හෙනහුරාගේ කාංසාව හා නලින් දිල්රුක්ෂගේ සාංකාව
මම භාෂා විශාරදයෙක් නෙමෙයි. (බාසා වෙල්ලෙකුත් නෙමෙයි) ඒත්, මේ වචන දෙක ගැන මගේ අදහසයි මේ. මම ඉතින් පාලි සංස්කෘත දන්නේ නැහැනේ. මට ස්පර්ශ වෙන්නේ ඩොලර්වලට කිට්ටු, බටහිර, අධිරාජ්‍යවාදී, යුදෙව්, අරව මේව කියන ඉංගිරිසිය.
මම හිතන්නේ ඉංග්‍රීසියෙන් මේ වචන දෙකට කිට්ටුවෙන් සමාන වෙන්නේ මෙන්න මේ වචන.
සාංකාව = melancholy
කාංසාව = anxiety
සාංකාව කියා ව්‍යවහාර වෙන්නේ යමක් අහිමි වීම නිසා ඇති වන අධික දුකටයි.
කාංසාව කියා කියන්නේ අධික ලෙස ආසා කරන යමක් අත් පත් කර ගැනීමට නො හැකි වීම නිසා ඇති වන දුකයි.
මම බ්ලොග් සටහනේ යොදන්නේ කාංසාව කියන වචනයයි. උදාහරණයක් ලෙස සමාජවාදීන්, වාමාංශිකයන් ලෙස පෙනී සිටින ඇතැමුන්ට ධනවාදය ගැන තිබෙන්නේ කාංසාවක්. විමල් වීරවංශලා වැනි අයට වෙලා තිබෙන දේ තමයි, තමන්ගේ කාංසාව සුව වීම.
කවුරුහරි සමීප ම කෙනෙක් වියෝ වුණා ම අපට ඇති වන්නේ සාංකාවයි.
මධුර ශබ්දකෝෂයේ මේ වචන දෙක සඳහාම anxiety හා වෙනත් වචන යෙදී තිබෙනවා.
මේ වචනවල නිරුක්තිය ගැන මට ඒ තරම් අදහසක් නැහැ. ඒත්, සංකා කියා තවත් කිට්ටුවෙන් යන වචනයක් තිබෙනවා. එහි තේරුම සැකයයි.සැක සංකා කියා යුගල පදයක් ලෙසත් මෙය යෙදෙනවා.
සාංකාව එන්නේ ගැමි ව්‍යවහාරයෙන් නිසා මම හිතන්නේ නැහැ මෙහි සංස්කෘත මූලයක් තිබේ ය කියලා. සමහර විට දෙමළ මූලයක් තිබෙන්න පුළුවන්.
(ඉහත ඡායාරූපය කමෙන්ටුව කොපි පේස්ට් කරන විට අහම්බෙන් ආ එකක්. මම ඒක එහෙමම තිබ්බා. මේවා ඉතින් බ්ලොග් නේ. මේවායේ ආචාර ධර්ම වෙනස්.)
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com
මචං පැරා නොදන්න වදනක් ඉගන ගත්තා ස්තුතියි එයට. සේයාරුව පිළිබද ගැටලුවක් නැත. මම හිතුවේ සාංකාව වැරදිමකින් යන්න ඇති කියලා.
ReplyDeleteමාත් භාෂා වෙල්ලෙක් නම් නෙමෙයි, ඒත්, මම හිතන්නේ කාංසාව කියන්නේ, කාංසිය කියන එකේ උග්‍රම අවස්ථාව වෙන්න පුළුවන් කියලා.. ඒ කියන්නේ මනස ඒ තත්වයට පත්වීම..
ReplyDeleteකාංසියා නැති කර ගන්න පුළුවන් හොඳ බේතක් තමයි ඒ වගේම නමක් තියෙනා කංසා ස්වල්පයක් භාවිතා කිරීම. එතකොට අර ගතිය නැති වෙලා, හිනාවෙලා උන්න ඇහැකි..
බ්ලොග් වල තියෙන සුන්දරත්වයත් මෙයමයි.. මේවා ඉතින් පත්තරවල කතා කොරන්නය..
මෙහෙම වෙනසක් සහිත බ්ලොග් කියා මාධ්‍යයක් තියනවා කියන එක ජනතාව බහුතරයක් නොදන්නා එකනේ ගැටලුව මාතලන්. අපේ මේ වැයමත් ඒකමනේ....
Deleteනලීන් මම පොඩි විචාරයක් ලියුවා ඔබගේ මේ වැඩේ ගැන මෙම බ්ලොග් එකේ පෙර ලිපියේ මෙම කමෙන්ට් එක බලන්න
Deletehttp://www.w3lanka.com/2014/01/blog-post_11.html?showComment=1389500558779#c1330643522335267402
අදහස් දක්වන්න පරක්කු වුනේ අහම්බෙන් ආව නිසා මේ පැත්තේ. බල්ලෙක් එලවන්න ආපු ගමන් මේ අදහස දැක්වුවේ.
මාතලං සමඟ සම්පූර්න එකඟ වෙමි.
Deleteඅවුසදයක් අවුසදයක් බොලව් !!
මාතලන්...කමෙන්ට් එකත් හොඳයි...සාංකාවට නම් කංසා බිව්වොත් සාංකාව වැඩි වෙයිද මන්දා... කාංසාවට නම් හොඳයි. කාංසාව සුවවුනාම නම් කොහොමත් ඉන්නේ කංසා බීලා වගේ තමයි. බලපන් බල ඔළුවා ඉන්න හැටි.
Deleteමේ ෆොටෝ එකේ නලීන් ලඟ ඉන්න මනුස්සයා නහය වහගෙන ඉන්නෙ ඇයි?
ReplyDeleteදූරියන් සුවඳ නිසා විය හැකියි. සමහරු කැමති නැත.
Deleteමටත් අල්ලනෙම නැති සුවදක් දුරියන්.
Deleteහැබැයි දුරියන් ඇටවල ඒ සුවද නැහැ..
DURIYAN SUWANDA NEWE, PADAYAK, JEE, CHOO WAGE DEYAK PITAWENNA ATHI.
Deleteඅයියෝ නලීන් ඔහේ දිනමිණ පත්තරේ කියවන්නේ නැතෙයි?
ReplyDeletehttp://www.lakehouse.lk/alokoudapadi/2013/10/09/_art.asp?fn=a13100912
TQ කකා ලින්කුවට..
Deleteඔබ දැනුම සැපයුමේ ගබඩාවක්...
ස්තුතියි කකා. ඇත්තටම මං මේ වදන දැනගන හිටියේ නෑ.
Deleteහෙට දාන නිව්ස් ගැන අද උදේ ලොක්ක එක්ක ජිම් එකේ කතා කරන මාධ්‍ය මුදලාලිලා ඉන්න රටේ,දිනමිණ වගේ පුවත් පතකින් යමක් වෙනස් කිරීමට හැකි යැයි සිතීම විහිළුවකි.
ReplyDeleteනලින් කියන චරිතයද යම් කිසි රාමුවක් තුල කොටු වී ඇති බැවිනි.
මාතලන් ලියන යෝජනා නම් ලොක්කගෙ සිත් ගැනීමට ඉඩ ඇත.නමුත් ක්‍රියාත්මක කරන්නේ තුප්පහි නිලධාරීන් නිසා කිසිම දෙයක් මේ ආත්මයේදී සිදු නොවෙනු ඇත.
මගේ ඒකායන පැතුම සාර්ථක වේවා යන්නයි!
නමුත් එයද මේ ආත්මයේ නොවෙනු ඇත.
නොදැන හිටපු දෙයක් ඉගනගත්තා !!
ReplyDeleteස්තූතියි පැරා. ඔන්න ඔහොම දෙයක් ලියන්න !!
සමහර විට දිනමිනේ යයි !!!
සහන්ට ඇරලා ඉවර උන දාට කියන්නකෝ..මම ආයේ පෝස්ට් දාන්නම්... මට බනින අයම මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන හැටි බලන්න පුළුවන් වේවි ... :P
ReplyDelete//(බාසා වෙල්ලෙකුත් නෙමෙයි) //
ReplyDeleteෂුවර්ද? එහෙමනම් රවි සහ තිසර කලින් පෝස්ට් එකේ දාපු කමෙන්ට් ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ( ඔව් මම බ්ලොග් ලෝකෙ පොළිස් කාරය නෙමෙයි හැමෝගෙම වැරදි හදන්න. ඒත් කරුමෙට කට පියන් ඉන්න බෑ නෙව මේ දේවල් දැක්කම )
දැන් පැරා, සාමාජවාදය කියන අපි සාම්ප්රදායිකව අඳුනගන්න ක්රමය බැහැර කරලා 'සමාජවාදී ජීවනරටාව' කියන සංකල්පය දක්වනවා. එයට අනුව එක් එක් අයට දෙවිධියකට සැලකිම ගැන විග්රහයක් කරන්න පුලුවන්ද?
DeleteA. Fernando
සමාජවාදය කියන්නේ කිසිදු වෙනස්කමක් නැති සියලු මිනිසුන් සමාන වන සමාජයක් නෙමෙයි. එහෙම සමාජයන් කොහේවත් පැවතිය නො හැකියි. සමාජවාදී සමාජයක් කියන්නේ ආර්ථික හා සමාජ විෂමතා අවම සමාජයක්. මේ තත්වය ගැන අප බැලිය යුතුව තිබෙන්නේ එය පරම දෙයක් කොට සලකා නොවෙයි. ධනේශ්වර සමාජ ක්‍රමයත් එක්ක සන්සන්දනය කරලායි. සමාජවාදය මුලින් ම එන්නේ ධනවාදයත් එක්ක මතවාදීමය අරගලයක් ලෙසයි.
Deleteඅනිවාර්යෙන් හොඳ පොස්ට් දාපු විටක හොඳ කියනවා. වැරදි තොරතුරු තියෙන ඒවා දැම්මොත් ඔබ මොන කුණුහරුප කියා අපහාස කරත් අපි ඔබ විවේචනය කරනවා. බය නැතිව ඉඳපන් අපි එනවා.
ReplyDeleteදැන්වත් සිංහල බ්ලොග් අවකාශේ මේ සයිලන්ට් සහන් වගේ බොල් පිළිම වන්දනා කරන් ඉන්න ළදරු මල්ලිලා නංගිලා ටික තේරුම් ගත්තොත් හොඳයි මේ වගේ කී බෝර්ඩ් දාර්ශනිකයන් සහ අර බස් හෝල්ට් වල පිස්සු විකාරෙන් දේශනා තියන මානසික රෝගීන් අතර තියෙන්නෙ පුංචි වෙනසක් බව.
ReplyDelete"මධුර ශබ්දකෝෂයේ"???
ReplyDeleteමේක අන්තර්ජාලයේ ප්‍රසිද්ද ඇති, ඒත් මම දන්න තරමින් මේක ඔහු තිබස් එකේ ඩේටබේස් එක අනවසරයෙන් අරන් හදපු එකක්. මම හිතන්නෙ අපි උපුටා දක්වනවනම් කරනවානම් හොඳම දේ පිලිගත් ශබ්දකෝෂයක් පාවිච්චිකරන එක.
(වචනෙ තේරුම හරි ඇති, මම කියන්නෙ ඔහුගේ ඩික්ශනරි එක අනවසර එකක් නිසා )
-ප.ගෝ.
සයිලන්ට්සහන් ඉවරද ? සහන් වෙනුවෙන් ගෙතු තිරිසන් කතා වලට පිළිතුරු 01 . truth andthe myth
ReplyDeleteසහන් ට පිස්සු, ඒ පිස්සෙක්, ඌව ෆෝම් කරන්ඩ එපා.
Deleteසහන්, ගල් පැලෙන බොරු එපා!!
Deleteසහන් ගේ කෙබර වලට උත්තර