අනේ පව් ගෝර්කි!

මෙය මේ දිනවල රට පුරා අලවා තිබෙන පෝස්ටරයකි. එහි කතා කරන්නට බොහෝ දේ තිබේ. ඒ නිසා ම එය ජවිපෙ ලංකා පුවත්පතට ලොකු ප්‍රචාරයක් වන්නට පුළුවන.

ලංකා පුවත්පතේ තරගකරුවා ජනරළයි. එය ද මෙම මස යළි පළ වන්නට නියමිත ය. උපුල් ශාන්ත සන්නස්ගල ජනරළ සමග ද හිතවත් ය. එහෙත්, ලංකා ඉස්ස‍ර වී තිබේ.

උපුල් ශාන්ත සන්නස්ගලගේ ජනප්‍රියත්වය ලංකාට ද ජවිපෙ හැකියාවන් සන්නස්ගලට ද උපයෝගී වන අප්‍රකාශිත වානිජ ගනුදෙනුවක් මෙහි තිබෙනවා වෙන්නට පුළුවන.

'ඝන වූ සියල්ල වාෂ්ප වේ.ශුද්ධ වු සියල්ල කෙලෙසේ' මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයෙහි කළ සඳහන කොපමණ නිවැරදිදැයි පෙන්වන නිදසුනක් ලෙස ද මෙම පෝස්ටරය සැලකිය හැකි ය.

ගෝර්කිගේ අම්මාගෙන් පසු උපුල් ශාන්ත සන්නස්ගල‍ගේ අම්මා.

ගෝර්කිට පසු උපුල් ශාන්ත සන්නස්ගල.

අනේ පව් ගෝර්කි!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කොහොම වුණත් මේ පෝස්ටරයේ නිමාව විශිෂ්ටයි

    ReplyDelete
  2. මට ගෝර්කි ගැනවත් ,සන්නස්ගල ගැනවත්,ජවිපෙගැනවත් , කිසිදු දුකක් කණගාටුවක් හෝ පිළිකුලක් ඇති නොවේ මන්ද ගෝර්කි අම්මා ලියනු ලැබුවේ රුසියාව සාර් පාලන සමයේදී වන අතර එයකියවා එහි හරය වටහාගැනීමට රුසියාවේ සමකාලින ගොවි කම්කරු ජනතාව බුද්ධිමත් වූ අතර ඔවුන් සංවිධානය වී පීඩකයා පලවහරිනලදී .නමුත් ලංකාවේ වර්තමාන යටත් වැසියා (ලංකාවේ පුරවැසියන් නොමැත ) පිඩකයා දක්කන පිට්ටනියකට ගොස් උල කයි . ලංකාවේ පාලනය වෙනස්කිරීමට පෙර චන්ද දායකයා වෙනස් කල යුතුය

    ReplyDelete
  3. කවුද ගෝර්කි කියන්නේ, අර උඩු රැවුල තියෙන එක්කෙනාද?

    ReplyDelete
    Replies
    1. ලෙනින්ගේ රැවුල වගේද එවරෙඩි පුසගේ රැවුල වගේද? අඩේ උපුල් ශාන්ත ගේ රැවුලත් ඒ වගේ නේද? ළමා විය ,මගේ සරසවි , මිනිසුන් අතර පොත් තුනට පස්සේ මාටින් වික්‍රමසිංහත් ඒ වගේ පොත් තුනක් ලිව්වා නේද? ඉතින් උපුල් ලිව්වම අපිට මොකෝ.

      Delete
    2. අනේ බං උඹ දන්න කෙහෙම්මල. මාර්ටින් වික්‍රමසිංහ ලිව්වෙ උපන්දා සිට කියල තනි පොතක්. උඹල ගැන වෙන්න ඇති මේ පෝස්ට් එකේ තියෙන්නෙ

      Delete
    3. thank you Anonymous. දැන් දන්නවා නේ උපන්දා සිට කියල. තැන්කු මචං කෙහෙම්මල ගැනත් මං හරියට දන්නේ නෑ මචෝ දන්නැති හින්ද නේ නේද කියල ඇහුවේ. මං දන්න රෙද්දක් නෑ කියල මං දන්නවා මචෝ.

      Delete
    4. "අපේ ගම" කියන්නෙත් මාර්ටින් වික්‍රමසිංහගේම ගම ගැන ලියපු පොතක් වගේ මතක...

      Delete
    5. වික්‍රමසිංහ ලියූ ඔය උදිත කියන පොත් තුන තමයි ගම් පෙරලිය, කලියුගය සහ යුගාන්තය.

      Delete
    6. ගොර්කිගෙ පොත් තුන එයාගෙ ජීවිත කතාව ගැනනෙ. එහෙම ගත්තම ගම්පෙරලිය, කලියුගය "ඒ වගේ එව්ව" කියල කියන්න අමාරුයි

      Delete
  4. ඔය මනුස්සය අන්තිම මොහොතෙ අම්මා ලියන්ට බෑ කියල මඟාරින්ටත් බැරි නෑ. එහෙව් පුතය..මතකනෙ අවුරුදු තුන හතරකට වගෙ ඉස්සෙල්ල සබරගමු පළාත් සබාවට මහ ඇමති කමට යූ.එන්.පී. එකෙන් ඉල්ලනව කියල පොරොන්දු වෙලා ඉඳල පස්සෙ වෙන මොනවද බයිල වගයක් කියල මඟ ඇරිය.

    ReplyDelete
    Replies
    1. මම භාරගන්නෙ නෑ, හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.

      ඒ ඕඩියො ක්ලිප් එක තියන් ඉන්නව පොඩ් උන් ලොකු උනාම සිංහල උගන්නන්න :)

      Delete
    2. මං පන්ති යන කාලෙදිනෙ ඕක උනේ අප්ප.. තුන හතරකට කලින් නෙවෙයි රවී... අවුරුදු 10කට විතර කලින්... හි හි

      Delete
    3. .@ ඉන්දික

      / මම භාරගන්නෙ නෑ, හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. /

      හරි, හරි ස්තූතියි ඉන්දික....ඔය වචන සෙට් එක මට අමතක වෙලයි තිබ්බෙ..මට මතක තිබ්බෙ....ඒ කාලෙ අපි විහිලුවට හදාගෙන තිබ්බ එක...මම ***** නෑ..හැබැයි *** ඉන්නෙත් නෑ.....

      අම්මප ඔය යස්සය ප්‍රවෘත්ති සාකච්චාවක් තියල කටක් ඇරල ඔහොම කිව්ව නෙව...ඔන්න රටේම අංක එකේ සිංහල ටියුෂන් ගුරුවරයගෙ සිංහල....

      Delete
    4. @ හිරු,

      වෙන්න ඇති අප්පා..වෙන්න ඇති..කාල වකවානු ඔක්කොම එකට මඤ්ඤං වෙලා..අච්චාරු වෙලා දැන් තියෙන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
  5. if possible he'll sell even his mother to make money. Bastard !

    ReplyDelete
  6. සන්නස්ගල එක්ක පෙරටුගාමි සමාජවාදී එවුන් දීග කද්දි කොහෙද පැරකුම් හිටියෙ..උන් උන්ගේ කැරැල්ල ද මොකක්ද එකට මුලින්ම ඉන්ටවීව් කරෙත් සන්නස්ගල.තව ජනරළ තොටුපළ ද මොකක්ඩ්ද එකට ගෙන්නුවෙත් සන්නස්ගල
    ඒ දවස්වල ඔයා කොහෙද පැරකුම් හිටියෙ..
    ඔයාටත් ජනරළේ ලියන්න දෙන නිසා ඒවට මුකුත් ක්යන්න බැහැ නේ නේද..හැබැයි අන්න ඔයාගේ ඒ මල්ලිලා ටික දීප්ති පස්සෙන් යනවා අනේ අපි එකතු වෙමු කිය ක්ය ඒ ගැන මුකුත් එහෙම ක්යන්න තියෙනවද?

    ReplyDelete
  7. සකළ දේශවාසී නිර්දනයිනි එක්වව්!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ග්‍රිස් යකෙක් අල්ලන්නද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා