කොස්ගොඩ කැස්බෑවා - රටක ම කෙස් බෑවා
කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකින් අතුරුදහන් වූ සුදු ඇල්බිනෝ කැස්බෑවකු ගැන ජාත්‍යන්තර මට්ටමේ ආන්දෝලනයක් ඇති විය. අංක එක මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වනාහි නීති විරෝධී තැන් ය. එහෙත්, ආණ්ඩුව කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීමේ කාර්යය හරියට කරනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි නිසා ඔවුන් කරන දෙයින් සේවයක් වන්නේ යයි ද අවශ්‍ය නම් තර්ක කළ හැකි ය. එහෙත්, දැන් ඉතින් මේවා අවසන් කරන්නට කාලය එළැඹ තිබෙන බව මෙම සුදු කැස්බෑ සිද්ධිය දෙස් දෙයි. මන්ද, කැස්බෑ හොරා එහි හිමිකරු ම බව ඔප්පු වී තිබෙන හෙයිනි. ඔහු කැස්බෑවා සිය දුවගේ ගෙදර සඟවා බොරු පැමිණිල්ලක් කර තිබේ. ඔහු කැස්බෑවා හොරෙන් විකුණන්නට හැදුවා විය හැකි ය. මාලදිවයිනේ හූනියම් කරන්නට මේ සුදු කැස්බෑවුන් යොදා ගන්නා බව වාර්තා විය. මෙම සිද්ධියට පැටලුණ ගායක අමල් පෙරේරා තැත් කර තිබෙන්නේ මාලදිවයින් ජාතිකයකුට කැස්බෑවා විකිණීමේ බ්‍රෝකර් වැඩකි. එය හරි ගිහින් නැත. හරි ගියා නම් අමල් පෙරේරා කැස්බෑවා මාලදිවයිනට පන්නන්නට සැලසුම් කරගෙන සිටි ආකාරය ද පරීක්ෂා කළ යුතු ය. ලෝකේ ඕනෑ තැනක තිබෙන මිථ්‍යා දෘෂ්ටි වැළඳ ගන්නා ලංකාවේ අයියලා වුණත් කැස්බෑ හූනිය...