සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ප්‍රශ්නකාරී ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොළඹ අභිමානය -2009


ශ්‍රී ලංකාවේ සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ප්‍රශ්නකාරී ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය කොළඹ අභිමානය - 2009 දේදුනු සතිය නමින් සිය වාර්ෂික උළෙල මේ දිනවල පවත්වයි.


ජුනි 28දා ගල්කිස්ස මුහුදු වෙරළේ සරුංගල් උළෙලකින් ආරම්භ වූ දේදුනු සතිය ජුලි 02දා දක්වා පැවැත්වේ.


ජුනි 30දා සිට ජුලි 02දා බෙයාෆුට් කලාගාරයේදී දේදුනු දැක්ම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වේ. ඒ හා සමාන්තරව සෙලියුලොයිඩ් දේදුනු සිනමා දැක්මද දිනපතා සවස 7 සිට බෙයාෆුට්හිදීම පැවැත්වේ. ජුනි 30දා THE TIMES OF HARVEY MILK වාර්තා චිත්‍රපටයද, ජුලි 01දා සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික වාර්තා චිත්‍රපටද, ජුලි 02දා I CAN’T MARRY YOU වාර්තා චිත්‍රපටය හා තායිලන්තයේ නිෂ්පාදිත RIGHT BY ME චිත්‍රපටයද ප්‍රදර්ශනය වේ.


ජුලි 04දා ඊක්වල් ග්‍රවුන්ඩ් කාර්යාලයේදී ලිංගිකත්වය පිළිබඳ වැඩමුළුවක්ද පැවැත්වේ.


(2009 ජුනි 29)

Comments

  1. මුල් කාලේ නිකං පත්තරයක් වගේ එකක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්... හැබැයි මේ වගේ ලිපි ඉතින් වැල පත්තර වලට තමා හොද.....

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා