Posts

Showing posts with the label මදුරු දඟර

මදුරු දඟර කොම්පැනිවල සාක්කුවට වැටී මිනිසුන් මරන ලංකාවේ සෞඛ්‍ය බලධාරියෝ

Image
(2011 ජුනි 21,   W3Lanka )   මාරාන්තික ඩෙංගු රෝගය බෝකරන මදුරුවන් විනාශ කිරීම සඳහා සාර්ථක විසඳුමක්‌ ලෙස හඳුනාගෙන ඇති බී.ටී.අයි. බැක්‌ටීරියාව ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට අදාළ අනුමැතිය ලබාදීම ඩෙංගු මර්දන ව්‍යාපාරය විසින් ප්‍රමාද කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බව අද දිවයින පුවත්පත වාර්තා කරයි. පසුගිය කාලයේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙම බී.ටී.අයි. බැක්‌ටීරියාව භාවිතා කිරීම පිළිබඳ රටේ මහා ප්‍රචාරයක් කළේ ය. බී.ටී.අයි. බැක්‌ටීරියාව කියුබාවෙන් ආනයනය කරන බව කියමින් කලක් නැටූ සෞඛ්‍ය බලධාරීහු ඉන් පසු එය මේ රටේ නිපදවන බව කියමින් ඩෙඟා නැටූ හ. ඉන් පසු බී.ටී.අයි. ගැන කතා අඩු විය. ඒ ඇයි? බී.ටී.අයි. යනු Bacillus Thuringiensis Israelensis යන වදන් තුනේ මුලකුරුවලින් සැදුණු acronym එකක් හෙවත් සංකේත නාමයකි. එහෙත් සෞඛ්‍ය බලධාරීන්ට එය Big Ticket Item එකක් හෙවත් අධික ලාභ ලැබිය හැකි සිල්ලර භාණ්ඩයක් නො වීම බී.ටී.අයි. ගැන කතා ගොළු වීමට හේතු වූ බව අපේ නිරීක්ෂණයයි. කියුබාවෙන් බැක්ටීරියාව ගෙන්වීම දිගට ම කරගෙන යන්නට නො ලැබුණේ ඊට වඩා බෙහෙවින් අඩු නිෂ්පාදන පිරිවැයකින් ලංකාවේ නිපදවන්න‍ට හැක...

මදුරු දඟරවලින් පෙණහළු පිළිකා

Image
(අගෝස්තු 01, 2009 - W3Lanka) මදුරු උවදුරෙන් අධික ලෙස බැට කන ජනයා විශාල වශයෙන් මදුරු දඟර හා වෙනත් මදුරුවන් පළවා හැරීමේ රසායනික අඩංගු ද්‍රව්‍ය භාවිතා කරන ලංකාවේ කිසිදු විද්‍යඥයෙකු හෝ සෞඛ්‍ය බලධාරියෙක් එහි ඇති අහිතකර ප්‍රතිඵල පිළිබඳ පර්යේෂණයක යෙදී නොමැති බව වාර්තා වෙයි.  අපට දැනගන්නට ලැබී ඇති අන්දමට මදුරු දඟර අලෙවි කරන සමාගම් එවැනි පර්යේෂණ වැළැක්වීම සඳහා ඇති තරම් මුදල් විසි කරයි. එබැවින් එවැනි පර්යේෂණයක් සඳහා යමකු ඉදිරිපත් වනවාත් සමගම මුදල් වියදම් කර එය වළක්වන අතර, මදුරු දඟර දැන්වීම් මත යැපෙන ජනමාධ්‍ය ද ඒවායේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ පළ කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරති.  Environmental Health Perspectives විද්‍යා සගරාවේ මීට වසර ගණනාවකට ඉහත 2003දී පළ කරන ලද අධයයන වාර්තාවක සඳහන් පරිදි ආසියානු වෙළඳපළවලින් මිළ දී ගන්නා ලද මදුරු දඟරවල "S-2" හෙවත් octachlorodipropyl ether නම් එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද රසායනික අඩංගු වී තිබේ. මේවා විසින් bischloromethyl ether හෙවත් BCME නම් පෙණහළු පිළිකාකාරකය නිකුත් කරන බවද, රැය පුරා මදුරු දඟර දල්වා නිදන්නන් වැඩිපුර මෙම පිළිකාක...