කිරි පිටි මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව වැඩි වේ ද?

මේ වන විට වෙළඳපොළේ කිරිපිටි ඇත්තේම නැති තරම් ය. 

අද දිනමිණේ මුල් පුවත කියවන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ආණ්ඩුව කිරිපිටි මිළ වැඩි කිරීමට සැරසෙන බවයි. 

සමාගම් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් වෙනුවෙන් රු. 200ක මිළ වැඩි වීමක් ඉල්ලා ඇත. එච්චර දෙන්නට බැරි බව ඇමති ජොන්ස්ටන් කියයි. 

ජොන්ස්ටන් කීයක් දේවි ද?

ඇත්තෙන්ම කිරි පිටි සමාගම් වැඩි කළ යුුතු මුදල ඉදිරිපත් කරන්නේ ජොන්ස්ටන්ට එහි තාර බර ඉවත් කර හරි ගාන වැඩි කිරීමටයි. 

එවිට කොම්පැනිවලට අවශ්‍ය ගණන වැඩි වනවා පමණක් නොව, ඇමති ජොන්ට්ට මෙහෙම කියන්නටත් පුළුවන.

"හහ්, අපිව කොහෙද නටවන්නෙ එහෙම! අපි වැඩි කරන්නේ අපට ඕනැ ගාන!"

ආණ්ඩුව මේ වන විට  කිරි පිටි කිලෝවකින් රු. 107ක බද්දක් අය කරන බව වාර්තා වේ. ඒ අනුව, ග්‍රෑම් 400 පැකට්ටුවකින් අය කරන බද්ද රු. 37ක් පමණ වේ. 

දැන් ආණ්ඩුව ජනතාවට ඔච්චර ආද‍රේ නම් මේ බද්ද කපා දමා ජනතාවට මිළ සහනයක් දිය හැකි ය. අප පරීක්ෂාවෙන් සිටිය යුතු කරුණක් වන්නේ මේ මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව ම වැඩි වේ ද යන්නයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කිරි පිටි හදන්න දේශීය සම්පත් ණැතිවුණාට, රටටම සෑහෙන්න මී කිරි නම් තියෙනවා නේද?

    දිනමිණ බලන අයත් සෑහෙන්න ඉන්නවානේ!

    ReplyDelete
    Replies
    1. අජිත් මෙන්න මී කිරී ගැන කතන්දරයක්.

      http://kathandara.blogspot.com/2010/05/blog-post_21.html

      !!!

      Delete
    2. පොඩ්ඩක් ඉන්න කකා මේ සතියෙ දිනමිණේ ඔයාගෙ ලිපියක් දාන්නම්..... එතකොට ඔය අවුල හරියයි...

      Delete
    3. ඇනෝ ළමයා,

      මං එදත් කීව එකමයි අදත් කියන්නේ. මේක බලන්න!

      http://www.w3lanka.com/2011/04/blog-post.html

      !!!

      Delete
    4. The duty is around Rs 160 per Kg becaue of 5% PAL & 2% NBT charged from every milk powder consignment based on the shipment value

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා