ජනාධිපතිගේ ගිරව්, මාලි ඇතින්න හා ආණ්ඩුවේ හොර බළල්ලු

දන්ත ධාතුව වඩම්මාගෙන යන මාළිගාවේ ඇතාට සැදැහැවත්තු වඳිති.ඒ ඇත මහා වාසනාවන්තයකු යයි සිතති. පෙරහරවල වඩම්මන අලින් කොරගසමින් ඇවිදින්නේ ඇයිදැයි ඔබ සිතා තිබේද? අලංකාර වස්ත්‍රවලින් ඔවුන්ගේ සිරුරු හැඩ කර තිබුණත්, ඔවුන්ගේ පා අඩි අඩියකට, දෙකකට වඩා දුර තැබිය නොහැකි ලෙස යදමින් බැඳ තිබේ.

හීලෑ අලි, ඇතුන් හිමියකු වීම ධනවතුන්ගේ විලාසිතාවක් වී තිබේ. කලින් මෙය  පැරණි ධනවතුන්ට සීමා වී තිබුණු අතර දැන් අලුත් සල්ලිකා‍රයෝද කිසියම් පංතිමය තත්වයක් හිමිකරගන්නට එය කරති. 

සමහරු අලින් හොරකම් කරන්නද පෙළඹෙති.

'හීලෑ' අලියාගේ ජීවිතය ගැන තේරුම් ගන්නට අවශ්‍ය නම් මෙසේ සිතන්න. හිතන්න ඔබව මුළු ජීවිත කාලය පුරාම අඩි කීපයක් දිග දම්වැල්වලින් ගස්වලට බැඳ තිබෙනවාය කියා.  ඇවිදිනකොටත් ඔබට නිදහසේ පා තැබිය නොහැකි ලෙස පා ළං කර යදමින් බැඳ තිබෙනවාය කියා. මරණීය දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට හෝ ලක්ව සිටින පුද්ගලයකු පවා මෙවැනි තත්වයකට පත්ව නැහැ. කිසිදු ගැලවුමක් නැති මෙවැනි ජීවිතයක් ඔබට උරුම වුණොත් ඔබට පිස්සු නොහැදී තිබේවිද?

ඇතැමෙක් කියන පරිදි අලියා දියුණු මනසක් ඇති සතෙක්. එහෙමනම්, මේ හීලෑ අලින්ගේ මානසික තත්වය කොහොම ඇතිද?

ලංකාවේ පාලකයන් ඇතැම් වෙලාවට අලින් පිටරටට තෑගි කරනවා. මෙහි ඡායාරූපයේ සිටින 35 හැවිරිදි මාලි ඇතින්න ඉන්නේ පිලිපීනයේ මැනිලා නුවර සතුන් වත්තක. ඇය දශක තුනකට කිට්ටු කාලයක් තිස්සේ වෙනත් අලියකු දැක හෝ නැහැ. ඇගේ කූඩුවත් පුංචි එකක්. ලංකාවේ හීලෑ අලින්ට ලැබෙන 'වරප්‍රසාදයක්' වන ගඟක බැස නෑමේ අවස්ථාවවත් ඇයට ලැබෙන්නේ නැහැ. 

පරිසරවේදීන් ඉල්ලා සිටිනවා ඇයව තායිලන්තයේ රක්ෂිත වනයකට ගෙනගොස් නිදහස් කරන්නටය කියා. ඇයට මිනිසුන් විසින් කර තිබෙන විනාශය සුළුපටු එකක් නොවෙයි. 

අලින් මරාගෙන කන එක මේ ම්ලේච්ඡ හීලෑකිරීමට වඩා සෑහෙන්න ශිෂ්ටයි.

මාලිට නිදහස පතා මේ පෙත්සම අත්සන් කරන්න.

මිනිස්සු මේ ලෝකයේ පිහිටවූ රාජ්‍ය විසින් සතුන් රාජ්‍යයේ දේපල බවට පත්කරගෙන. 

අලුත්ම සිද්ධිය දන්නවද? ජනාධිපති මහින්ද රාජපක්ෂත් දැන් කුරුල්ලන් ඇතිකරනවා. නිකම් අය නොවෙයි, මැකෝ ගිරවුන්. එහෙම කුරුල්ලන් ඇතිකිරීම නීති විරෝධීයි. ඒත්, ජනාධිපති නීති කඩමින් කුරුල්ලන් සමග ඡායාරූප අරගෙන මාධ්‍යවලටත් නිකුත් කරනවා. (මිනිස් ශිෂ්ටත්වය සැලකිල්ලට ගනිමින් අපි රාජ්‍ය නායකයාඡායාරූප පළකරන්ේ නැහැ)

කකුළුවා හරහට යමින් උගේ පැටවුන්ට කෙළින් යන්න උගන්වන්නේ කොහොමද? 

දැන් ගොවිජන සේවා හා වනජීවී ඇමතිත් ජනාධිපතිමනේ. පසුගිය දිනවල මේ අමාත්‍යංශයේ ලේකම් ලියුමක් යවනවා එහි අදාළ නිලධාරීන්ට ගිරවුන්, ඇල්ලීම, ඇතිකිරීම හා විකිණීමට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න එපා කියලා. 

ඒ මදිවාට මුදල් අය කර‍ ඒ සඳහා බලපත්‍ර නිකුත් කරන්නත් කියලා.

වනජීවි හා වෘක්ෂලතා පනතේ මූලිකම අරමුණ මෙවැනි වානිජ අරමුණු වෙනුවෙන් සතුන් උපයෝගී කරගැනීම වළක්වන එක. 

දැන් කොහොමද වැඩේ?

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. සතුන්ට හිරිහැරයක් නොක‍ර සංස්කෘතික අංගත් ක‍රන්න පුලුවන් නම් තමඉ හොද, අලින් නම් පුදුම දුකක් තමයි විදින්නෙ,
    අඩුගානෙ පෙරහැර නොයන කාලෙටවත් උන්ට නිදහසෙ ඇවිදින්න පුලුවන් ඉඩ තියෙන තැනැක තියන්න පුලුවන් නම්.

    මම අහල තියෙන විදියටනම් ලංකාවෙ නිතියෙන් ලංකාවෙ පක්ෂීන් විත‍රයි කූඩු ක‍රන්න තහනම් පිට රටින් ගේන උන්ට තහනමක් නැහැ.

    ReplyDelete
  2. මලිත්, ඕක නෙවි මේ ලිපියේ කතාව.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ තම හිතුමතය ක්‍රියාත්මක කිරීමට හැකි පරිදි නීතිය මකා යලි අඹනවා.

    ඒ විකෘති කිරීමට අයත් වෙන්නෙ මානව හිමිකම් වලට බලපාන හදිසි නීතිය වගේ ඒවා පමණක් නොවෙයි බලාගෙන යද්දි. පොඩි පොඩි සිල්ලර නීති පවා වෙනස් කරගෙන කරගෙන යනවා.

    මේක උමතුවක්! තනිකරම උමතුවක්!

    ReplyDelete
  3. කතාව ඇත්ත උනත් පෙරහැරේයන අලියට වදිනවා කියන කතාව වැරදියි මම හිතන්නේ මිනිස්සු වදින්නේ ධාතු කරඩුව වඩම්මන අලියට නොව අලියා මත වඩම්මන ධාතුන් වහන්සේලාට කියායි.
    කෙසේනමුත් ඔබගේ අදහසට එකග වෙමි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා