මංගලගේ පෞද්ගලික ජීවිතය සමග ආණ්ඩුව කරන සෙල්ලම හරි ද?

මංගලගේ ගෙදරින් මත්පැන් හා ලැප්ටොප් එකක් සොරකම් කර අසු වූ පුද්ගලයෙක් දැන් ලංකාවේ රාජ්‍ය හා විෂම ලිංගික ස්වෝත්තමවාදී ජනමාධ්‍ය විසින් වීරයකු කර තිබෙන අන්දම මේ දිනවල දැකිය හැකි ය. 

සොරකමක් කර අසු වූ පුද්ගලයා දැන් පැමිණිලිකරුවා වී පැමිණිල්ල කළ මංගල විත්තිකරුවා වන නඩුවක් නිර්මානය වෙමින් තිබේ. 

මංගල තමන් සමග සමල‍ිංගික සම්බන්ධකමක් පැවැත්වූ බව දැන් මේ සොරා පවසයි. එම සම්බන්ධයත් මෙම සොරකමත් අතර සම්බන්ධයක් නැත. කිසිවෙක් සමලිංගික ඇසුරකට යොමු වූ පමණින් ඔහු මානසික ආතතියකට ලක් වන්නේ නැත. එහෙම වුණත්, අනිවාර්යයෙන් ම මත්ද්‍ර්‍රව්‍යවලට යොමු වෙනවා ය කියා එකකුත් නැත. මත්ද්‍රව්‍යවලට යොමු වුණත් හොරකම් කරන්නට ඕනෑ ය කියා එකකුත් නැත. 

අනෙක් පැත්තෙන් දණ්ඩ නීති සංග්‍රහ‍යේ 365A වගන්තිය අනුව සමලිංගික ඇසුර නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වුණාට, මේවා යල් පැන ගිය නීති ය. ඒවා වෙනස් විය යුතු ය. 

මේ සියල්ලටමත් වඩා මංගල මෙම චෝදනාවට මුහුණ දුන් ආකාරය විශිෂ්ට ය. තමන්ගේ පෞද්ගලික ජීවිතය තම පවුලේ අයටත්, මිතුරන්ටත් රහසක් නො වන බව ඔහු කියයි. 

මෙතැන තිබෙන දෙය වන්නේ විෂම ලිංගික සේවනය සම ලිංගික සේවනයට වඩා උසස් යයි සිතන පහත් මානසිකත්වයකි. නවීන සමාජය සමලිංගිකයන් ද සමාජ විවිධත්වයේ සජීවී කොටසක් ලෙස සලකයි. සියලු දෙනා විෂම ලිංගිකයන් බවට පත් නො කර සම ලිංගික සුළුතරයක් නිර්මානය කිරීම සොබා දහමේ හෝ දෙවියන්ගේ හෝ වෙනත් මැවුම්කරුවකුගේ තීරණයකි. ආණ්ඩුවක් යනු එයට ඉහළින් යා හැකි බලවේගයක් නො වේ. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. /*ආණ්ඩුවක් යනු එයට ඉහළින් යා හැකි බලවේගයක් නො වේ*/

    වැරදියිනේ, සම්පූර්ණයෙන් වැරදියි. ලකුණු බින්දුවයි පැරා ළමයට. තව ටික්ක මහන්සිවෙල පාඩම් කියවන්න, අතිරෙකව මහින්ද අබෙසුන්දරගෙ හරි ජැක්සන් ඇන්තනීගෙ හරි කතා අහල දැනුම සම්පූර්ණ කර ගන්න.

    ප.ගෝ. සර්

    ප.ලි. මේක සිරාවට කියන්නෙ, පැර නිකමට හිතනවද මෙහෙමත් දෙවල් වෙනවා කියල, අවුල් වගෙ නේද - /"දෙවියන්ගේ හෝ වෙනත් මැවුම්කරුවකුගේ තීරණයකි"/,

    ReplyDelete
  2. මංගල පවතින දේශපාලනය තුල ඉන්න අමුතු චරිතයක්. ඔහු ඉතාම සාවධානව මේ ගැටලුවට මුහුනදීල තිබුනා.
    විත්තිකාරයකුගේ කටඋත්තරය කැබිනට් මන්ඩලය දක්වා ගමන් කිරීම නම් ඇත්තටම ආශ්චර්යයක්. මංගල විසින් රජ පවුලේ අධික මහජන මුදල් නාස්තිවන ඔවුන්ගේ රාජකීය පුද්ගලික ජීවිත හෙල්දරව් කලාම මංගල සම්බන්ධව වෙනත් ගොතාගන්න කතාවක් නැති නිසාම එයා සම්බන්ධ අලංකාර සිදුවීම් නිර්මාණය කරලා දැන් ඒවා ප්‍රධාන පුවත් බවට පත්කරමින් තියෙනවා.. යසයි යසයි.. ආහ්චරය්ට තව දුර නැහැ.

    ReplyDelete
  3. ithin suddo api goaththrika ewun kiyala hithana eka pudumayak nemene.

    ReplyDelete
  4. ඒ උනාට මම හිතන්නේ පැරා ලංකා දේශපාලනයේ සමලිංගික උනා කියලා ජන්ද දායකයන් ඒ ගැන තැකීමක් කරන්නේ නැතැයි කියා.

    මොකද මංගල සමරවීර විදේශ ඇමති වෙලාත් හිටියා.
    රනිල් අගමැති උනා.
    මහින්ද සමරසිංහත් ඇමති කෙනෙක්.
    බයි සේක්ෂුවල් මර්වින් සිල්වා වගේ අයත් ඇමතිවරු.
    ඉතිං ඒ හින්දා බලනකොට මටනං හිතෙන්නේ දකුණු ආසියාවේ රටවල් වලින් ලංකාව ඉදිරියෙන් ඉන්නවා කියල. සමහර විට කැසිනෝ වලට සමගාමිව සමලිංගික සේවනය/විවාහය සහ ගණිකා වෘත්තීය ලංකාවේ නිතීගත වෙයි.

    අනික දේශපලනයේ විතරක් නෙමයි,උදාහරණයක්‌ විදියට අපි කවුරුත් දන්න බ්ලොග් අවකාශයේ කතන්දරකාරයාත් බයිසේක්ෂුවල් පොරක්. ඒත් මිනිහට කවුරුත් ගරු කරනවා. පැරකුම් ලොක්කත් ඒ කාලේ කොටියා කියලා අපි දන්නවා නොවෑ.

    ReplyDelete
    Replies
    1. දැන් කකා බුවා මෙතනට දුවගෙන ඒවි....

      Delete
    2. තට්ට පොරවල් ඔක්කොම වගේ කොළුකාරයෝ...... කකාත් ඔය තට්ටෙ බාගෙන ඉන්නෙ ඒකයි....

      Delete
    3. ඇත්තටම මිනිස්සුනේ නුඹලාට වෙන ඬැඩක් නැත්ද?

      මෙසේ මා ගැන ලියා කාලය කෑම ගැන මට අතිවන්නේ දුකකි.

      අනෙත් කරුණ ඔය හදන්නේ මට අපහාස කරන්නට විය යුතුයි.

      නමුත් ඇත්තටම එලිවෙන්නේ නුඹලාගේම නිරුවතයි!

      Delete
    4. ඇයි දහනායක අමතක වුනාද.

      Delete
    5. කකාට අෆ්සැට්ද?

      Delete
  5. මොකා මොනවා කිව්වත් අපි සම ලිංගික බල්ලන්ට බැල්ලියන්ට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ මේ රටේ කවදාවත්.

    ReplyDelete
  6. අප්පේ අපේ ගොඩාක් පත්තරකාරයො හිතන් ඉන්නෙ සෙක්ස් කරනව කියන්නෙ ගෑනි එක්ක කරන එකට විතරයි කියල

    ReplyDelete
  7. මම නම් සමලිංගිකත්වයට කැමති නැති කෙනෙක්.හැබැයි සමලිංගිකයන්ට නිදහස තිබිය යුතු බවත් පිළිගන්න කෙනෙක්.මංගල මේ ප්‍රශ්නෙට මූන දීපු විදිය නම් අති විශිෂ්ටයි.මේ කාරනේ අපේ සමාජයෙ හුඟක් මාකට් කරන්න බැරි වෙයි.මොකද මේකට ඉස්සර කිව්වෙ පංසලේ සෙල්ලම කියල.අපේ ගම්වල ඕන තරම් ගල්කාරයො හිටිය.ඒ අය සමාජයෙ ගැරහුමට ලක් වුනේ නෑ.අර කලින් කොමෙන්ට් එකක තිබුන කතාව ඇත්ත.ඉතා සුප්‍රසිද්ධ සමලිංගිකයො හිටියත් ජනතාවට ඔවුන් ප්‍රශ්නයක් වුනේ නෑ.
    සමලිංගිකත්වය මාකට් කරන්න පුලුවන් මුස්ලිම් රටවල සාම්ප්‍රදායික ක්‍රිස්තියානි රටවල දේශපාලනයෙදි.ඒ රටවල මෙවැනි ලිංගික කාරනා බරපතල පාපයන් ලෙස සැළකෙනව.ගබ්සාව වුනත් මේ රටේ එච්චර මාකට් කරන්න බෑ.ඊට වඩා ගව ඝාතනය මාකට් කරන්න පුළුවන්.

    කිසියම් දේශපාලනඥයෙක් සමලිංගිකයෙක් කියනවට වඩා කිසියම් දේශපාලනඥ කාන්තාවක් ගබ්සාවක් කරගත්ත කියනවට වඩා කිසියම් දේශපාලනඥයෙක් හරකෙක් හොරෙන් වික්ක කිව්වොත් ඒක මාකට් කරන්න පුළුවන්.හොරා කෑව කියන එකත් මාකට් කරන්න බෑ.මොකද ඒ චෝදනාව ආපු අයට ජනතාව ඡන්දෙ දීල තිබෙනව.කුඩු වික්ක කියපු අයටත් චන්දෙ දීල තිබෙනව.මිනී මැරුව කියන අයටත් චන්දෙ දීල තිබෙනව ( මම මේක දුටුවෙ 1987 1989 දි )

    හැබැයි ගව ඝාතනේට කවුරුහරි සම්බන්ධ නම් එයාට දේශපාලනයෙන් සමුගන්න වෙනව.මේ රටේ මිනිස්සු ඉන්නෙ ගව මානසිකත්වයක කියල මම කියනව.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ හරක් මස් කඩ තියෙන දේශපාලකයෝ ඉන්නවා.

      ඉස්සර නම්, දැන් වසර විස්සකට පමණ කලින්, අපේ පැත්තේ හිටියා,

      එහෙනං දැන් පැන්ෂන් ඇති.

      Delete
  8. සිරාවටම යකෝ

    ReplyDelete
  9. අජිත්ට මා විසින් ඉදිරිපත් කල කොමෙන්ටුවකට ඔහු විසින් පිලිතුරු පෝස්ට් එකක්ම ලියාතිබුනි.මා විසින් ඔහුගේ මුල්ම ලිපියට පිලිතුරක් නැවත දුන්නත් ඔහු එය ගනන් ගෙන තිබුනේ නැත.
    මා විසින් පලමුව මතුකල පලමු තර්කය වූයේ අජිත් වැඩ ගනනාවක් කරමින් ඔහුගේ සිසුන්ට අසාධාරනයක් කරන බවයි.අජිත් කියන්නේ ඔහුට හොද දරාගැනීමේ ශක්තියක් ඇති බැවින් එසේ නොවන බවයි.
    මෙය අජිත්ගේ පමනක් නොව පොදුවේ අපට දැකිය හැකි ලක්ශනයකි. හවස පී පී කරන දොස්තර කෙනෙකුගෙන් අප එම ප්රවශ්නය ලෙඩුන් ගැන අසුවොත් ඔහු දෙන්නේත් අජිත්දෙන පිලිතුරමය.බිස්නස් කරන මන්ත්රීෙ කෙනෙකුගෙන් අසාබැලුවොත් ඔහු දෙන්නේත් අජිත් දෙන පිලිතුරමය.
    දොයිඅම්මා ගේ දේශපාලනය ගැන ආවඩන අජිත් කරන්නේ හැරී පොටර් ගැනකතා කිරීම දනවාදයට සම්බන්ද කිරීමය.
    එසේ නම් අප කල යුත්තේ කුමක්ද? ප්ර ශ්න නොකර සිටීමය.ඔයා කියනදේවල් ඔයාගේ ඇගේ නැහැ නේද ඇසුවොත් අපට ලැබෙන්නේ බිස්නස් කරන මන්ත්‍රී දෙන පිලිතුරුය.( දොස්තරලා අමතර වැඩ කිරීමට අවසර ඉල්ලීම අජිත් විවේචනය කර තිබුනා මතකයි)
    ඔහුගේ මුල් ලිපියේ වතුවැඩවලට වෙලාවක් වෙන්කලත් පසුදා පාඩම් වලට වෙලාවක් වෙන්කරතිබුනේ නැත.දෙවැනි ලිපියේ එගැන කියා තිබුනි.
    අජිත් මිනිසෙකුට එක දිගට වැඩකරන්න බැහැ.පැය 8ක වැඩ කාලයක් ඉල්ලාඅරගල කල මිනිස්සු පිස්සෝද?

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතිරි පැය 16 නිදා ගන්න ඕනෙද?

      Delete
    2. නැහැ,පොල් පරාල පලන්න.විකුනන්න

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔබ කියන දේවල ඇත්තක් නැත්තේ නැහැ. එහෙත් මා කියා ඇත්තේ මා වැඩ කරන විදියයි. රු. 16,000ක මූලික පඩියකුත්, තව දීමනා සොච්චමකුත් ගෙවලා ගුරුවරයකු‍ගෙන් ඔබ කියන අන්දමේ ‍සේවයක් බලාපොරොත්තු වන සිස්ටම් එක ප්‍රශ්න කරන්න. දරිද්‍රතාව නැති කර ගන්න කරන අරගලය ප්‍රශ්න කරන එකේ තේරුම කුමක් ද?

      ඇත්ත. පැය අටේ වැඩ දිනය හොඳයි. මිනිසුන්ට විවේකය අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් සටන් කළ යුුුතුයි.

      ඉතින් මම මේ කියන්නේ සටන් කරන්න ජීවත් වෙන හැටියි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා