කොස්ගොඩ කැස්බෑවා - රටක ම කෙස් බෑවා

කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකින් අතුරුදහන් වූ සුදු ඇල්බිනෝ කැස්බෑවකු ගැන ජාත්‍යන්තර මට්ටමේ ආන්දෝලනයක් ඇති විය. 

අංක එක මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වනාහි නීති විරෝධී තැන් ය. එහෙත්, ආණ්ඩුව කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීමේ කාර්යය හරියට කරනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි නිසා ඔවුන් කරන දෙයින් ‍‍සේවයක් වන්නේ යයි ද අවශ්‍ය නම් තර්ක කළ හැකි ය. 

එහෙත්, දැන් ඉතින් මේවා අවසන් කරන්නට කාලය එළැඹ තිබෙන බව මෙම සුදු කැස්බෑ සිද්ධිය දෙස් දෙයි. මන්ද, කැස්බෑ හොරා එහි හිමිකරු ම බව ඔප්පු වී තිබෙන හෙයිනි. ඔහු කැස්බෑවා සිය දුවගේ ගෙදර සඟවා බොරු පැමිණිල්ලක් කර තිබේ. 

ඔහු කැස්බෑවා හොරෙන් විකුණන්නට හැදුවා විය හැකි ය. මාලදිවයිනේ හූනියම් කරන්නට මේ සුදු කැස්බෑවුන් යොදා ගන්නා බව වාර්තා විය. මෙම සිද්ධියට පැටලුණ ගායක අමල් පෙරේරා තැත් කර තිබෙන්නේ මාලදිවයින් ජාතිකයකුට කැස්බෑවා විකිණීමේ බ්‍රෝකර් වැඩකි. එය හරි ගිහින් නැත. හරි ගියා නම් අමල් පෙරේරා කැස්බෑවා මාලදිවයිනට පන්නන්නට සැලසුම් කරගෙන සිටි ආකාරය ද පරීක්ෂා කළ යුතු ය.

ලෝකේ ඕනෑ තැනක තිබෙන මිථ්‍යා දෘෂ්ටි වැළඳ ගන්නා ලංකාවේ අයියලා වුණත් කැස්බෑ හූනියමකට සෙට් වුණා වෙන්නට බැරි නැත.

වනජීවී ඇමති විජිත් විජයමුනි සොයිසා මෙම කැස්බෑ ‍හොරා සමග දෙසැම්බරයේදී පුවත්පත් සාකච්ඡාවක් ද තිබ්බේ ය. ඒ අැයි? සෙවිය යුතු කරුණු මේවා ය.

නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු විසින් නායකත්වය දෙන ලද පොලිසියේ තරුකාරයන් රැසකින් සමන්විත කණ්ඩායමක් කැස්බෑවා සොයා මාර ගේමකට සෙට් වුණත්, කැස්බෑවා සිටියේ මධ්‍යස්ථාන හිමියා‍ගේ දූගේ ගෙදරයි. එතැන සොයන්නට ඔච්චර පොලිස් කණ්ඩායමක් මාසයක් ම දිව්වේ ඇයි? ඒකත් රසවත් කරුණකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පොලිස් හොරු / හොරා පොලිස්.

    ReplyDelete
  2. ඔපරෙසොන් සුදු කැස්බෑවා..

    ReplyDelete
  3. " ලෝකේ ඕනෑ තැනක තිබෙන මිථ්‍යා දෘෂ්ටි වැළඳ ගන්නා ලංකාවේ අයියලා වුණත් කැස්බෑ හූනියමකට සෙට් වුණා වෙන්නට බැරි නැත. "
    මේකතමයි මටත් තියෙන අවුල. කැස්බැවො ටිකටත් කෙලවෙන්න යන්නෙ.
    පොලිසියෙ තරුටික දැක්කමනම් හිතෙන්නෙ තව මොනව මොනව හ‍රි වෙනව අති කියල

    ReplyDelete
  4. අපේ රටේ ප්‍රධාන ජනමාධ්‍ය බොහෝ විට කොරන්නේ කටට හැපෙන කුණු රසය වැහෙන නිව්ස් ටික රටේ ප්‍රධාන නිව්ස් කිරීමය. මිනිස්සුන්ට බලපාන වැදගත් ප්‍රශ්ණ පැත්තක තියෙද්දී , නිව්ස් වල වැඩියෙන් කාලය ගතවෙන්නේ මෙවන් නිව්ස් රස කර ඉදිරිපත් කිරීමටය.මිනිස්සු මේ කුණු නිව්ස් රටේ නිවුස් කර ගනිද්දී, රටේ තක්කඩි ටික තමන්ගේ මඩි තර කර ගනිති...ආයතනගත නීතීය බිද වැටීම, මිහින් ලංකා, හෙජින් සුදු අලියෝ අමතක කර අනාගත නයි නලගන සුදු කැස්බෑවා පහල වෙන තෙක් වර්ථමාන සුදු කැස්බෑවා අනූමෝදන් වී ආසියාවේ ආශ්චර්‍ය පහල වන තුරු බලා හිදිති. ,

    නයි නළගනලා, සුදු කැස්බෑවලා යලි යලිත් මතක් කරන්නේ රටේ ප්‍රධාන මාධ්‍යයනේගේ නිරුවතයි...

    ReplyDelete
  5. හොරකම් කරන ලද බඩුවල වටිනාකම අනුවයි ඒක පරීක්‍ෂණය කරන්න එන පොලිස්කාරයාගේ රෑන්ක් එක තීරණය වෙන්නේ.

    කාලෙකට ඉස්සර අපේ හෙදරට හොරු පැන්නාම ඒක බලන්න නුගේගෙඩ ඒඇස්පීකාරයාත් ආවා.

    පස්සේ බැලින්නම් රුපියල් 50,000ට වැඩි නං හොරකමේ අගය ඒඇස්පී එනවාලු. දැන් නං උද්ධමනය අනුව මේ සීමා ඉහලට සකසලා ඇති.

    ReplyDelete
  6. දැන් ඔය හොයාගත්ත කෝටි තුනේ කැස්බෑවා කියන සතාට මොකද වෙන්නේ... නඩු භාණ්ඩයක් කරයිද? සත්තුවත්තට දෙයිද? ආපහු මූදට දායිද? නැත්නම් ගල් කරයිද?කියල මම මේ කල්පනා කරන්නේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා