අනේ පව් ගෝර්කි!
මෙය මේ දිනවල රට පුරා අලවා තිබෙන පෝස්ටරයකි. එහි කතා කරන්නට බොහෝ දේ තිබේ. ඒ නිසා ම එය ජවිපෙ ලංකා පුවත්පතට ලොකු ප්‍රචාරයක් වන්නට පුළුවන. ලංකා පුවත්පතේ තරගකරුවා ජනරළයි. එය ද මෙම මස යළි පළ වන්නට නියමිත ය. උපුල් ශාන්ත සන්නස්ගල ජනරළ සමග ද හිතවත් ය. එහෙත්, ලංකා ඉස්සර වී තිබේ. උපුල් ශාන්ත සන්නස්ගලගේ ජනප්‍රියත්වය ලංකාට ද ජවිපෙ හැකියාවන් සන්නස්ගලට ද උපයෝගී වන අප්‍රකාශිත වානිජ ගනුදෙනුවක් මෙහි තිබෙනවා වෙන්නට පුළුවන. 'ඝන වූ සියල්ල වාෂ්ප වේ.ශුද්ධ වු සියල්ල කෙලෙසේ' මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයෙහි කළ සඳහන කොපමණ නිවැරදිදැයි පෙන්වන නිදසුනක් ලෙස ද මෙම පෝස්ටරය සැලකිය හැකි ය. ගෝර්කිගේ අම්මාගෙන් පසු උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා. ගෝර්කිට පසු උපුල් ශාන්ත සන්නස්ගල. අනේ පව් ගෝර්කි! මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com