාක්ෂිකයකු ලෙස දරදිය ඇද්ද පුද්ගලයකු වූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලකගේ සේවය ජුලි 20දා සිට අවසන් කර ඇති බව රජය ඔහුට ෆැක්ස් මගින් දන්වා යවා ඇත.‍ දක්ෂ විද්‍යාර්ථියකු ලෙස හිඳ පසුව රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස රජයේ බටහිර විරෝධී ස්ථාවරය ජයගැනීම සදහා සුවිශාල බුද්ධිමය දායකත්වයක් සැපයූ දයාන් ජයතිලකව නෙරපා හැරීමට හේතුව වන්නේ ඔහු පසුගිය දිනවල 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශක්තිමත් ලෙස කරුණු දැක්වීම බව පැවසේ.  හොඳින් වැඩ ගැනීමෙන් පසු ඔහු මේ අන්දමින් නෙරපා හැරීමට විශේෂයෙන් හේතු වූයේ රජයේ සිටින සිංහල ජාතිවාදීන්ගේ බලපෑම බව වාර්තා වේ.