Posts

Showing posts with the label සමලිංගික

මංගලගේ පෞද්ගලික ජීවිතය සමග ආණ්ඩුව කරන සෙල්ලම හරි ද?

Image
මංගලගේ ගෙදරින් මත්පැන් හා ලැප්ටොප් එකක් සොරකම් කර අසු වූ පුද්ගලයෙක් දැන් ලංකාවේ රාජ්‍ය හා විෂම ලිංගික ස්වෝත්තමවාදී ජනමාධ්‍ය විසින් වීරයකු කර තිබෙන අන්දම මේ දිනවල දැකිය හැකි ය.  සොරකමක් කර අසු වූ පුද්ගලයා දැන් පැමිණිලිකරුවා වී පැමිණිල්ල කළ මංගල විත්තිකරුවා වන නඩුවක් නිර්මානය වෙමින් තිබේ.  මංගල තමන් සමග සමල‍ිංගික සම්බන්ධකමක් පැවැත්වූ බව දැන් මේ සොරා පවසයි. එම සම්බන්ධයත් මෙම සොරකමත් අතර සම්බන්ධයක් නැත. කිසිවෙක් සමලිංගික ඇසුරකට යොමු වූ පමණින් ඔහු මානසික ආතතියකට ලක් වන්නේ නැත. එහෙම වුණත්, අනිවාර්යයෙන් ම මත්ද්‍ර්‍රව්‍යවලට යොමු වෙනවා ය කියා එකකුත් නැත. මත්ද්‍රව්‍යවලට යොමු වුණත් හොරකම් කරන්නට ඕනෑ ය කියා එකකුත් නැත.  අනෙක් පැත්තෙන් දණ්ඩ නීති සංග්‍රහ‍යේ 365A වගන්තිය අනුව සමලිංගික ඇසුර නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වුණාට, මේවා යල් පැන ගිය නීති ය. ඒවා වෙනස් විය යුතු ය.  මේ සියල්ලටමත් වඩා මංගල මෙම චෝදනාවට මුහුණ දුන් ආකාරය විශිෂ්ට ය. තමන්ගේ පෞද්ගලික ජීවිතය තම පවුලේ අයටත්, මිතුරන්ටත් රහසක් නො වන බව ඔහු කියයි.  මෙතැන තිබෙන දෙය වන්නේ විෂම ලිංගික සේවනය සම ලිංගික ස...

ලිංගිකත්වය සම්බන්ධ පුවත් තුනක්

පසුගිය දිනවල විකාශය වූ ප්‍රවෘත්ති හා සිද්ධි කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු විය. යම් කිසි පුද්ගලයෙක් පාසල් සිසුවියක් යයි සිතිය හැකි යුවතියකගේ මුහුණු පොතෙන් අර ගත් ඡායාරූපයක් සිය ප්‍රොෆයිල් ඡායාරූපය ලෙස යොදා තිබිණි. අර දැරිය ඔහු පිළිබඳ වාර්තා කරන ලෙස ඉල්ලා ඇගේ මිතුරු මිතුරියන්ට පණිවුඩ එවා තිබිණි. අදාළ පුද්ගලයාගේ මුහුණු පොතට ගොස් බැලූ විට අර දැරිය එහි තබා තිබුණු පණිවුඩයක් ද දුටිමි. "තමුසෙ කවුද? ඇයි තමුසෙ මගෙ පිංතූරෙ ප්‍රොෆයිල් එකේ දාගෙන ඉන්නෙ?" කැමරාව සුලබ ආම්පන්නයක් වී තිබෙන නූතන යුගයේ කිසිවෙකු තවත් අයකුගේ ඡායාරූපයක් ගැනීම හා සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් හෝ වෙනත් කෙනෙකු විසින් ෂෙයා‍ කරන ලද ඡායාරූපයක් නො මනා නො වන දෙයකට භාවිතා කිරීමේදී විරුද්ධ වන්නේ කෙසේ ද යන්න ගැන ප්‍රශ්නයක් ඇත. මුහුණු පොත ප්‍රචලිත වීමත් සමග එයට සම්බන්ධ වී තමන්ගේ ඡායාරූප බෙදා ගත් කිසිවෙකුට තව දුරටත් එම ඡායාරූපය පෞද්ගලික යයි කීමට හිමිකමක් තිබේද? ඡායාරූපයක් යනු ආලෝකයෙන් ලිවීමේ කලාවක් වන මුත් එය චිත්‍රයක් වැනි පූර්ණ පරිකල්පනයක් නො වේ. ඒ නිසා කෙනෙක් ඡායාරූපයක නිර්මාන හිමිකම ගැන තර්ක කිරීම ද මට නම් විකාරයකි. ...

රනිල්ට අලුත් චෝදනා ගෙන ඒම හා සමලිංගිකත්වය

Image
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත් අවාසනාවන්ත තත්වයකට පත් වෙමින් සිටියි.  ජාත්‍යන්තර වශයෙන් කෙතරම් කීර්තිමත් තත්වයකට පත් වුව ද, රට තුළ ඔහු පත් වී ඇති ඛෙදජනක තත්වය හමුවේ ඔහුගෙන් ඔහුගේ පංතියට අවශ්‍ය සේවය ඉටු කර ගැනීමට නො හැකි තත්වයක් මතු වී ඇත.  ඔහුට එල්ල කරනු ලබන අලුත් ම චෝදනා වන්නේ සමලිංගික චෝදනා ය. ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා මාලාවේ 16වන චෝදනාව වන්නේ පක්ෂ නායකයා මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණට ලිංගික යෝජනාවක් ඉදිරිපත් කර ඔහු එයට අකැමැති වූ පසු බුද්ධිකගෙන් පළි ගැනීමේ ක්‍රියාමාර්ග ගත් බවයි.  මේ ඉලංදාරියා හිටි හැටියේ එජාපයේ නායකයන් වූයේ කෙසේ ද යන්න ද සොයා බැලීම වටී. ඒ කාලයේ ඔහු අපයෝජනයට ලක් වුණා නම්, එය ද වැරදි විය යුතු ය.  පක්ෂ නායකයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මව්පියන් තරුණයන් පක්ෂ කටයුතු සඳහා එවීමට අකැමැති බව ද චෝදනා පත්‍රයේ සඳහන් වන බව ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරයි.  අපි ප්‍රතිපත්තියක් ලෙස සමලිංගිකත්වය හෝ විෂම ලිංගිකත්වය යන දෙකින් එකක් වඩා හොඳ යයි හුවා දක්වන්නේ නැත. ඒ වනාහි පුද්ගල නිදහස හා බැඳුණු තත්වයකි. මේ දෙක ම මිනිස් සමාජයේත්, වෙනත්...

සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ප්‍රශ්නකාරී ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොළඹ අභිමානය -2009

Image
ශ්‍රී ලංකාවේ සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ප්‍රශ්නකාරී ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය කොළඹ අභිමානය - 2009 දේදුනු සතිය නමින් සිය වාර්ෂික උළෙල මේ දිනවල පවත්වයි. ජුනි 28දා ගල්කිස්ස මුහුදු වෙරළේ සරුංගල් උළෙලකින් ආරම්භ වූ දේදුනු සතිය ජුලි 02දා දක්වා පැවැත්වේ. ජුනි 30දා සිට ජුලි 02දා බෙයාෆුට් කලාගාරයේදී දේදුනු දැක්ම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වේ. ඒ හා සමාන්තරව සෙලියුලොයිඩ් දේදුනු සිනමා දැක්මද දිනපතා සවස 7 සිට බෙයාෆුට්හිදීම පැවැත්වේ. ජුනි 30දා THE TIMES OF HARVEY MILK වාර්තා චිත්‍රපටයද, ජුලි 01දා සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික වාර්තා චිත්‍රපටද, ජුලි 02දා I CAN’T MARRY YOU වාර්තා චිත්‍රපටය හා තායිලන්තයේ නිෂ්පාදිත RIGHT BY ME චිත්‍රපටයද ප්‍රදර්ශනය වේ. ජුලි 04දා ඊක්වල් ග්‍රවුන්ඩ් කාර්යාලයේදී ලිංගිකත්වය පිළිබඳ වැඩමුළුවක්ද පැවැත්වේ. (2009 ජුනි 29)