Posts

Showing posts with the label උපුල් ශාන්ත සන්නස්ගල

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා අපූරු ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවකි

Image
උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා හොඳ ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවක් යයි සිතමි. එය යුගයක හරස්කඩක් රළු ලෙස සටහන් කරන්නකි. ඒ යුගය වනාහි හැටේ දශකයේ අගභාගයේ සිට වර්තමාන කාලය දක්වා විහිදෙන, රටේ ආර්ථිකය විවෘත වීම හරහා දැවැන්ත සමාජ විපර්යාසයකට ලක් වූ යුගයකි. උපුල් ස්පර්ශ කරන්නේ මේ යුගය තුළ මිනිස් සම්බන්ධකම්වල ඇති වූ පරිණාමයයි. එය ගැමි අශිෂ්ටත්වයේ සිට නාගරික පරමාදර්ශයන් වෙත සිදු වන චලනයකි. දිළිඳුකමේ පතුලේ එරෙමින් සිටි ගැමි පවුලක් සංවර්ධනය ඔස්සේ ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය අතර අඛන්ඩ අරගලයක් සමග පරිණාමය වන අයුරු ඔහු කදිමට සිත්තම් කරයි. සීමිත සම්පත් ප්‍රමාණයක් මැද අසීමිත කටුක, දිළිඳු දිවියක් ගෙවන මිනිස්සු එක පැත්තකින් නගරයට සිය නිෂ්පාදනය අලෙවි කිරීමෙන් ජීවනෝපාය සරි කර ගනිමින් සංවර්ධනය වන්නට දැවැන්ත අරගලයක යෙදෙති. එහෙත්, අර්තාපල්වලට වැළ‍ඳෙන අංගමාරය සේ ඔවුන්ගේ ජීවිත ද නිරතුරුව ම අනපේක්ෂිත විනාශයන්ගෙන් පීඩාවට පත් වේ. අසංස්කෘතික ජීවිතය හා එහි අංග වන කසිප්පු, පවුල් ආරාවුල්, ව්‍යභිචාරය හා ප්‍රචණ්ඩත්වය මැද ‍විමුක්තිය නිර්මානය වන්නේ අධ්‍යාපනය හා ගමින් පළා යාම තුළ ය. ගමින් පළා යන බඩපිස්සා වැනි මිනිස...

උපුල්ගේ කුකුළු කූඩුවෙන් රනිල්ගේ ධනවාදය හරහා සමාජවාදයට සංවාදයක්

Image
අපට ලෝකය වෙනස් කළ හැකි බලවත් ම ආයුධය අධ්‍යාපනයයි -නෙල්සන් මැන‍්ඩෙලා සිද්ධි දෙකක්. පළමුවැන්න තමයි අපි මෙහි සටහන් කළ උපුල්ගේ කුකුළු කූඩුවට රනිල් යාම. මෙතනදී අපට ඕනෑ වුණ ‍දේ ඇත්තට ම වුණා. අපට ඕනෑ වී තිබෙන්නේ අපේ ජීවිත නැවත ප්‍රශ්න කරන්නයි. එහෙම ප්‍රශ්න කරමින් ඒවා නැවත සමාජවාදී ලෙස අර්ථකථනය කරන්නයි අපට අවශ්‍ය. මේක සමාජවාදය ගැන න්‍යාය වපුරනවාට වඩා අමාරු ප්‍රායෝගික වැඩක්. මහින්දගේ ආණ්ඩුව, ඇමරිකාව, ඊශ්‍රායලය හෝ මුස්ලිම් අන්තවාදය ප්‍රශ්න කළ විට වගේ නෙමෙයි, තමන්ගේ ම ජීවිත ප්‍රශ්න කළ විට වැඩි දෙනෙක් කුපිත වෙනවා. අපට ඕනෑ වුණේ අධ්‍යාපනය ගැන සමාජවාදී විධියට හිතන්න පොළඹවන්න. සමාජවාදී අධ්‍යාපනය කියන්නේ මොකක් ද? සමාජවාදී අධ්‍යාපනය කියන්නේ පුළුවන් තරම් උපාධි නම අගට එකතු කර ගැනීම නෙමෙයි. වැඩිපුර ආදායම් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන උපාධි පසුපස හඹා යාමත් නොවෙයි. කොටින්ම කියනවා නම් ලංකාවේ වර්තමානයේ තිබෙන තරගකාරී අධ්‍යාපනය දේහය ම නොවෙයි. මම හිතන්නේ සමාජවාදී අධ්‍යාපනයක් විය යුත්තේ මිනිසාගේ නිර්මානශීලිත්වයට ප්‍රමුඛස්ථානය දෙන එකක්. මිනිසුන් අධ්‍යාපනය ලැබිය යුත්තේ පුද්ගලයාගේත්, මිනිස් සමාජයේත්, සොබාද...

උපුල්ගේ කුකුළු කූඩුවට ගිය රනිල්

Image
මේ ඔබේ දරුවාගේ පංතියයි හදිසි දොරටුව කොහිද? මේ සමග ඇති පිංතූරවල තිබෙන පංති කාමරය හෙවත් දේශන ශාලාවේ හැටි බලන්න. සිසුන්ට භාවිතාවට තිබෙන මේසයක පළල සෙන්ටිමීටර් කීය ද? වාඩි වෙන බංකුවක පළල සෙන්ටිමීටර් කීය ද? කෝ හේත්තු වන්නට ඇඳි. උපුල් ශාන්ත සන්නස්ගලගෙන් සිංහල උගත් පරපුරට සිංහල බැරි වන්නට එක් හේතුවක් මෙතැන තිබේ. මේ වනාහි කුකුළු කූඩු ය. රොටරි ශාලාවේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ටියුෂන් පංතියට ගිය රනිල් වික්‍රමසිංහ විසින් සිසුන් තුළ බලාපොරොත්තු දල්වන ලද අනාගතය තුළ මෙවැනි කුකුළු කූඩුවල දුක් විඳීමේ පාපයෙන් මිදෙන්නට ලංකාවේ ළමයින්ට අවස්ථාව ලැබේවා යි අපි පතමු. එසේම, ‍ජේසු ජීවමානයි පන්නයේ ඉන්ද්‍රජාලිකයන් වෙනුවට සැබෑ ගුරුවරුන් බිහි වේවා. බන්දුල ගුණවර්ධන සේ උපුල් ශාන්ත සන්නස්ගලත් ඔහුට සුදුසු තැනට ම යේවා. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන ම...

අනේ පව් ගෝර්කි!

Image
මෙය මේ දිනවල රට පුරා අලවා තිබෙන පෝස්ටරයකි. එහි කතා කරන්නට බොහෝ දේ තිබේ. ඒ නිසා ම එය ජවිපෙ ලංකා පුවත්පතට ලොකු ප්‍රචාරයක් වන්නට පුළුවන. ලංකා පුවත්පතේ තරගකරුවා ජනරළයි. එය ද මෙම මස යළි පළ වන්නට නියමිත ය. උපුල් ශාන්ත සන්නස්ගල ජනරළ සමග ද හිතවත් ය. එහෙත්, ලංකා ඉස්ස‍ර වී තිබේ. උපුල් ශාන්ත සන්නස්ගලගේ ජනප්‍රියත්වය ලංකාට ද ජවිපෙ හැකියාවන් සන්නස්ගලට ද උපයෝගී වන අප්‍රකාශිත වානිජ ගනුදෙනුවක් මෙහි තිබෙනවා වෙන්නට පුළුවන. 'ඝන වූ සියල්ල වාෂ්ප වේ.ශුද්ධ වු සියල්ල කෙලෙසේ' මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයෙහි කළ සඳහන කොපමණ නිවැරදිදැයි පෙන්වන නිදසුනක් ලෙස ද මෙම පෝස්ටරය සැලකිය හැකි ය. ගෝර්කිගේ අම්මාගෙන් පසු උපුල් ශාන්ත සන්නස්ගල‍ගේ අම්මා. ගෝර්කිට පසු උපුල් ශාන්ත සන්නස්ගල. අනේ පව් ගෝර්කි! මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com