නො දන්න එජාපය හා දන්න යකා

පාරක් හදන විට එහි එක් පැත්තක් වසා වාහන තනි පැත්තට ධාවනය කිරීම සාමාන්‍ය ක්‍රමයකි. මෙහිදී බොහෝ විට එම මං තීරුව වාහන දෙකක් මාරු වීමට තරම් පළල් නැත. තනි පැත්තට ධාවනය කරන්නට සිදු වන්නේ ‍එහෙයිනි. 

මේ වාහන හැසිරවීම කරන්නේ පොලිසිය විසින් නොවේ. මාර්ග කම්කරුවන් විසිනි. එහෙත්, ‍බොහෝ විට ඔවුහු එය ඉතා හොඳින් කරති. 

මේ දවස්වල මේ ආකාරයේ ධාවනය මගේ ජීවිතයේ එදිනෙදා කොටසකි.අද අපූරු දෙයක් දුටුවෙමි.

තනි පැත්තට ධාවනය කළ කොටසෙන් පිටතට පිවිසෙන විට ම වාගේ විරුද්ධ පැත්තෙන් ආ පැජරෝවක් තරමක වේගයෙන් තවමත් වසා තිබුණු පාරට දමා ධාවනය කළේ මාර්ගය හැසිරවූ පුද්ගලයා නො තකමිනි. එම පුද්ගලයා විසින් ප්‍රදර්හනය කරනු ලබන පුවරුවේ එක් පැත්තක රතු පාටින් ද STOP අනෙක් පැත්තේ කොළ පාටින් GO ද සටහන් ‍වී තිබේ. පැජරෝවේ රියදුරාට එය කියවා ගත නො හැකි වී ද  නො දනිමි.

මා හඳුනා ගත් පරිදි රිය පදවාගෙන ගියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. එහෙම දෙයක් කළත් පුදුම විය යුතු නැති පන්නයේ කෙනෙකි. 

එක්සත් ජාතික පක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආචාර්ය උපාධිධාරියෙකි. එහෙත්, අල්ලපු වත්ත සුද්ද කරන්නට ආ කම්කරුවකුට අතින් පයින් පහර දී තම ආරක්ෂකයා ලවා කණටත් පහර ගැස්වූ බවට ඔහුට ද චෝදනා එල්ල වී තිබේ. පසුගිය කාලයේ මෙම මන්ත්‍රීවරයා හාමුදුරු කෙනෙකුගේ කරට අත දමාගෙන සිට පසුව සමාව ඉල්ලුවේ ය. ලෝක බැංකුවේ ද සේවය කළ උගතකු වුණත්, ඔහු අති ධාවනකාරී, සංයමය පුහුණු විය යුතු පුද්ගලයෙකු බව පෙනේ. 

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් හැසිරෙන ආකාරය අනුව ඇත්තට ම මේ රටේ ජනතාවට එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමෙන් කිසිදු වෙනසක් අපේක්ෂා කළ ‍නො හැකි බව සක් සුදක් සේ ඔප්පු වෙමින් තිබේ. 

ජෝන් අමරතුංග මහජන මුදලින් වන්දනාවේ ගියේ ය. මංගල සමරවීර කුරුඳු පොලු හමුදාවක් බිහි ‍කළේ ය. රුවන් විජේවර්ධන ලංකාදීපයෙන් පච මවයි. කරු ජයසූරිය යනු සංදර්ශනයකි. සජිත් වැඩ බැරි දාස කෙනෙකි. රනිල් සදා ඔබේ නො‍ වෙනස් නායකයා ය. ඔහුගේ නායකත්වය යටතේ එජාපය සදා සොත්ති ය. 

  • ආණ්ඩුවේ ජාතිවාදයට, ආගම්වාදයට, පුරුෂෝත්තමවාදයට විකල්පයක් එජාපයේ තිබේ ද?
  • ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධයට විකල්පයක් එජාපයේ තිබේ ද?
  • ආණ්ඩුවේ ඒකාධිපතිවාදයට හා පවුල්වාදයට විකල්පයක් එජාපයේ තිබේ ද?
  • ආණ්ඩුවේ දූෂණයට විකල්ප පිරිසිදුකමක් එජාපයේ තිබේ ද? 

නො දන්නා යකාට වඩා ඉන්න යකා හොඳා කියා මහජනයා සිතීමේ කිසිදු වරදක් ‍නො පෙනේ.

ජනතාවට අවශ්‍ය වන්නේ ක්‍රම‍යේ වෙනසක් මිස ඔලුගෙඩි වෙනසක් නො වේ. 

මේ ලිපිත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. 'රුවන් විජේවර්ධන ලංකාදීපයෙන් පච මවයි.'

    පැරකුම්ගේ ස්වාමියා, ටිරාන් හුලස් සිලෝන් ටුඩේ සහ පව්බිම පත්තරෙන් අත්හරින පච කොහොමද?

    ටිරාන් හුලස්ගෙන් තවත් කුට්ටියක් පැරාට හම්බවෙලා වගේ. ඈ පැරෝ,සිලෝන් ටුඩේ එකේ වැඩ කරනවට හුලස් හොදට ගෙවනවද? කොහොමද මරුතියට පැට්‍රල් ටිකක් ගහගන්න වත් පුලුවන්ද?

    ReplyDelete
  2. ඔන්න ඔහේ මුං රට කාගෙන කාගෙන ගිහිල්ලා නවත්තන තැන ඉඳලා රට කාගෙන කාගෙන යන්න අරුංට චාන්ස් එක දෙමු පැරා.

    අපි 1994 දී කළෙත් ඒකම නේ?

    ReplyDelete
    Replies
    1. 1994 දි වුන වෙනසත් කිසිම තේරුමක්ම නෑ.දිගටම උන්ම හිටියනම් මොකද කියලත් හිතෙනව

      Delete
    2. "සහෝදරවරුණි, දැන් මේ විපස්සෙ අය මැතිවරණයට ඇවිත් මොකද කියන්නේ දන්නවද?"

      "අනේ දැං ආණ්ඩුව කරණ උං රට කාගෙන, කාගෙන, කාගෙන යනව. උං රට කාගෙන, කාගෙන, කාගෙන යන එක නවත්තල, ඒ නවත්තන තැන ඉඳන් රට කාගෙන, කාගෙන, කාගෙන යන්න අපිට බලය දෙන්න කියල තමයි සහෝදරවරුණි මේ විපස්සේ අය චන්දෙ ඉල්ලන්නේ!"

      http://kathandara.blogspot.com/2010/11/blog-post_04.html

      !!!

      Delete
  3. අනේ පැරා ,unp එක මන්නින අරගෙන තියෙන උදාහරණ නම් නියමයි .මම හිතන්නේ පැරා බලනේ දිනමිනයි,ITN (මැදමුලන පව්ලේ නාලිකාව), මඩ මව්බිම විතරක් වෙන්න ඇති .හර්ෂ ගැන තියෙන ව්වෙචන සියල්ල කාලකන්නි ජඩ මාද්‍ය විසින් පැලකරන ලද අතේ රෝල් ,බැරිවෙලාවත් හර්ෂ පොලිසියට ගියානම් අද හර්ෂ තමා විත්ති කරු . පැරා ලංකාදීපය ගැන බරපතල විවේචනයක් කරනව ඔව් ඒ සියල්ල ඇත්ත මොකද පැය 24 න් 18 කම අරලිය ගහ මන්දිරයේ සිටින ආරියනන්ද දොබගහවත ,රන්ජිත් ආනන්ද ජයසිංහ වගේ
    ලැප්ටොප් මාද්‍ය වේදීන් තමයි ලංකාදීපය මැදමුලන රෙජිමයට ඕන අන්දමට මෙහෙය වන්නේ .එසේ නොව්නහොත් විජයවර්ධන පව්ලේ ව්‍යාපාර වලට වෙන්නේ සෙලින්කෝ එකට උන දේ .මටනම් පැරා ත් මේ ආණ්ඩුවේ සැම ජඩ වැඩක්ම සාධාරණිකරණය කරන වාසුදේව ,ඩිව් ,විමල් ,ඕමල්පේ සොබිත, වගේ ආණ්ඩුවේ කුණු කන උනුත් අතර වෙනසක් නෑ

    ReplyDelete
    Replies
    1. අනේ ගොනෝ තේරෙන්නේ නැත්තං කට වහගෙන හිටහං ගොංකම ප්‍රදර්ශනය නොකර. පැරා මේ නොකියා කියන්නේ පාරේ අවිනීත විදිහට ගියේ හර්ෂයා කියන එකනේ. අනිත් චෝදනා කෙසේ වෙතත් මේක පැරා ඇහැට දැකපු කාරණයක්. එහෙම සුළු වෙලාවක් ඉවසන්න බැරි එකා මිනිහෙකුට කනට ගස්සන්න බැරිද? තෝ UNP එක සුද්ධ කරන්න එන්න එපා. ආණ්ඩුවේ වැරදි තියෙනවා. හැබැයි ඒකට උත්තරේ ඔය ජඩ දේශපාලනය ලංකාවට හුරු කරවාපු මිනිමරු කාලකණ්නි මැර පක්ෂය බලයට ගේන එක නෙවෙයි.

      Delete
    2. ආණ්ඩුවෙ ඇමතිවරුන්ගෙන් වැඩිම චෝදනා එල්ල වෙන්නෙ එජාපයෙන් ආණ්ඩුවට ගිය අයට.හොරා කෑම සහ අනෙක් සියළුම වැරදි ගැන එජාපයට හොද වාර්තාවක් තිබෙනවනෙ.2001 දිත් ඒක පෙන්නුවෙ හරිහැටි බලයවත් නැතිවනෙ.එජාපයෙ ආර්ථික දර්ශනයත් සූරාකෑමනෙ.තනි පක්ෂ මාක්ස්වාදෙයට උන්ගෙ ආඥාදායකතවයට විරුද්ධ වෙන එක වෙනම කතාවක්.මෙතන තර්කෙ වෙනස ගැනනෙ.1977-1994 ආන්ඩුවෙ හොරාකෑම ,දූෂන,මිනීමැරුම් හැම වරදක්ම කළ අයගෙ ඊලඟ පරම්පරාව තමයි දැන් ඇවිත් ඉන්නෙ

      Delete
    3. AnonymousJanuary 29, 2014 at 8:15 AM @

      ඔබ හරි එහෙම ඉවසන්න බැරි කෙනා ආන්ඩු බලය තිබෙනවනම් ඇස් බැදගෙන ගිහින් උස්සල මරයි.කොල කොටි ,කළු බලල්ලු එහෙම ආයෙ සේවයට වාර්තා කරන්නෙ කවදද කියල ඇගිලි ගැනගෙනලු ඉන්නෙ.

      ආණ්ඩුවේ වැරදි තියෙනවා. හැබැයි ඒකට උත්තරේ ඔය ජඩ දේශපාලනය ලංකාවට හුරු කරවාපු මිනිමරු කාලකණ්නි මැර පක්ෂය බලයට ගේන එක නෙවෙයි.//

      කාලකණ්නි මැර පක්ෂය බලයට එන්නෙත් හැමදාම ලේ ගංගා ගලා යවමින්.1977 දි ඒක වුනා.1994 දි හොඳ ආදර්ශයක් දුන්න.ඒත් 2001 දි වෙනත් පාක්ෂිකයන්ට පහර දීල අමු සොහොනක් කළා.ඒත් 2004 දි ආයෙ හොඳ ආදර්ශයක් දුන්න.
      මම නම් කියන්නෙ මේ ආන්ඩුවෙ තිබෙන වැරදි 100 ගුනයක් දරුණු විදියට කරනව.කුඩු ගෙනාවෙත් හාපුරා කියල යූ ඇන් පී ආන්ඩුවෙන්නෙ

      Delete
    4. Anonymous unp එක පැරදිලා දැන් අවරුදු 18 ක් ,පරම පවිත්‍ර සන්ධානයට පුළුවන්නේ ජඩ ,කාලකන්නි unp එක කරපු වැරදි නිවරදිකරන්න ,කෝ කළාද

      Delete
  4. අපි හැමදාම කියන දේ පැරාට තෙරිලා.. හර්ෂලා මහත්තුරු වගේ ඇවිත්, අද නොම්මර එකේ ගොන් පාට් දානවා. පාර්ලිමේන්තුවේ කවි කියනවා.. එයාලා හිතන්නේ ගොන් පාට් තමයි ජනතාව ඉල්ලන්නේ කියලා. එයා ට තියෙන්නේ දැන් ආන්ඩුවට ජොයින් වෙන එක විතරයි. තවම එරාන් වික්‍රමරත්න විතරයි තත්වය රැකගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ අර පාදිලියද?

      Delete
  5. හර්ෂ ද සිල්වා හාමුදුරුවන්ගේ කරට අත දැම්මේ නැත. එය මයික්‍රෆෝනය ගැනීමට අත දික්කරන මොහොතේ ගත පින්තූරටය කැමරා කෝණය නිසා ඇතිවූ දෙයක් බව පසුව පැහැදිලිවුනා. හර්ෂ ද සිල්වා සමාව ගත්තේ මයික්‍රෆෝනය ගැනීමට හාමුදුරුවන්ගේ කරට උඩින් අත දික්කෙරීමේ වරදටයි. හර්ෂ ද සිල්වා අර මිනිහාට ගැහුවේ නැත. පොලීසියේදී එය හෙළිවිය. හර්ෂද සිල්වා ඇති ධාවනකාරී වන්නේ කතාවෙන් පමණි. ක්‍රියාවෙන් එහෙම නැත. ඔහුගේ ආර්ථික විද්‍යා තර්ක බිඳින්නට අවලම් කබ්රාලයාට තවම බැරිය. මම යූ ඇන් පී එකට අකමැති, හර්ෂ ද සිල්වා දෙස පරීක්ෂාවෙන් බලන කෙනෙක්මි.

    ReplyDelete
  6. මේ ලිපිය අනර්ඝයි අති විශිෂ්ටයි.මේ රටේ ජනතාව තේරුම් ගටහ් යුතු නියම ඇත්ත තමයි එජාපය බලයට ඇවිත් මේ කිසිම දෙයක් අංශු මාත්‍රයකින්වත් වෙනස් වෙන්නෙ නෑ.1994 දි වචන සෙල්ලමක්වත් තිබුන සැබෑ වෙනසක් කියල.දැන් එහෙමත් නෑ.මොනව වෙනස් කරන්නද?
    කාට හරි වෙනසක් ඕනම නම් මෙහෙම කරන්න.කවුරුහරි දේශපාලනඥයෙක් වැරදිකළා කියල නිව්ස් එකක් කනට වැටුනට පස්සෙ ඒ දේශපාලනඥයගෙ නම වෙනුවට එජාපයෙ මන්ත්‍රීවරයෙකුගෙ නමක් ආදේශ කර ගන්න.ඕකමයි 100% ක්ම වෙන්නෙ.

    17 අවුරුද්දක් එජාපය පෙන්වූ මුහුණ ජනතාවට අමතක ඇති කියල 2001 දි ආයෙ මතක් කරල දුන්න.ඒ පුංචි අවුරුදු දෙකට විධායක බලයත් නැතිව හැම නරක වැඩක්ම කළා

    ReplyDelete
    Replies
    1. 2001 දී කරපු නරක වැඩ ලැයිස්තුවක් දෙනවද ?

      Delete
  7. ඉතින් පැරා උඹ කියන්නේ අපිට ජේ.වී.පී එකට චන්දෙ දෙන්න කියලද?

    ReplyDelete
  8. අනිවාර්යෙන්ම ඔළු ගෙඩි වෙනස් වීම තුලින් වෙන දෙයක් නැහැ.විය යුත්තේ ක්‍රමයේ වෙනසක් ඇති වීමයි.

    ReplyDelete
  9. කතාව සහතික ඇත්ත පැරෝ. මහින්දගෙ ඒකාදිපතිවාදෙට කිසිම විකල්පයක් යූඇන්පියවත් ෆොන්සේකාවත් දෙන්නෙ නෑ. මම මේ පාර දෙන්නෙ ජෙප්පන්ට. උනුත් තමන්ට බලය තියන තැන්වල චන්ඩිපාට් දැම්මට මුන් ටිකට වඩානම් දාහෙන් සම්පතයි.

    ReplyDelete
  10. මං මේ කල්පනා කළේ පැරාට ජනාධිපතිකම ලැබුනොත් මොනවා කරයිද කියලයි!

    මෙන්න "සෝ ඔබ්වියස්" කීපයක්.

    1. මතුගම ලංකාවේ අගනුවර වෙනු ඇත.
    2. මතුගමට වරායක්. කළු ගඹ දිගේ තමයි නැව් එන්නේ.
    3. මතුගමට එයාපෝට් එකක්. මේක නම් රනිල් ගේ කාළෙත් සැලසුම් කළා!
    4. කෝට්ටේ නගරය සිරි පැරකුම්බා ලෙස නම් කෙරෙනු ඇත.
    5. ජැක්සන් ඇන්තනි විසින් මහා පැරකුම්භා රජු ගෙන් පැතතෙන අද පරපුරේ අය ගැන ඓතිහාසික විශ්ලේශනයක් ලියවෙනු ඇත.
    6. රටපුරා ගෙවතු වගා
    7. ??
    8. ??

    ReplyDelete
    Replies
    1. Kaka,

      // මතුගමට වරායක්. කළු ගඹ දිගේ තමයි නැව් එන්නේ.//

      මතුගමට කළු ගඟ ගලන්නෙ නැති නිසා පැරා කපන ගඟේ නම වෙන්ටැ කළු ගඹ කියන්නෙ?

      Delete
    2. ඉන්දික,
      මේ කියන්නේ ග්‍රේටර් මතුගම සිටි එක ගැනයි, නැතුව ඔය දැන් තියෙන මතුගම කඩ මණ්ඩිය ගැන නොවෙයි. මේ අග නගරයට කළුතර සිට අළුත්ගම දක්වාම අයිතියි. තෙඹුවන තමයි වරාය දාන්න වෙන්නේ.

      දැන් කොළඹ ජ්‍යාත්යන්තර ගුවන් තොටුපල තියෙන්නේ කොළඹ කොඩි ගහ යට නොවෙයිනේ!

      Delete
    3. ඒකත් එහෙමද. මට තේරුනේ දැන්නෙ. ඒ උනාට කකා තෙබුවන ඉඳන් ගඟ හරෝල මතුගම ටවුමට දාල වරාය, ටවුම ගෙනිච්චනං හරි මීගහතැන්න දිහාට. හොඳ ගානක් කැපියෑකි. යගිරල කන්ද කපල ගහමු එයාර්පෝට් එක. තනි කැලේ කෙලිම්ම මාස තුනක් මොරටුවෙ ඉරන්න බඩු!

      Delete
  11. I am looking at this as a citizen not a member biased to any political party, By looking at the current paper headings , we have tons of reasons why this govt. should change. If you guys think that previous govts. did the same because of that let this govt to destroy
    the country further , it is a serious mistake and not a progressive thinking. I am wondering why person like you suggesting such a backward idea. I am continuously reading your blogs and admire most of them. But , I am not with you this article.

    ReplyDelete
  12. ධර්මරත්නJanuary 29, 2014 at 7:09 PM

    පැරාලා දායකත්වය දැක්වු 88-89 ජවිපෙ අවසානයේ නැවතුනේ චන්ද්‍රිකාගේ සාරි පොටේ,එතනිං ඉවර වුනේ නෑ මහින්දගේ සාටකේත් එල්ලුනා.හැබයි පැරාගේ කතාවට මං එකඟයි.කාරනාව , මහින්ද විසින් ලංකාවේ මහා සම්මත 'පොරවල්' සියල්ල බලු කලා.සංඝයා අරකටයි මේකටයි පාවිච්චි කරල දැන් ඉන්නේ පාරේ.කඩ කඩන එකයි,මුස්ලිම් වැසියන්ට පීඩා කරන එකයි ඇරුනාම තව කරන්න සංඝයාට ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද සහ චෞර නඩයට කඩේ යන ඒක විතරයි.නළුවෝ- නිලියෝ කෙලින්ම බල්ලට දැම්මා.එකෙන් නිලියෝ ' මහින්ද ඇන්ඩ් ද කෑලැන්ස්' ගේ සනීප භාණ්ඩ බවට පත් කලා.ජැක්සන් ඇන්තනි වගේ මහා ලොකුවට කලාව ගැන තෙපර බෑව බුවාලා නතර වුනේ බුදු හාමුදුරුවෝයි මහින්දයි නෑදෑයෝ කියලා.මහින්දලාම වීරෝධාරයි කිව්ව හමුදාව මහුන්ද-ගෝඨා විසින්ම 'වීල්බෑරෝ' හමුදාවක් බවට පත කාරලා දැන් ජිනිවා වලදි ඒ අයවළුන්ව පාවා දී මහින්ද-ගෝඨා ඇඟ බේරා ගැනීමේ මහා උතසවය අත ලඟ.පතතර කාර-ටීවි-ගුවන් විදුලි මාධ්‍ය වේදින් 'මහ මඩ වේදීන්' බවට පත් කරලා ගොඩක් කල්.ලස්සනම කතාව තමයි ජවිපෙ.ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවු මහා න්‍යායාචාර්‍ය -මහා මොල-අති දක්ෂ යැයි ජවිපේම කියා ගත් ජවිපේ වැඩ කරුවන්-මුළු ජවිපෙම නතර කලේ චන්න විජේවර්ධනගේ නැ‍ටුං කණ්ඩායමේ කෙල්ලන්ගේ පෂ්චාත් භාගය ලඟ.මහින්ද විසින් ලංකාවට කරපු මාරම වැඩේ තමයි ඉහත කී "ලංකාවේ අති දැවැන්ත පොරවල්" සියල්ල එකට බඳ බල් කුක්කන් ගානට ගෙනාපු එක.හොඳම උදාහරණය විමල් වීරවංස,වාසි-දේව නානයක්කාර-රාජිත සේනාරතන, ලෝකේම මානව හිමිකම් වැඩ වලින් අල්ලේ නටවන බවට කයිය ගහන මහින්ද සමරසිංහ,වරක් ඇරරිකාව විසින් නම් කරපු 'අනාගත ලෝකයේ නායකයින් 500'ට ඇතුළත් වු මිලින්ද මොරගොඩ,ලිබරල් රජීව් විජේසිංහ...............ආදී අයව ලංකාවේ හොඳම විහිළු කාරයින් බවට පත් කරලා මහින්ද ගහපු කප් එක නං නියමයි.ඒ අස්සේ පැරා යු.ඇන්.පි යක් ගැන කතා කරනවා.ඒ අතරම ලංකාවේ ජහ-මනයාව ගොනාට අන්ඳලා, පොඩි උන්ව පරක්කරලා,ගැණුන්ව වශිකරලා තියෙන තරම කොච්චරද කියලා කියනවා නං පැරාලා වගේ සමාජය ගැන මාර දැනුං තේරුං තියෙන මාර පොරව කොච්චර බ්ලොග් පිරෙව්වත්,දිවා රෑ පත්තර වලින් කරුණු පහදලා දුන්නත්,ගුරු කමෙං කොච්චර කට්ටියව දැන්වත් කරත් මේ කිසි දෙයක් කිසි වැඩක් නොවන තැනට මහින්ද නියමෙට වැඩේ කරලා තියෙන්නේ.ඒ නිසා පැරා හරියටම හරි.ඔය තාලේටම ගියාම තව හරි යයි.තව මදිනං අගමැතිගේ කුඩූ පොඩ්ඩකුයි,ඇමතිලාගේ එතනෝල් පාරකුයි දාගෙන මහින්දගේ කැසිනෝ පොලකට රිංඟන්න.

    ReplyDelete
  13. බිජ්ජ හංගාගෙන ඇට දෙකෙන් කතාකරනවා පැරා.

    ReplyDelete
  14. ඔබගේ දැන් දැන් ලියවෙන ලිපි තුළින් පවතින ආණ්ඩුව වෙත වඩ වඩාත් අනුකූල තාවක් පෙන්වන බව දිගු කලක් ඔබගේ ලිපි කියවූ ඔනෑම අයකුට පහසුවෙන් වැටහෙනු ඇත.
    මුල් කොමෙන්ටුවේ ඔබගේ නව ස්වාමියා පිලිබඳ දක්වා ඇති සටහන සත්‍ය බව ඔබ විසින්ම සාක්ෂි සහිතව ඔප්පු කර ඇත.
    ප්‍රගතිශීලීන් ලෙස පෙනීසිටින ඔබ වැන්නන් පවා මෙසේ නම්, අනෙක් පෘතග්ජනයන් ගැන කවර කතාද?

    ReplyDelete
  15. //ඔබගේ දැන් දැන් ලියවෙන ලිපි තුළින් පවතින ආණ්ඩුව වෙත වඩ වඩාත් අනුකූල තාවක් පෙන්වන බව දිගු කලක් ඔබගේ ලිපි කියවූ ඔනෑම අයකුට පහසුවෙන් වැටහෙනු ඇත.
    මුල් කොමෙන්ටුවේ ඔබගේ නව ස්වාමියා පිලිබඳ දක්වා ඇති සටහන සත්‍ය බව ඔබ විසින්ම සාක්ෂි සහිතව ඔප්පු කර ඇත.
    ප්‍රගතිශීලීන් ලෙස පෙනීසිටින ඔබ වැන්නන් පවා මෙසේ නම්, අනෙක් පෘතග්ජනයන් ගැන කවර කතාද?// well said dig a hole and jump parakum....Wimal weerawansa or champika ranawaka has the same "baila" like you

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා