Posts

Showing posts with the label ලංකා විදුලි සේවක සංගමය

විදුලි බල මණ්ඩල අධ්‍යක්ෂවරු හා කොක්කු / Sri Lanka Electricity Board strike and the directors' pledges

Image
විදුලි බල මණ්ඩල සේවකයෝ බදදා වැඩ වැරුමකට සැරසෙමින් සිටිති.  ඔවුන්ගේ ඉල්ලීම 2009 වසරට හිමිව තිබුණු වැටුප් වැඩි වීම ලබා දීමේදී ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය සඳහා නො ගෙවන ලද හිඟ වැටුප ලබා ගැනීමයි.  අද පවතින ආර්ථික තත්වය තුළ මෙම හිඟ වැටුප අතට ලැබුණොත් එය විදුලි සේවකයන්ට හදිසි ලොතරැයි දිනුමක් ඇදුණා වනු ඇත. ඒ නිසා මාරාන්තික සටනක් කිරීමට වුව විදුලි සේවකයන් පෙළඹේ නම් පුදුම විය යුතු නැත.  පසුගිය දිනවල විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක විදුලි බල මණ්ඩලය ලාභ ලබනවා යයි කියමින් කී නරිවාදං දැන් රෙද්ද පල්ලෙන් බේරෙමින් ඇත. දැන් ඔහු හඬන්නේ මණ්ඩලය පාඩු ලබන නිසා ඇරියස් ගෙවන්නට බැරි ය කියා ය.  ඇත්තට ම විදුලි බල මණ්ඩලයට කණ කොකා හඬා ඇත. ජල විදුලි බලාගාර පෙදෙස්වලට වහින්නේ නැත. නොරොච්චෝලේ අලුතින් හැදූ ගල් අඟුරු බලාගාරය කොයි මොහෝතේ ගිනි ඇවිලේදැයි ෂුවර් නැත. කොමිස් ගහන්නට හැදූ අනෙක් බලාගාර ද අවුල් ය.  ඇමති පසුගිය දිනවල කීවේ ආයෙ නම් ගල් අඟුරු බලාගාර හදන්නේ නැති ය කියා ය. එහෙත් සාම්පූර්හි ගල් අඟුරු බලාගාරයක් හදන්නට හෙට ඉන්දියාව සමග ලංකාව ගලධාරි හෝටලයේදී ගිවිසුමක් අත්සන් ...

ලංවිම වර්ජනය සාර්ථකයි - වෘත්තීය සමිති

(2009 අගෝස්තු 28 - W3Lanka) කොම්පඤ්ඤවීදියේ පිහිටි විදුලි බල මණ්ඩල මුලස්ථානයේ සේවකයින් 1800 ක් පමණ සේවය කරන අතර මේ වන විට එහි සේවයට වර්තා කර ඇති මුලූ සේවක ප්‍රමාණය 300 ක් පමණක් බව ජවිපෙ වෘත්තීය සමිති අංශයට සම්බන්ධ යුනියන්ස් ලංකා වෙබ් අඩවිය පවසයි. එම වෙබ් අඩවියේ සඳහන් වන පරිදි නිලධාරීන් කොන්ත්‍රාත් සේවකයින් හා ආරක‍ෂක අංශ සේවකයින් එම සේවකයින් 300 දෙනාට අයත් බව විදුලි බල මණ්ඩල මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව විදුලි මූලස්ථානයේ වැඩ වර්ජනයට සහභාගී වූ මුළු සේවක ප්‍රමාණය 85 % ක් පමණ වන බව වාර්තා වේ. එම පුවතේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ. උතුරු මැද පළාත තුල සියළුම කාර්යාල හා විදුලි ඩිපෝ තුල දෛනික කටයුතු සියල්ල ඇනහිට ඇති අතර නැගෙනහිර පළාත, මඩකළපුව, මොණරාගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල ද මේ වන විට විදුලිය විසන්දීීවී තිෙබි. ඌව පළාත පුරාම වැඩබිම්වලින් සේවකයින් ඉවත්වීමත් සමග අධිසැර විදුලි බිඳවැටීමක් සමග මුළු පළාත පුරාම විදුලිය විසන්ධි වී තිබේ. මධ්‍යම, බස්නාහිර හා දකුණු පළාත්වල වැඩ වර්ජනයේ තත්වයද මෙම මට්ටමින් ක්‍රියාත්මක වනබව වාර්තා වේ. එම පළාත්වල ඇතැම් දිස්ත්‍රික්කවල තැනින් තැන විදුලිය විසන්ධිවෙ...